යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා බෞද්ධ උපදේශනයේ උපයෝගීතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
සමාජයේ කුඩාම සහ වැදගත්ම තැනුම් ඒකකය පවුලයි. FAMILY යන ඉංග්‍රීසි පදයෙන් අර්ථවත් වන පවුල යන්න ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ රෝම සමාජයේ සරල ඥාති සමූහයක් ලෙස කියවෙන FIMILIA යන ලතින් පදය ඇසුරෙනි. නීත්‍යනුකූල හෝ චාරිත්‍රානුකූලව විවාහයකින් ගොඩ නැඟෙන ස්වාමි භාර්යා සබඳතාව පවුලේ පදනමයි. ඔවුන්ට දරුවන් ලැබීමත් සමඟ දෙමාපිය දූදරු සබඳතාව ගොඩනැඟී පවුල් ඒකකය පුළුල් වීම සිදුවේ. විවාහයට පත්වූ යුවලක් මඟින් හා ඔවුන්ගේ දරුවන්ගෙන් යුක්ත සමාජ ඒකකයක් ලෙසද මානව පවුල නිර්මාණයවී ඇත. මේ ආකාරයට පවුල සම්බන්ධයෙන් විවිධාකාර අර්ථකථන නිර්වචන පවතී. වර්තමානයේ පවුල යන්නෙන් අදහස් කරන්නේ කුඩා ගෘහස්ථ ඒකකයකි. නමුත් ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ පවුල් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙස හැඳින්විය නොහැකිය. පවුල නිර්වචන කිරීම ඉතාමත් අපහසු කාර්යයකි. පවුල ඉතාමත් පුළුල් පරාසයක විසිරී පැවතීමත් කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසාත් එහි විෂය සීමාව පුළුල් වීමත් එයට ප්‍රධාන හේතු ලෙස සඳහන් කළ හැකිය. වර්තමාන පවුල් සංස්ථාව වනාහි අවිධිමත් හා අසංවිධානාත්මක ඒකකයකි. විශාල වශයෙන් පවුල් ගැටලු උග්‍ර වෙමින් පවතී. දරුවන් කෙරෙහි මව්පියන් තුළ ඇති ආදරයත් මව්පියන් කෙරෙහි දරුවන් තුළ ඇති ආදරයත් සතුටෙහි විශාල උල්පතක් විය හැකිව තිබියදී වර්තමාන තත්වය අනුව මව්පියන් හා දරුවන් අතර ඇති සම්බන්ධය දුරස්ථවී පවුල් ගැටලු රාශියක් නිර්මාණය වී පවතී. ස්වාමියා භාර්යාව අතරද මෙසේ විවිධ හේතු සාධක මත පදනම්ව පවුල් ගැටලු නිර්මාණය වෙමින් පවතී. එසේ පවුල තුළ උද්ගත වන්නාවූ ගැටලු විසඳා සාර්ථක යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට නම් උපදේශනයක් අවශ්‍යය. බුදුන්වහන්සේ යහපත් පවුල් සංස්ථාව පිළිබඳව පවුල් සංස්ථාව තුළ සාමාජිකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් පවුල තුළ උද්ගත වන ගැටලු හා ඒවා මඟහරවා ගැනීමට අවශ්‍ය උපදේශනය සපයන ලද්දේ මීට වසර දෙදහස් පන්සියයකටත් පෙරය. පවුල් උපදේශන ක්‍රියාවලිය බුදුන්වහන්සේ නිරන්තරයෙන්ම සිදු කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම ත්‍රිපිටකාගත සූත්‍ර රාශියක්ම බුදුරදුන් යහපත් පවුල් උපදේශන ක්‍රියාවලියක් සිදුකර ඇති බවට සාක්ෂ්‍ය සපයයි. මිගසාල සූත්‍රය, මහා පරිනිබ්බාණ සූත්‍රය, කෝසම්බි සූත්‍රය, පරිසා සූත්‍රය ආදි සූත්‍ර නිදසුන් වශයෙන් සඳහන් කළ හැකිය. මේ ආකාරයට යහපත් පවුල් ජීවිතයක් ගතකිරීමට බෞද්ධ උපදේශනය කොතරම් දුරට උපයෝගී වන්නේද යන්න විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මුඛ්‍යතම අරමුණ වශයෙන් සඳහන් කළ හැකිය. අංගුත්තර නිකායේ උග්ගහ සූත්‍රය, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, ඉත්ථි බන්ධන හා පුරිස බන්ධන සූත්‍රය ආදි සූත්‍ර කිහිපයක් ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් අධ්‍යයනය කරමින් ද්විතීයික මූලාශ්‍රය ලෙස විවිධ විද්වතුන් විසින් රචිත පර්යේෂණ කෘති, ලිපි ආදිය උපයෝගී කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරනු ලැබේ.
Description
Citation
රාජපක්‍ෂ ආර්. පී. එස්. ඩී. (2021) යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා බෞද්ධ උපදේශනයේ උපයෝගීතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 51p.