මධ්‍ය සිංහල යුගයේ හලන්ත අක්ෂර භාවිතය පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorරන්තරු, ජයමාල් ටී. ජී.
dc.date.accessioned2022-06-06T06:49:16Z
dc.date.available2022-06-06T06:49:16Z
dc.date.issued2021
dc.description.abstractමහාචාර්ය විල්හෙම් ගයිගර්ගේ හා ශබ්දකෝෂකරුවන්ගේ භාෂාමය යුග වර්ගීකරණයට අනුව ක්‍රි. ව. 8 වන සියවසේ සිට ක්‍රි. ව. 13වන සියවසේ මධ්‍ය භාගය දක්වා වූ කාල පරිච්ඡේදය මධ්‍යතන සිංහල අවධිය ලෙස සැලකේ. අනුරාධපුර යුගයේ අවසාන භාගයත්, පොළොන්නරු යුගයත්, දඹදෙණි අවධියේ මුල් භාගයත් යන යුග තුනක් හා සම්බන්ධ වන මධ්‍යතන යුගය සිංහල භාෂාවේ කැපී පෙනෙන වෙනස්කම් හා විකාසනයක් පෙනෙන අවධියකි. ඇ කාරය, අනුස්වාරය, දීර්ඝ ස්වර, මහාප්‍රාණ අක්ෂර භාවිත කිරීම, අර්ධානුනාසික්‍ය අක්ෂරවල ප්‍රභවය, සංස්කෘත භාෂාවේ බලපෑම, තත්භව සම්ප්‍රදායට වඩා තත්සම සම්ප්‍රදායට නතු වීම, රචනා ශෛලියේ වෙනස්වීම ආදි භාෂාවේ විශාල වෙනස්කම් පැවතිණ. ඒ අතරින් හලන්ත අක්ෂර බහුල ලෙෂ භාවිතයට පැමිණිමද සුවිශේෂ වේ. එහෙත් ප්‍රාකෘත යුගයේ හෝ පුරාතන යුගයේ හලන්ත අක්ෂර භාවිත කිරීමක් හඳුනාගත නොහැකිය. ශිලාලේඛනවලදී සිද්ධම් යන වචනය පමණක් දැක්වෙන නමුදු සෙසු කිසිදු වචනයක හෝ ලේඛනයක හලන්ත භාවිත නොවුණි. මෙසේ නොතිබුණු හලන්ත භාවිතයක් මධ්‍ය සිංහල යුගය වන විට සිංහල භාෂාව කෙරෙහි දැඩිව බලපානු පෙනෙයි. දැනට විද්‍යමාන පැරණිම ගී වන සීගිරි ගී මෙන්ම මධ්‍යතන යුගයේ ලියවුණු ගැරඬිගල ශිලාලේඛනය, සිව්වන මිහිදු රජුගේ වේවැල්කැටිය හා මිහින්තලා පුවරු ලිපි ආදිය විමසන විට ඒ බව මැනවින් පැහැදිලි වේ. එහෙත් මධ්‍ය සිංහල යුගය අවසන් වීමට පෙරම හලන්ත භාවිතය අභාවයට යෑම සුවිශේෂත්වයකි. එහෙයින් මධ්‍ය සිංහල යුගයේදී හලන්ත භාවිතයට පැමිණිමටත් එම යුගයේදීම භාවිතයෙන් වියැකී යාමටත් බලපෑ හේතු සාධක විමසීම මෙම පර්යේෂණයෙන් අපේක්ෂා කෙරේ. ඒ උදෙසා සාහිත්‍ය මූලාශ්‍රය තොරතුරු ඔස්සේ අධ්‍යයනය සිදුකරන අතර එහිදී මධ්‍ය සිංහල යුගයේ ලියවුණු සීගිරි ගී ඇතුළු ගී කාව්‍යයත්, බණපොත්, ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ, ශිලාලේඛන සහ තත්කාලීන සමාජ තොරතුරුද උපකාරි කර ගැනේ. මෙම අධ්‍යයනය මඟින් මධ්‍යතන යුගයේ සිංහල භාෂාවේ විශේෂිත ලක්ෂණයක් වූ හලන්ත භාවිතයට පැමිණියේ කවර සාධක නිසාද යන්නත් එය සිංහල භාෂාව කෙරෙහි කළ බලපෑමත් මෙන්ම එය අභාවයට යෑම සිදු වූයේ ඇයිදැ’යි යන්න පිළිබඳ අවබෝධ කර ගැනීමෙහිලා මෙම පර්යේෂණය වැදගත් වෙතැ’යි අපේක්ෂා කෙරේ.en_US
dc.identifier.citationජයමාල් ටී. ජී. රන්තරු (2021), මධ්‍ය සිංහල යුගයේ හලන්ත අක්ෂර භාවිතය පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 48p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24638
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectමධ්‍ය සිංහල යුගය, සිංහල භාෂාවේ විකාසනය, හලන්ත අක්ෂර, අක්ෂර පරිණාමයen_US
dc.titleමධ්‍ය සිංහල යුගයේ හලන්ත අක්ෂර භාවිතය පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 48.pdf
Size:
98.7 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections