ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Center for Heritage Studies, University of Kelaniya Sri Lanka
Abstract
ශ්‍රී ලාංකේය කලාව ගොඩනැගිමේදී දේශපාලනික මැදිහත් විම අතීතයේ සිට ප්‍රබලව දක්නට ඇත. ලාංකේය දෘශ්‍ය කලාව බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත බිහිවිය. අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වා බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගොඩනැගුණු දේශපාලනික ආලේඛ්‍ය මුර්ති කලාව වර්ෂ 1818 දී යටත්විජීතයක් බවට පත්විමෙන් පසුව එම මුර්ති කලාව කැපී පෙනෙන විචල්‍යයතාවයක් දක්නට ලැබේ. එම දේශපාලන ආලේඛ්‍ය මූර්ති අතර වඩාත් කැපීපෙන, සමාජ හා දේශපාලන අරමුණ සහිත මෙන්ම පුරාවිද්‍යාත්මක උරුම වටිනාකමක් සහිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මූර්තිය, අධ්‍යයන විෂය පථය ලෙස හැඳින්විය හැක. මෙම පර්යේෂණ පත්‍රිකාවේ දී එම ස්මාරක මූර්තිය බිහි වූ අවධියේ දේශපාලන විචල්‍යතාවයන් සහ බලපෑ සමාජ දේශපාලන උත්ප්‍රේරණයන්ගේ මැදිහත්වීම කොතෙක් දුරට මූර්තිය ගොඩනැගීමට බලපෑම කළ ආකාරය සොයා බැලීම සිදු කෙරේ. එම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දේශපාලන ආලේඛ්‍ය මූර්තිය වර්තමානයේදී නාගරික අවකාශය ප්‍රසාරණය වීම, නව ඉදිකිරීම් සහ මූර්තිය ස්ථාපිත භූමි දර්ශනය සමඟ මූර්තියේ අර්ථකථනය ප්‍රති අර්ථ කථනය බිහිවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයිග
Description
Citation
ධර්මශ්‍රී සි.පී. (2022), ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්, Yugathara Volume 4, Center for Heritage Studies, University of Kelaniya Sri Lanka. 109.