නිවාස අභ්‍යන්තර ශාක නිර්මාණය හා මනෝවිද්‍යාව
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
මිනිසා විසින් අලංකාරය සඳහා මෙන්ම සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගෙනද තම නිවස තුළ විවිධ ශාක වර්ග රෝපණය කිරීමේ ඉතිහාසය රාවණ යුගය දක්වා ඈතට දිව යයි. රාවණ රජතුමා විසින් රචනා කරන ලදැයි සැලකෙන වෘක්ෂායුර්වේද ග්‍රන්ථයේ පවා ඒ පිළිබඳ සාකච්ඡා වී තිබේ. එසේ නිවෙස් තුළ ශාක රෝපණය කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ නිවැසියන්ගේ නිරෝගී බව රැක ගැනීමයි. විවිධ ශාක සඳහා ආවේණිකවූ විවිධ ලක්ෂණයන් අනුසාරයෙන් එහි ප්‍රතිඵල වඩ වඩාත් හොඳින් ජනයාට ලබා ගැනීමට වටිනා ක්‍රමවේදයන් අතීතයේ සිට අද දක්වාම නියම කොට තිබේ. පසුකාලීනව නිවාස තැනීමේ විකාසයත් සමග නිර්මාණය වූ මැද මිදුල් සංකල්පය නිවාස අභ්‍යන්තරයේ ශාක නිර්මාණයෙහි වැදගත් සන්ධිස්ථානයකි. වර්තමානයෙහි පවතින ඉඩ කඩෙහි ඇති සීමාසහිතභාවය හේතුවෙන් සමාජය වැඩි වශයෙන් නිවාස අභ්‍යන්තරය තුළ තම රුචිය පරිදි ශාක ස්ථාපනයට බොහෝ සෙයින් පෙලඹී ඇත. එනමුත් ගෘහ අභ්‍යන්තරයේ ශාක තැන්පත් කිරීම තුළ ඇති වන්නාවූ ගැටලුකාරී තත්වයන් මඟහරවා ගනිමින් ප්‍රායෝගිකව හා මනෝවිද්‍යාත්මකව මිනිසාට හිත සුව පරිදි නව ලෝකයට ගැලපෙන ලෙස ගෘහ අභ්‍යන්තර ශාක සැලසුම්කරණය කළ හැකිය. අද ලෝකයේ පවතින නොනවතින කාර්යබහුලත්වය හමුවේ, “නිවස වාසයට සුදුසුම ස්ථානයයි” යන මැයෙන් මිනිසාගේ මානසික සෞඛ්‍යය ගොඩ නැංවීමට මෙන්ම නිවස තුළ මතුවන යම් යම් ගැටලුකාරී තත්වයන් මඟහරවා ගැනීමට ශාක භාවිත කරන්නේ කෙසේද? යන්න මෙම පර්යේෂණයේ වැඩි දුරටත් නිරීක්ෂණයට ලක් වේ. මෙහි පර්යේෂණ ක්‍රමවේදය ලෙස පැරණි සහ නූතන වශයෙන් ඇති ශාක රෝපණ ක්‍රමවේද සහ සංකල්ප විශ්ලේෂණය කරනු ලැබේ. අතීත ඉගැන්වීම් හඳුනා ගැනීමට මූලාශ්‍රය ලෙස රාවණකෘත වෘක්ෂායුර්වේද ග්‍රන්ථයත් නූතන ක්‍රමවේද හඳුනාගැනීමට මූලාශ්‍රය ලෙස ඩේවිඩ් රොබ්සන් පඬිවරයා විසින් ජෙෆ්රි බාවාගේ ගෘහ අලංකරණය සහ ගෘහ නිර්මාණය පිළිබඳ රචිත පර්යේෂණ ග්‍රන්ථයන් ද පරිශීලනය කෙරේ. නිවැසියන්ගේ මානසික සෞඛ්‍යයට ධනාත්මකව බලපාන ආකාරයෙන් නිවෙසක් තුළ ශාක රෝපණය කරන ආකාරය පිළිබඳ නිර්ණායක හඳුනාගැනීම මෙම පර්යේෂණයෙහි අවසන් ප්‍රතිඵලයයි.
Description
Citation
සේනාරත්න දෙව්නි තාරුකා (2021), නිවාස අභ්‍යන්තර ශාක නිර්මාණය හා මනෝවිද්‍යාව, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 34p.