කාව්‍යශේඛරයෙහි අන්තර්ගත බෞද්ධ මනෝ උපදේශන ක්‍රම ශිල්ප

dc.contributor.authorවිජයන්ත, එච්. දේශාන්
dc.date.accessioned2022-06-01T06:57:41Z
dc.date.available2022-06-01T06:57:41Z
dc.date.issued2021
dc.description.abstractකාව්‍යශේඛරය හෙළ සාහිත්‍යවංශයෙහි මහාකාව්‍ය ලෙස සඳහන් කළ හැකිය. මහාකවි කාලිදාසයන්ගේ මේඝදූත මහාකාව්‍යයට දෙවෙනි නොවන්නාවූ මෙම අනර්ඝ නිර්මාණය සත්තුභත්ත ජාතකය ඇසුරින් රචනා වී ඇති අතර මෙහි අන්තර්ගතය උපදේශනාත්මක හරයකින් සමන්විතය. සාහිත්‍ය මූලාශ්‍රය මත පදනම්ව සිදුකරන මෙම පර්යේෂණ අධ්‍යයනයෙහි මූලික පරමාර්ථය වනුයේ එහි අන්තර්ගත උපදේශනාත්මක වැදගත්කම හඳුනාගැනීමයි. මෙහි පර්යේෂණ ක්‍රමවේදය නම් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයයි. බෞද්ධ ජාතක කතාවක් පදනම් කරගෙන රචනා වී ඇති මෙහි අන්තර්ගතය සලකා බලන කල එහි දක්නට ලැබෙන්නේ විසිඑක්වන සියවසෙහි භාවිත උපදේශන ස්වරූපයන්ය. වත්මන් උපදේශකවරුන් විසින් උපයෝගී කරගනු ලබන උපදේශන ස්වරූපයන් වන තනිපුද්ගල උපදේශනය, කණ්ඩායම් උපදේශනය හා පවුල් උපදේශනය යන ක්‍රමවේද මෙහිදී හදුනාගත හැකිය. දේවතාවකු විසින් අතරමඟදී කරනු ලබන ප්‍රකාශයක් හේතුකොටගෙන බමුණකු ඉමහත් ලෙස බියට පත්වන අතර මෙහි එන සේනක පඬිතුමා බමුණාගේ ගැටලුව හඳුනාගැනීම සඳහා යොදාගනු ලබන ප්‍රවේශය, වත්මන් උපදේශකවරයකු සේවාලාභියකු තමා වෙත පැමිණි කළ යොදාගනු ලබන මනෝවිද්‍යාත්මක ප්‍රවේශයට බෙහෙවින් සමානය. සේනක පඬිතුමාගේ චරිතය මඟින් විද්‍යමාන වන්නේ වත්මන් උපදේශකවරයකුගේ භූමිකාවයි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් මෙම චරිත සාහිත්‍යමය වශයෙන් පණගැන්වීම මඟින් තත්කාලීන සහ සර්වකාලීන ජනතාවට ඉමහත් උපදේශනාත්මක අභිවෘද්ධියක් සැලසෙනු නියතය- එමෙන්ම එමඟින් ගම්‍යවන්නේ දැනට ශතවර්ෂ ගණනාවකට පෙර විසූ බෞද්ධ ජනතාවට බුදු දහමේ ආභාසයෙන් ඉතා විශිෂ්ට උපදේශනයක් හිමි වූ බවයි. මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ බටහිර ලෝකයා සිතන්නටත් පෙර බුදු දහමේ ආශීර්වාදයෙන් බෞද්ධ ජනයා උපදේශන සේවාවන් ලබාගත් බවයි. මෙම පර්යේෂණ දත්ත සහ ප්‍රතිඵල උපයෝගී කරගෙන අනාගතයේදී මෙම ක්ෂේත්‍රයෙහි බෞද්ධ උපදේශනය ඇසුරින් පර්යේෂණ කිරීම සඳහා නව දොරටු විවර කරගත හැකිය. නව ආකෘති ගොඩනැඟිය හැකිය- ශ්‍රී ලංකාවට උපදේශනය ආධුනික විෂයයකි. ගෝලීය ප්‍රජාවට බෞද්ධ උපදේශනය ආධුනික විෂයයකි. මෙම අංශ දෙක සාර්ථක ලෙස ඒකාබද්ධ වුවහොත් බෞද්ධ ලෝකය තුළ පමණක් නොව සමස්ත ලෝකය තුළම බෞද්ධ උපදේශනය ජනප්‍රිය වනු ඇති අතර මනුෂ්‍යයාට මෙම වටිනා දහමෙහි ආලෝකයෙන් තම ජීවිත ආලෝකවත් කරගැනීමට ද මාහැඟි අවස්ථාවක් හිමිවනු ඇත.en_US
dc.identifier.citationවිජයන්ත එච්. දේශාන් (2021), කාව්‍යශේඛරයෙහි අන්තර්ගත බෞද්ධ මනෝ උපදේශන ක්‍රම ශිල්ප, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 10p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24597
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඋපදේශනය, කාව්‍යශේඛරය, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, බෞද්ධ උපදේශන ක්‍රම ශිල්ප, මනෝවිද්‍යාවen_US
dc.titleකාව්‍යශේඛරයෙහි අන්තර්ගත බෞද්ධ මනෝ උපදේශන ක්‍රම ශිල්පen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 10.pdf
Size:
99.77 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections