කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයට COVID 19 වසංගතයේ බලපෑම

No Thumbnail Available

Date

2020

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka

Abstract

කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරසයකි. මෙය චීනයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 250කට අධිකව ව්‍යාප්ත විය. මේ හේතුවෙන් ලංකාවේ සියලුම අංශ කෙරෙහී විශාල බලපෑමක් එල්ල විය. එමගින් අධ්‍යාපනය කෙරෙහිද විශාල බලපෑමක් සිදු විය. ඒ අනූව එම වෛරසය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල මාස 5ක් පමණ අඛණ්ඩව වසා දැමුණී. මෙලෙස විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනික, තාක්ෂණික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් ගැටලු පිලිබඳ අධ්‍යනය කිරීම මෙම අධ්‍යනයේ මූලික අරමුණ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් පොකුරු සසම්භාවී නියැදුම් ක්‍රමය මගින් තෝරාගන්නා ලදි. අධ්‍යනය සඳහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්‍රශ්ණමාලා ක්‍රමය මගින් දත්ත ලබාගන්නා ලදී. වගු හා ප්‍රස්තාර වැනි සරල සංඛ්‍යාන ක්‍රම මෙන්ම කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. කොරෝනා සමයේ ඇදිරි නීතිය දැමීම හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපන අවස්ථා බොහෝදුරට සීමා විය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී පොළොන්නරුව, අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශවල සිස ුන්ට තාක්ෂණික මෙන්ම ආර්ථික ගැටලු නිසා දේශණ වලට සහභාගී විමට නොහැකි විය. පළමු වසර හා දෙවන වසර සිසුන්ට එම අවස්ථාවද අහිමි වූ අතර මෙහිදී වැඩි වශයෙන් බලපෑම් එල්ල වූයේ ඔවුන්ටය. ඒ අනූව COVID 19 වසංගතය කැලණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපා ඇති බව දත්තවලට අනූව නිගමනය කළ හැකිය. විභාග කටයුතු සිසුන්ට පීඩනයක් නොවන ආකාරයට පැවැත්වීම, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීම, ඇගයීම් ලකුණු සාමාන්‍යයෙන් ලබාදෙන ප්‍රමාණයට වඩා වැඩි කිරීමට කටයුතු කිරීම කොරෝනා වෛරසය නිසා සිසුන්ට බලපෑ අධ්‍යාපන ගැටලු වලට විසදුමක් ලෙස යෝජනා කළ හැකිය.

Description

Keywords

කොරෝනා වෛරසය, අධ්‍යාපනය, විශ්වවිද්‍යාල සිසුන්

Citation

Madhushani, N.M.S.H.S., Amarakoon,B.G.T.H. and Sewwandi, D,B.M. (2020). කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අධ්‍යාපනයට COVID 19 වසංගතයේ බලපෑම. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.62.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By