කොරියානු භාෂාවේ සහ සිංහල භාෂාවේ රූඪි පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorරණවීර, ආර්. එල්.
dc.date.accessioned2023-02-03T05:43:19Z
dc.date.available2023-02-03T05:43:19Z
dc.date.issued2022
dc.description.abstractකොරියානු භාෂාවේ “관용어” (gwan-yong-eo) යනු පද දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වී නිර්මාණය වන ව්‍යංග්‍යාර්ථවාචී ප්‍රකාශ වේ. මේවා සිංහල භාෂාවේ ඉඟිවැකි හා රූඪි සමඟ සැසඳෙන අතර, ඒවා විදේශ භාෂකයින්ට තේරුම් ගැනීමට ද අපහසු බවක් හඳුනාගත හැකිය. ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය තුළ වුව ද ,관용어, පිළිබඳ අධ්‍යයනයට අවස්ථාව හිමි වන්නේ ඉතා අඩු වශයෙනි. මෙවැනි අධ්‍යයනයක් මෙතෙක් සිදුව ඇති බවක් හඳුනාගත නොහැකියි. මෙම පර්යේෂණයේ ප්‍රමුඛ අරමුණ වන්නේ ලංකාවේ කොරියානු භාෂා ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රයෝජනයට සිංහල හා කොරියානු රූඪි ලැයිස්තුවක් සකස් කිරීමයි. පර්යේෂණයේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දැනට භාවිත වන සියලු කොරියානු රූඪි යොදා ගැනීම යෝග්‍ය නමුත් එය ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා Danielle O. Pyun මහතාගේ ‘500 Common Idioms’ නම් ග්‍රන්ථය සහ Gao Shan ගේ ‘චීන ජාතිකයන් සඳහා කොරියානු රූඪි ලැයිස්තුවක් සකස් කිරීම හා ඉගෙනුම් ක්‍රමවේද’ නම් කොරියානු බසින් ලිඛිත පශ්චාත් උපාධි පර්යේෂණ වාර්තාව ආශ්‍රිතය. මෙහි ඇති කොරියානු රූඪි අතුරින් අහඹු ලෙස තෝරා ගත් 200ක ලැයිස්තුවක් සකස් කොට එහි ඇතුළත් කොරියානු රූඪි, සිංහල රූඪි සමඟ සසඳා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට පහසු පරිදි A,B,C,D ලෙස කොටස් (මට්ටම්) 4කට වර්ග කෙරුණි. එනම්: A- සමානාර්ථ දෙන සිංහල හා කොරියානු රූඪි, B- රූඪියේ අර්ථය සමාන නමුත්, වැකියේ වාච්‍යාර්ථයේ අර්ධයක් පමණක් සමාන සිංහල හා කොරියානු රූඪි, C - අර්ථයන් සමාන වුව ද වැකි එකිනෙකට වෙනස් සිංහල හා කොරියානු රූඪි සහ D - සිංහල භාෂකයින්ට ආගන්තුක කොරියානු භාෂාවට ආවේණික රූඪි යනුවෙනි. මෙහි දී A – 23, B – 17, C – 80, D - 80 වශයෙන් ප්‍රමාණ වන ලැයිස්තුවක් සැකසීය. මෙමගින් ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට පමණක් නොව කොරියානු භාෂාව හදාරන ලාංකිකයන්ට ද 관용어 පිළිබඳ දැනුම ලබා ගැනීමට, දෙරටේ සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීමට මෙන් ම එහි විවිධතා පිළිබඳ ව ද අවබෝධ කර ගැනීමට හැකියාව ලැබීම මේ පර්යේෂණයේ ප්‍රතිඵලයි.en_US
dc.identifier.citationරණවීර ආර්. එල්. (2022), කොරියානු භාෂාවේ සහ සිංහල භාෂාවේ රූඪි පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 57.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25888
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subject관용어, කොරියානු රූඪි, සිංහල රූඪි, රූඪි ලැයිස්තුව, සංස්කෘතික ලක්ෂණen_US
dc.titleකොරියානු භාෂාවේ සහ සිංහල භාෂාවේ රූඪි පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 57.pdf
Size:
240.12 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections