ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
Abstract
ව්‍යවහාරික, ප්‍රාසාංගික හා ලේඛනගත කලාවන් ද පාරම්පරික දේශීය දැනුම් සම්භාරය පොදුවේ අස්පර්ශිත උරුමය ලෙස ගත හැක. එකී අස්පර්ශිත උරුමයෙන් පෝෂණය වූ ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත්වන ආදිවාසීන් (වැද්දන්) පෙන්වාදිය හැකිය. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ ආදීවාසීන්ගේ අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනය කොට එහි විවිධතා හඳුනාගැනීමයි. වැදි ජනතාවගේ අස්පර්ශිත උරුමයේ විවිධතා කවරේ ද? ඒ හා බැඳුන වැදි ජන ජිවිතය කෙබඳු ද? යන්න අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටළුව විය. පර්යේෂණය සාර්ථක කරගැනීම සඳහා සාහිත්‍යය මූලාශ්‍ර අධ්‍යයනය පර්යේෂණ ක්‍රමවේදය ලෙස යොදාගන්නා ලදීග මෙම පර්යේෂණ ක්‍රමවේදය ඔස්සේ විමර්ශනය කොට ලාංකික ආදිවාසී ජනතාවට ආවේණික වූ අස්පර්ශිත උරුමයේ විවිධතා පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට හැකිවිය. විශේෂයෙන් ආදිවාසීනට අනිකුත් ජන කොට්ඨාසයන්ගෙන් වෙන් වූ සංස්කෘතියක් ඇත. එම සංස්කෘතියට අයත් වූ සංස්කෘතික අංගයන් සහ ප්‍රවේණිගතව පැවත එන ව්‍යවහාර භාෂාව, ජනශ්‍රැති, යාතුකර්ම විධි, ඇදහිලි හා විශ්වාස, සාම්ප්‍රදායික තාක්ෂණය, ජීවන රටාව හා බැඳුන ආහාර කල්තබා ගැනීම් ක්‍රම, ආහාර වර්ග, අභිචාර විධි, දඩයම් ක්‍රම, කෙම් ක්‍රම, හා සිරිත්විරිත්, නිතිරීති එනම් තහංචි, වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම යනාදිය පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකිවිය. මෙම අස්පර්ශිත උරුමයන් අනිකුත් ජන සමාජවලින් වෙනස් වූවකි. වර්තමානය වන විට වැදි ජනතාව තුළින් ද මෙම උරුමය වියැකී යන තත්වයක් ද දක්නට ලැබේ.
Description
Citation
නාරද හිමි දෝතලුඔය (2022), ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන අස්පර්ශිත උරුමය පිළිබඳ අධ්‍යයනයක්, Yugathara Volume 4, Center for Heritage Studies, University of Kelaniya Sri Lanka. 64.