රූපවාහිනියේ සංස්කෘතික බලපෑම

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka

Abstract

විසිවන සියවසේ සිදු වූ වඩාත් සුවිශේෂී වූ සමාජීය සිද්ධිය නම් රූපවාහිනිය හඳුන්වාදීමය. වර්තමානය වන විට රූපවාහිනිය සමාජානුයෝජනයේ ප්‍රබල නියෝජිතයෙකු බවට පත් වී අවසානය. පාරිභෝගික සමාජානුයෝජනය සඳහා රූපවාහිනියේ බලපෑම අතිවිශාල කරුණකි. මෙහිදී පර්යේෂණ ගැටලුව ලෙස යොදාගන්නා ලද්දේ, රූපවාහිනිය මඟින් දේශීය සංස්කෘතියට බලපෑමක් එල්ල වී තිබේද? යන්නය. රූපවාහිනිය සංස්කෘතියට කවරාකාරයේ බලපෑමක් එල්ල කර තිබේද යන්න මෙම පර්යේෂණයේ අරමුණ වේ. රූපවාහිනිය තුළ දැන්වීම කලෙක පටන් අපගේ සංස්කෘතියෙහි අනිවාර්ය සහ නිරායාස අංගයක් බවට පත්ව තිබෙන බව ද නොරහසකි. එය ශ්‍රී ලාංකික අනන්‍යතාවයටද බලපෑමක් එල්ල කර ඇත. වර්තමානය වන විට සංස්කෘතික විසරණය හා සංස්කෘතික සම්පර්කය වී ඇති ආකාරය දක්නට ලැබේ. එනම් වර්තමානය වන විට රූපවාහිනිය සරල දැන්වීමකින් පවා ගෝලීයකරණය තුළින් අපගේ සංස්කෘතියට බලපෑමක් එල්ල කර බටහිරකරණය අත්පත් කර ගැනීමට සමත් වී තිබෙන අතර වර්තමානය වන විට සංස්කෘතිය නෙරපා දැමීමට සමත් වූ කරුණක් ලෙස සමාජ ගත වී ඇත. අප රූපවාහිනියේ සංස්කෘතික බලපෑම කෙතරම් දුරට සමාජයට බලපෑම් එල්ල කළේ ද යන්න සිදු කරනු ලබන පරීක්ෂණයේදී පර්යේෂණයට භාජනය කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සියලුම විද්‍යාර්ථීන්ය. සංගහණනය සෑම නියැදුම් ඒකකයකටම නියැදියට ඇතුලත් වීම සඳහා සමාන සම්භාවිතාවයක් ලැබෙන පරිදි ඒකකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය වන සරල සසම්භාවී නියැදුම් ක්‍රමය යටතේ පාලන නියැදියක් ලෙස සිසුන් ඇතුලත් වන පරිදි නියැදිය තෝරා ගන්නා ලදී. ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය භාවිත කර එමඟින් ලැබෙන්නා වූ දත්ත මධ්‍යයනය, ප්‍රතිශතය වැනි විශ්ලේෂණාත්මක ක්‍රම භාවිත කරමින් විශ්ලේෂණය කරන ලදී. පර්යේෂණ දත්ත වලට අනුකූලව නිගමනය කල හැකි වූයේ, රූපවාහිනියේ සංස්කෘතික බලපෑම සංස්කෘතික සම්පර්කයන් දක්වා සමාජයට අහිතකර බලපෑමක් එල්ල වී තිබෙන අතර එතුළින් දේශීය සංස්කෘතිය විනාශ වී ගොස් තිබේ. එම ගැටලුව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරන පැරණි සංස්කෘතියට ද නොවැළැක්විය හැකි ලෙසින් බලපෑම් එල්ල කර ඇත.

Description

Citation

Weerasingha, D.N., Tharuka, M.G. Rashmi (2020). රූපවාහිනියේ සංස්කෘතික බලපෑම. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.50.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By