කොරෝනා වසංගතය සමඟ සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන පිළිබඳ වාග්විද්‍යාත්මක විශ්ලේෂණයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Computing and Technology (FCT), University of Kelaniya, Sri Lanka

Abstract

2019 වර්ෂය අග භාගයේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වසංගත තත්වය ලෝකයේ රටවල් රැසකට ව්‍යාප්ත විය. 2020 වර්ෂයේ මුල් කාලයේ ශ්‍රී ලංකාවෙන් මෙම වෛරසය හඳුනාගත් අතර එය දරුණු වසංගත තත්ත්වයක් ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත විය. මෙය පෙර පැවති වසංගත තත්වයක් නොවූ බැවින් ඊටම සරිලන අයුරින් නීති රීති, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය ආදි ක්ෂේත්‍ර රැසක නව්‍යතා සිදු විය. මේ නිසා මෙම වසංගත තත්වය සමඟ සිංහල භාෂාවට නව වචන රැසක් ප්‍රවේශ වීම දැකගත හැකිය. නිරෝධායනය, සංචරණ සීමා, මාර්ගගත ක්‍රමවේදය, මුහුණු ආවරණ ආදි වචන රැසක් එදිනෙදා භාවිතයට සිංහල භාෂාවට ප්‍රවේශ විය. මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සියදෙනෙකු ආශ්‍රයෙන් ලබා ගත් වචන ලැයිස්තුවක් උපයෝගී කොට ගනිමින් ඉහත දී සඳහන් කළ අයුරින් එක් එක් ක්ෂේත්‍රයට අදාළ වචන වෙන් කොට වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකරයි. එමගින් සමාජ වාග්විද්‍යාත්මකව මෙන්ම සංස්තිථික වාග්විද්‍යාත්මකවද මෙලෙස සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන පිළිබඳ අධ්‍යයනය කෙරේ. එමෙන්ම මෙලෙස සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන අතර වෙනත් භාෂාවකින් ප්‍රවේශ වූ වචන මෙන්ම පෙර සිංහල භාෂාවේ පැවති නමුත් මෙම වසංගත තත්ත්වය සමඟ වෙනස්ම අර්ථයකින් භාවිත වන වචනද දැකගත හැකි බැවින් ඍධෑකරණය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරේ. මෙලෙස කොරෝනා වසංගතය සමඟ සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන පිළිබඳ වාග්විද්‍යාත්මකව අධ්‍යයනය මඟින් එම වචන නිවැරදි අර්ථයේ යොදා ගැනීම පහසු වීම, පෙර භාවිත අර්ථය හා නව අර්ථය පැහැදිලිව හඳුනාගත හැකිවීම, ශබ්ද විද්‍යාත්මකව හා පදිම වෙන්කොට දැක්වීම මඟින් නිවැරදි උච්චාරණය හඳුනාගත හැකිවීම ආදි වැදගත් අරමුණු රැසක් ඉටුකර ගත හැකි අතරම සමාජ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරන්නෙකුටද මෙම පර්යේෂණය ඉතා වැදගත් වේ. ඒ අනුව කොරෝනා වසංගතය සමඟ සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන පිළිබඳව වාග්විද්‍යාත්මකව සිදුකෙරෙන මෙම අධ්‍යයනය මඟින් ඍධෑකරණය, භාෂා සංස්තිථිය හා සමාජ වාග්විද්‍යාත්මක පසුබිම පිළිබඳ කරුණු රැසක් හෙළි වේ.

Description

Citation

සෙනෙවිරත්න කේ. එල්. චතුමිණි සෙව්වන්දි (2021කොරෝනා වසංගතය සමඟ සිංහල භාෂාවට ප්‍රවේශ වූ වචන පිළිබඳ වාග්විද්‍යාත්මක විශ්ලේෂණයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 14p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By