පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම

dc.contributor.authorධර්මරත්න, කේ. ඒ. ශෂි සඳලංකා
dc.date.accessioned2022-06-03T08:41:09Z
dc.date.available2022-06-03T08:41:09Z
dc.date.issued2021
dc.description.abstractපිරිත යනු උවදුරු දුරු කරවා ගැනීම සඳහා බෞද්ධ සංස්කෘතිය තුළ දක්නට ඇති ප්‍රධාන සංස්කෘතිකාංගයකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදීම ආරක්‍ෂාව පතා විවිධ උවදුරු දුරුකර ගැනීම පතා පිරිත් දේශනා කොට ඇති බව බෞද්ධ සාහිත්‍යයේ එන සිදුවීම්වලින් අනාවරණය වේ. දීඝායු කුමාරයා සඳහා පිරිත් දේශනා කිරීමද, විශාලා නුවර තුන් බිය දුරු කර ගැනීම සඳහා පිරිත් දේශනා කිරීමද, මෙත්ත සූත්‍රය දේශනාවේ පසුබිමද, බොජ්ඣංග දේශනාද, ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. පසු කලකදී පිරිත ආරක්‍ෂක මන්ත්‍ර විධියක් ලෙස බුදුසමය පැතිර ගිය සෑම බෞද්ධ රටකම භාවිත වන අයුරු දැක ගත හැකිය. ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජ පසුබිම අධ්‍යයනය තුළින්ද මෙය සනාථ වේ. දුරාතීතයේ සිට ශ්‍රී ලාංකේය බෞද්ධයන් පිරිත ආරක්‍ෂක මන්ත්‍ර විධියක් ලෙස භාවිත කොට ඇති බව තහවුරු වේ. ඔවුන්ගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී පිරිත් දේශනා පවත්වා ගන්නා අයුරු දැක ගත හැකිය. සිංහලයා පිරිතෙන් ඉපදී පිරිතෙන් මිය යන ජාතියක්ය යන ව්‍යවහාරය ගොඩ නැගී ඇත්තේද මේ හේතුවෙනි. සිංහල බෞද්ධයාගේ ජීවිතයට පිරිත එතරම්ම සමීප වේ. ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ නව පිරිත් සූත්‍රද පිරිත් දේශනා පැවැත්වීමේ විවිධ ක්‍රමද ඒ ඒ පිරිත් දේශනා සඳහා සිදු කරනු ලබන අභිචාරාත්මක පිළිවෙත්ද දැක ගත හැකි වේ. පිරිත් දේශනාව සමඟ කලාව ද ඒකාබද්ධව පවතින අයුරු පිරිත් මණ්ඩපය හා සංගීත භාණ්ඩ භාවිතයෙන් දැකගත හැකිය. පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම ඉස්මතු කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. එය ආගමික හා සංස්කෘතික කාර්යභාරයකි. පිරිත පිළිබඳ උනන්දු වන්නන්ටද පිරිත පිළිබඳ ශාස්ත්‍රීයව හදාරන්නවුන්ටද මෙම අධ්‍යයනය දායකත්වයක් සපයනු ඇත. සාහිත්‍යය මූලාශ්‍රය අධ්‍යයනය මෙහි ප්‍රධාන පර්යේෂණ ක්‍රමවේදය වන අතර සම්මුඛ සාකච්ඡා මගින් හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් ද තොරතුරු ඒකරාශී කිරීමට අපේක්‍ෂා කෙරේ.en_US
dc.identifier.citationධර්මරත්න කේ. ඒ. ශෂි සඳලංකා (2021), පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 44p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24634
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectපිරිත, සිංහල සමාජය, ආගම, සංස්කෘතියen_US
dc.titleපිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 44.pdf
Size:
98.36 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections