කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් හින්දී භාෂාව විෂයයක් ලෙස තෝරා ගැනීමේ ප්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorඅතපත්තු ., ඒ. එම්. එස්. ජේ. බී
dc.date.accessioned2023-02-03T05:50:02Z
dc.date.available2023-02-03T05:50:02Z
dc.date.issued2022
dc.description.abstractනූතන ඉන්දු ආර්ය භාෂාවක් වන හින්දී භාෂාව ලංකාව තුළ විදේශ භාෂාවක් ලෙස භාවිතයට ගනියි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ද හින්දී භාෂාව කැපී පෙණෙන විෂයයක් වී ඇති අතර කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව ආදී විශ්වවිද්‍යාලයන්හි ශාස්ත්‍රවේදී ගෞරව උපාධි විෂයයක් ලෙස හින්දී භාෂාව හැදෑරීමේ පහසුකම් ද ඇත. ඒ අතුරෙන් ප්‍රථම සහ එකම හින්දී භාෂා අධ්‍යනාංශයක් ස්ථාපිත කොට ඇත්තේ කැලණිය විශ්වවිද්‍යලයේ ය. ක්‍රි.ව.1959 වසරේ දී ප්‍රථමවරට හින්දී භාෂාව උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරන ලද්දේ, මහාචාර්ය, පූජ්‍ය ආනන්ද කෞශල්යායන් හිමිපාණන් විසිනි. ක්‍රි. ව. 1982 වසරේ දී හින්දී භාෂාව සඳහා ශාස්ත්‍රවේදී ගෞරව උපාධි විද්‍යාර්ථීන් බඳවා ගනු ලැබීය. හින්දී භාෂාව පිළිබඳ මෙවන් දීර්ඝ ඉතිහාසයක් ඇති කැලණිය විශ්වවිද්‍යාලය තුළ වර්තමානයේ විද්‍යාර්ථීන් හින්දී භාෂාව තෝරා ගැනීමේ ප්‍රවණතාව පිළිබඳ විමර්ශනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ යි. අනෙකුත් විදේශ භාෂා සමඟ සංසන්දනය කර බැලීමේ දී ඇතැම් වර්ෂයන්හි හින්දී භාෂාව තෝරාගන්නා විද්‍යාර්ථීන් ප්‍රමාණය තරමක අඩු-වැඩි වීමක් පෙන්නුම් කරයි. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ, විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් කෙතරම් දුරට හින්දී භාෂාව තෝරා ගන්නේද, එසේ තෝරා ගැනීමේ අඩු වැඩි වීම් ඇත්නම් ඒවාට හේතු මොනවාද ආදිය යි. මෙම පර්යේෂණ නියැදිය සඳහා 2020 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී භාෂාව විෂයයක් ලෙස හදාරන සහ හැදෑරූ, ශාස්ත්‍රවේදී ගෞරව උපාධි ප්‍රථම වසර විද්‍යාර්ථීන් සහ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි ප්‍රථම වසර විද්‍යාර්ථීන් යොදා ගන්නා අතර ප්‍රශ්නාවලි මඟින් දත්ත එක්රැස් කිරීම සිදු කරයි. මෙය ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ගණයට ද අයත් පර්යේෂණයක් වෙයි. මෙම පර්යේෂණය මඟින් විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් සහ පර්යේෂකයන්ට අවශ්‍ය තුලනාත්මක දත්ත පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතින අතර හින්දී භාෂාව ප්‍රවර්ධනයේ දී තවදුරත් අවධානය යොමු කළ යුතු අංශ පිළිබඳ ව දැනුවත් වීමට පහසුකම් සැලසේ.en_US
dc.identifier.citationඅතපත්තු ඒ. එම්. එස්. ජේ. බී. (2022), කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් හින්දී භාෂාව විෂයයක් ලෙස තෝරා ගැනීමේ ප්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 64.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25895
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectකැලණිය විශ්වවිද්‍යාලය, ප්‍රවණතා, ප්‍රශ්නාවලි, හින්දී භාෂාව, හින්දී විෂය තෝරාගැනීමen_US
dc.titleකැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් හින්දී භාෂාව විෂයයක් ලෙස තෝරා ගැනීමේ ප්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 64.pdf
Size:
223.83 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections