රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවය සඳහා බලපාන ආර්ථික ල සමාජීය ල ප්‍රජාවිද්‍යාත්මක සාධක අධ්‍යයනය (ගම්පහ අධ්‍යාපන කොට්ඨාශය ඇසුරෙන්)

No Thumbnail Available

Date

2022

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka

Abstract

මෙම පර්යේෂණය සිදු කිරීමට ප්‍රථම ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය සඳහා බලපාන ආර්ථික සාධක පිළිබඳවත්, සමාජීය සාධක පිළිබඳවත්, ප්‍රජාවිද්‍යාත්මක සාධක පිළිබඳවත් දේශීය, විදේශීය වශයෙන් ඉදිරිපත් වී ඇති අර්ථ නිරූපණ හා පර්යේෂණ පිළිබඳව අධ්‍යයනය කරන ලදී. බොහෝ පර්යේෂකයින් ආර්ථික, සමාජීය හා ප්‍රජාවිද්‍යාත්මක සාධක ගත් කළ ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය සඳහා වැඩි වශයෙන් බලපාන සාධක ලෙස සමාජීය සාධකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවය සඳහා බලපාන සාධක අධ්‍යයනය කිරීම පිළිබඳව සිදු කර ඇති පර්යේෂණය ඉතා විරල වේ. එසේම ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය සඳහා බලපාන සාධක පිළිබඳව අධ්‍යයනය කළ ද ඒවා පොදුවේ ආර්ථික, සමාජීය හා ප්‍රජාවිද්‍යාත්මක සාධක වශයෙන් කාණ්ඩ කර වෙන වෙනම අධ්‍යයනය කර ඇති මෑත කාලීන පර්යේෂණයන් නොමැත. වර්තමානයේ පවතින Covid 19 වසංගතය හමුවේ සහ දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගී ගෙන එන විසඳුමක් නොලැබුණු ප්‍රශ්න හේතුවෙන් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවය වර්තමානය වන විට බෙහෙවින් වෙනස් වෙමින් පවතී. ඒ අනුව වර්තමානයට ගැලපෙන පරිදි රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තියට බලපාන සාධක කාණ්ඩ වශයෙන් ගෙන ආර්ථික, සමාජීය හා ප්‍රජාවිද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමේ අරමුණින් කරනු ලබන මෙම පර්යේෂණය කාලීන අවශ්‍යතාවයක් පූර්ණය කරනු ලබන බව කිව හැකිය. ගුරුවරයාගේ සුවිශේෂී කාර්යභාරය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉස්මතු කිරීමට උත්සාහ දැරීම නිසා ගුරු භූමිකාව වඩාත් පුළුල් අර්ථයෙන් විග්‍රහ කිරීමට හැකි වී ඇත. ගුරුවරුන් යනු දැනුමේ ප්‍රධාන පහසුකම් සපයන පුද්ගලයින් වන අතර ජාතියක් ගොඩනැගීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එබැවින් ගුරුවරුන්ගේ සේවා ස්ථාන වල සුවපහසුව ගැන සොයා බැලීම, පහසුකම් සැලසීම ඉතා වැදගත් වේ. ගුරුවරුන් තෘප්තිමත් වූ විට දැනුම, කුසලතා වර්ධනය වී ජාතියේ දියුණුව හා සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා තම යුතුකම් වඩාත් ඵලදායීව ඉටු කළ හැකිය (Van den Berg, 2002;Scott, Stone) Dinham, 2001). ගුරුවරයා තම වෘත්තිය පිළිබඳව සෑහීමකට පත් වීම සිසුන්ගේ ඉගෙනීමට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය. සමහර පර්යේෂකයින් තර්ක කරන්නේ තම කාර්යයට සහයෝගය නොදක්වන ගුරුවරුන් පන්ති කාමරයේ උපරිමයෙන් කටයුතු කිරීමට පෙළඹීමක් නොමැති බවයි. ඊට අමතරව, ඉහළ තෘප්තිමත්භාවයක් ඇති ගුරුවරුන් තම සේවා ජිවිතයේ බොහෝ අංශ පිළිබඳව සෑහීමකට පත් නොවන අයට වඩා පාසල් වෙනස් කිරීමට හෝ ගුරු වෘත්තියෙන් ඉවත් වීමට ඇති ඉඩකඩ අඩු බවය. ගුරුවරයෙකුගේ තෘප්තිමත්භාවයට බලපාන සාධක අතරට සහජ සාධක, බාහිර සාධක හා ජන විකාශන සාධක සහ ගුරුවරුයාගේ සහ පාසලේ තනි ලක්ෂණ ඇතුළත් වේ :ක්‍යදහ ැඑ ්කගල 1993*ග ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවයට බලපාන ප්‍රධාන සාධක මොනවාද? යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව වේ. මෙම ගැටලුව මත පදනම්ව ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවයට බලපාන ප්‍රධාන සාධක අධ්‍යයනය කිරීම මෙහි මූලික අරමුණු වේ. උප අරමුණු වශයෙන් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවයට බලපාන ආර්ථික සාධක අධ්‍යයනය කිරීම ලගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවයට බලපාන සමාජීය සාධක අධ්‍යයනය කිරීම ලගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවයට බලපාන ප්‍රජාවිද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීම සිදු කරයි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මඟින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු වර්තමානයේ ජාතික තලය ඉතා වැදගත් වේ. එනම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ අංශ සඳහා මෙම අධ්‍යයනය ඉතා වැදගත් වේ. මෙම පර්යේෂණ සිදු කිරීමේදී වර්තමාන Covid 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යයන ප්‍රදේශ සඳහා යාමට නොහැකි විය. එහිදී එම සීමා වලට අනුකූලව කටයුතු කරන ලදී.

Description

Keywords

Citation

හෙට්ටිආරච්චි එච්.ඒ.සී. සඳුනි (2021), රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිමත්භාවය සඳහා බලපාන ආර්ථික ල සමාජීය ල ප්‍රජාවිද්‍යාත්මක සාධක අධ්‍යයනය (ගම්පහ අධ්‍යාපන කොට්ඨාශය ඇසුරෙන්)., 7th National Research Conference on Applied Social Statistics 2022. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 103-111

Collections

Endorsement

Review

Supplemented By

Referenced By