කථකලි නෘත්‍ය නාටකයෙහි ප්‍රභවය කෙරෙහි යක්ෂගාන නර්තන සම්ප්‍රදායෙහි දායකත්වය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
භාරතීය සම්භාව්‍ය නර්තන සම්ප්‍රදායක් වන කථකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රභවය සඳහා දක්ෂිණ භාරතීය ගැමි නාටකයන්හි දායකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ මූලික අරමුණ වේ. දක්ෂිණ භාරතය පුරා ව්‍යාප්තව පවතින ගැමි නැටුම් ඒ ඒ ප්‍රදේශයන්හි ආවේණික සංස්කෘතික ලක්ෂණ මුසු වීමෙන් නිර්මාණය වී ඇති අතර, කථකලි නර්තනය යනු දක්ෂිණ භාරතයේ ප්‍රචලිත සම්භාව්‍ය නර්තන සම්ප්‍රදායකි. දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීත සම්ප්‍රදාය හා චෙණ්ඩාව ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස උපයෝගී කරගනිමින් කථකලී නර්තනය රඟ දක්වන අතර, හින්දු ආගමික සංකල්පය මුල්බැසගත් නර්තන ශෛලියක් ලෙෂ ද පෙන්වා දිය හැකිය. හින්දු ආගමික සංකල්පය දක්ෂිණ භාරතීය ගැමිනාටකයන්හි ද බෙහෙවින් මුල්බැසගෙන ඇත. කථකලි නර්තනයේ ප්‍රභවය සඳහා දක්ෂිණ භාරතීය යක්ෂගාන නර්තන සම්ප්‍රදායෙන් කෙබඳු දායකත්වයක් ලැබෙන්නේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුවයි. මෙම පර්යේෂණයට අදාළ දත්ත ගවේෂණය කිරීමේදී සාහිත්‍ය මූලාශ්‍රය, ක්ෂේත්‍ර අධ්‍යයනය හා විද්‍යුත් මාධ්‍ය මඟින් තොරතුරු අධ්‍යයනය කිරීමට යොමු විය. ඒ අනුව කථකලි නර්තන සම්ප්‍රදාය හා යක්ෂගාන නර්තන සම්ප්‍රදාය සංසන්දනාත්මකව පිරික්සීමේදී එහි නර්තනය හා අනුශාංගින අංග පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීමේදී තහවුරු වන්නේ කථකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රභවයට දක්ෂිණ භාරතීය යක්ෂගාන නර්තන සම්ප්‍රදාය ඍජුවම බලපා ඇති බවය.
Description
Citation
ලක්ෂාන් ඒ. ඩබ්. ඒ. චමීර (2021), කථකලි නෘත්‍ය නාටකයෙහි ප්‍රභවය කෙරෙහි යක්ෂගාන නර්තන සම්ප්‍රදායෙහි දායකත්වය, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 6.