මානව පුස්තකාල සංකල්පය ශ්‍රී ලංකාවේ පුස්තකාල පද්ධතිය සඳහා යොදා ගැනිමේ වැදගත්කම අධ්‍යනය කිරිම : කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලය හා අතුරුගිරිය මහජන පුස්තකාලය ඇසුරින්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka

Abstract

කාලානුරූපිව පුස්තකාල පද්ධතියට නවින සංකල්ප රාශියක් පැමිණ ඇත. ඒ අනුව මැතකදි පුස්තකාල ක්ෂේත්‍රයට පිවිසි ඉතා වැදගත් සංකල්පයක් ලෙස මානව පුස්තකාල සංකල්පය හදුන්වා දිය හැකි ය. සජිවි මානව පොතක් හා සම්බන්ධ වි තම අදහස් හුවමාරු කර ගැනිමට මානව පුස්තකාල හරහා අවස්ථාව ලබා දි තිබේ. මෙමඟින් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලය , අතුරුගිරිය මහජන පුස්කාල ඇසුරින් මානව පුස්තකාල සංකල්පය ශ්‍රී ලංකාවේ පුස්තකාල පද්ධතියට යොදා ගැනිමේ ඇති වැදගත්කම අධ්‍යනය කිරිම මුලික අරමුණ විය. මෙහි පර්යේෂණ ක්‍රමය ලෙස සමීක්ෂණ ක්‍රමය භාවිතා කෙරිණි. සංගහණය ලෙස ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පුස්තකාල හා මහජන පුස්තකාලයන් යොදා ගැණිනි . මෙහි අරමුණු සහගත නියැදිය භාවිත කරමින් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලය හා අතුරුගිරිය මහජන පුස්තකාලය තෝරාගෙන පාඨකයින් 150 ක් හා පුස්තකාලයාධිපතවරුන් 15 ක් හා කාර්යය මණ්ඩල 50 ක් සඳහා ව්‍යුහගත ප්‍රශ්නාවලි, කණ්ඩායම් සාකච්ඡා සහ නිරික්ෂණ මඟින් ද දත්ත එකතු කර ගන්නා ලදි. මෙහිදි මානව පුස්තකාල සංකල්පය ශ්‍රී ලංකාවේ පුස්කාල පද්ධතිය තුළ නිසි අයුරින් ව්‍යාප්ත වි නොමැති බව අනාවරණය විය . එසේම දැනට ශ්‍රි ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලය , අතුරුගිරිය මහජන පුස්තකාලය තුළ පුස්තකාල වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවන බව අනාවරණය විය. බෝහෝ පුස්තකාලාධිපතිවරුන් සම්ප්‍රදායික රාමුවකට සිමා වි සිටින බවත් නවින සංකල්ප තම පුස්තකාලය තුළ භාවිත කිරිමට ප්‍රියතාවයක් නොදක්වන බවත් , මානව පුස්තකාල සංකල්පය පිළිබඳව පුස්තකාලාධිපතිවරුන්ට ඇති අවබෝධය අවම බවත් අනාවරණය විය . මානව පුස්තකාල වැඩසටහන් සඳහා සහභාගිවිම සඳහා පාඨක උනන්දුව ද ඉහළ මට්ටමක පවතින බවත් අනාවරණය විය. පාඨකයින් වැඩි ප්‍රමාණයක් පොත්පත් පරිශිලනය වෙනුවට සජිවි පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වි තම අදහස් හුවමාරු කර ගැනිමට කැමැත්තක් දක්වනු ලැබේ. මානව පුස්තකාල සංකල්පය භාවිතයෙන් විදේශ රටවල් බෝහෝ ප්‍රයෝජන අත්පත් කර ගනු ලබයි. මෙවැනි වැඩසටහන් පුස්තකාලය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරිම සඳහා සෙසු පුස්තකාලවලටද මෙම සංකල්පය හදුන්වාදිමත් එහි ප්‍රයෝජන පැහැදිලි කිරිමත් ශ්‍රී ලංකා පුස්තකාල පද්ධතිය තුළ මෙම සංකල්පය ව්‍යාප්ත කිරිමත් ඉතාමත් වැදගත් වේ.

Description

Citation

Wijerathna, Kaushalya ( 2020). මානව පුස්තකාල සංකල්පය ශ්‍රී ලංකාවේ පුස්තකාල පද්ධතිය සඳහා යොදා ගැනිමේ වැදගත්කම අධ්‍යනය කිරිම : කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පුස්තකාලය හා අතුරුගිරිය මහජන පුස්තකාලය ඇසුරින්. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.44.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By