ජයන්ත චන්ද්‍රසිරිගේ තිර රචනයේ සහ අධ්‍යක්ෂණයේ ඇති විශේෂතා පිළිබඳ ව විමර්ශනාත්මක අධ්‍යයනයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

1979 මෙරට රූපවාහිනි විකාශනය ආරම්භ වීමත් සමඟ මෙම නව මාධ්‍ය වටා බොහෝ ප්‍රේක්ෂකයන් ඒකරාශි විය. 90 දශකය පමණ වන විට රූපවාහිනී ටෙලිනාට්‍ය වඩාත් ජනප්‍රිය විය. එයට ප්‍රධාන හේතුව වූයේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරු ක්‍රම ක්‍රමයෙන් ටෙලිනාට්‍ය කලාව කෙරෙහි නැඹුරු වීමයි. පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, තිලක් ගුණවර්ධන, ජයන්ත චන්ද්‍රසිරි ඉන් කිහිපදෙනෙකි. ටෙලිනාට්‍ය තිරරචකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ, විචාරකයන්ගේ අවධානයට බොහෝසෙයින් පාත්‍ර විය. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ටෙලිනාට්‍ය සතුව විශේෂ ලක්ෂණ පවතීද, විශේෂ ලක්ෂණ පවතී නම් ඒ මොනවාද යන්න සොයා බැලීමයි. මෙම අධ්‍යයනය සඳහා මූලාශ්‍රය කොට ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි විසින් තිරරචනය කොට අධ්‍යක්ෂණය කරන ලද දඬුබස්නාමානය සහ වෙදහාමිනේ යන ටෙලිනාට්‍යයි. මෙම අධ්‍යයනයනට අනුව ඔහුගේ තිරපිටපත් රචනයේ සහ අධ්‍යක්ෂණයේ විශේෂතා කිහිපයක්ම හඳුනා ගත හැකිය. පාරම්පරික ශාස්ත්‍ර තේමා කොට ගෙන ජයන්ත චන්ද්‍රසිරි තම නිර්මාණ සිදු කොට තිබීම විශේෂත්වයකි. දඬුබස්නාමානය ටෙලිනාට්‍යය සඳහා පාරම්පරික සිංහල සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් කලාව තේමා කරගෙන ඇති අතර වෙදහාමිනේ ටෙලිනාට්‍යය දේශීය සිංහල ආයුර්වේද ක්‍රමය උපයෝගී කර ගෙන සුව කළ නොහැකි යැයි පිළිගෙන තිබූ දරුණු පිළිකා රෝගයක් විශ්මිත අයුරින් සුව කරන ආකාරය තේමා කරගෙන නිර්මාණය කර ඇත. මීට අමතරව පුද්ගල මනෝභාවයන් නිරූපණය කිරීම, පාරම්පරික වශයෙන් පුද්ගල සිතුම් පැතුම්, ආකල්පවල සිදුවන වෙනස්කම් නිරූපණය කිරීම, පංති විෂමතාව නිරූපණය, තත්කාලීන සමාජ තත්වයන් නිර්මාණාත්මකව නිරූපණය කිරීම වැනි විශේෂතා දක්නට ලැබේ. එමෙන්ම තේමාවට උචිත ලෙස ශබ්ද භාවිත කිරීම, කැමරා ශිල්ප ක්‍රමවල ඇති උචිත බව, සංකේත භාවිතය, ආලෝක භාවිතයේ ඇති විශේෂ ලක්ෂණ, නළුවරණයේ යෝග්‍ය බව යනාදි විශේෂතාද ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ සාර්ථක වීමට හේතු වූ බව නිගමනය කළ හැකිය.

Description

Citation

වීරකෝන් ජේ. බී. එස්. පවිත්‍රා බණ්ඩාර (2021), ජයන්ත චන්ද්‍රසිරිගේ තිර රචනයේ සහ අධ්‍යක්ෂණයේ ඇති විශේෂතා පිළිබඳ ව විමර්ශනාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 25p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By