ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ භාවිත වන ප්‍රාස්තාවික භාෂා ස්වරූපය වෙනත් ආයතනයන්හි භාවිත භාෂා ව්‍යවහාරයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorහේරත්, ඒ. එච්. එම්. මල්මි කවින්ද්‍යා
dc.date.accessioned2022-06-07T04:07:47Z
dc.date.available2022-06-07T04:07:47Z
dc.date.issued2021
dc.description.abstractප්‍රාස්තාවික භාෂා යනු කිසියම් වෘත්තියකට, විෂයකට, ආයතනයකට හෝ ආගමික ස්ථානයකට සුවිශේෂ වූ භාෂා ශෛලියයි. ඒ අතරින් ශ්‍රී ලාංකේය සමාජ පසුබිම තුළ අධිකරණ පද්ධතියෙහි භාවිත වන ප්‍රාස්තාවික භාෂා ශෛලියට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. අනෙකුත් රාජ්‍ය ආයතන හා සැසඳීමේදී අධිකරණ පද්ධතියට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව නම් එයටම ආවේණිකවූ වාග්ව්‍යවහාරයක් දක්නට ලැබීමයි. මෙම පර්යේෂණයෙහි අරමුණ වන්නේ අධිකරණ පද්ධතිය තුළ භාවිත වන උක්ත වාග්ව්‍යවහාරයේ ස්වරූපය අනෙකුත් ආයතනවල භාවිත වන වාග්කෝෂයෙන් වෙනස් වන ආකාරය පිළිබඳව පදිම විචාරාත්මකව අධ්‍යයනය කිරීමයි. අධිකරණ වාග්ව්‍යවහාරය, අනෙකුත් ආයතනවල වාග්ව්‍යවහාරයෙන් වෙනස් වන්නේද යන්න ප්‍රස්තූත පර්යේෂණයෙහි පර්යේෂණ ගැටලුවයි. මෙම පර්යේෂණයෙහි ක්‍රමවේදය වශයෙන් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය පාදක කර ගැනීම දැක්විය හැකිය. ඒ අනුව ප්‍රාථමික මූලාශ්‍රය ලෙස අධිකරණ පද්ධතියෙහි විවිධ කාර්යභාර නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා ඇසුරින්ද, අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය කිරීමෙන්ද දත්ත ලබා ගන්නා ලදි. මෙම පර්යේෂණය සඳහා අවැසි වූ අනිකුත් දත්ත තෝරා ගත් ආයතන කිහිපයකින් රැස් කර ගන්නා ලදි. මෙසේ රැස් කරගන්නා ලද දත්ත පදිම විචාරාත්මක සිද්ධාන්තවලට අනුකූලව විශ්ලේෂණය කරනු ලැබේ. ද්විතීයික මූලාශ්‍රය ලෙස ඒ හා සම්බන්ධ ග්‍රන්ථ හා සඟරා භාවිත කෙරිණි. වෘත්තීමය වශයෙන් වෙන් වූ භාෂා ස්වරූපයක් පවතින බැවින් වෙනත් ආයතනයන්හි භාවිත වාග්ව්‍යවහාරයන්ට වඩා වෙනස් වාග්ව්‍යවහාරයක් අධිකරණ පද්ධතිය තුළ භාවිත වන බව මෙම පර්යේෂණය මඟින් හඳුනා ගැනිණි. ඒ අනුව අධිකරණය හා අනෙකුත් ආයතන සැසඳීමේදී අධිකරණ පද්ධතිය තුළ සුවිශේෂ වූ ප්‍රාස්තාවික භාෂා ස්වරූප භාවිත වන බව මෙම පර්යේෂණයෙන් නිගමනය කළ හැකි ය.en_US
dc.identifier.citationහේරත් ඒ. එච්. එම්. මල්මි කවින්ද්‍යා (2021) ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ භාවිත වන ප්‍රාස්තාවික භාෂා ස්වරූපය වෙනත් ආයතනයන්හි භාවිත භාෂා ව්‍යවහාරයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 61p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24651
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅධිකරණ පද්ධතිය, ප්‍රාස්තාවික භාෂා, වාක් කෝෂය, වාග්ව්‍යවහාරය, වෘත්තියen_US
dc.titleශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ භාවිත වන ප්‍රාස්තාවික භාෂා ස්වරූපය වෙනත් ආයතනයන්හි භාවිත භාෂා ව්‍යවහාරයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 61.pdf
Size:
106.29 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections