මහ මඬුපුර පද්‍යාවලියෙන් ප්‍රකට වන භරතමුනිගේ නාට්‍යශාස්ත්‍ර නියම පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorචන්ද්‍රසේකර, සී. එම්. ආර්. පී.
dc.date.accessioned2021-09-01T03:32:40Z
dc.date.available2021-09-01T03:32:40Z
dc.date.issued2021
dc.description.abstractපොදුවේ රටට දැයට සෙත් පතා පත්තිනි දෙවියන්ගේ ආශීිර්වාදය ලබාගැනීම උදෙසා පැවැත්වෙන ශාන්තිකර්මයක් ලෙස ගී මඬු ශාන්තිකර්මය හඳුන්වාදිය හැකිය. මෙම ශාන්තිකර්මය ඌව, සබරගමුව හා දකුණ යන පළාත්හි ව්‍යාප්තව පවතී. මෙම ගී මඬු ශාන්තිකර්මයේ විශාල පද්‍ය සාහිත්‍යයක් අන්තර්ගතව ඇත. මෙම ශාන්තිකර්මයේ ඇතුළත් මහ මඬුපුරය නම් පද්‍යාවලිය මගින් මෙම ගී මඬු ශාන්තිකර්මය පැවැත්වීමට මූලිකවූ කථා පුවත විස්තර වේ. එහිදී සේරමානන් රජුට හටගත් රෝගය, එම රෝගය හටගැනීමට හේතුව, එම රෝග සුවකිරීම උදෙසා කරන ලද ක්‍රියාවන්, භාරතයේ සිට ලක්දිවට පැමිණි බමුණන් විසින් රුවන්වැල්ල ප්‍රදේශයේ ප්‍රථම ගී මඬු ශාන්තිකර්මය සිදු කරන ලද ආකාරය පිළිබඳ මෙම පද්‍යාවලියෙන් විස්තර වේ. මෙම පද්‍යාවලියේ ඇතුළත් පද්‍ය මගින් භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රයේ අන්තර්ගත නියම ප්‍රකට වේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මහ මඬුපුර පද්‍යාවලිය මගින් භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රයේ ඇතුළත් නියම ප්‍රකට වේද යන්න හඳුනා ගැනීම මෙම පර්යේෂණයේ අරමුණයි. මෙම පර්යේෂණය මානවවංශ පර්යේෂණ ගණයට අයත් වේ. මෙම පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කෙරිණි. මෙම පර්යේෂණය සඳහා දත්ත රැස් කිරීමේදී ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍රයට අයත්වන පුස්කොළ පිටපත් හා භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රය උපයෝගී කරගැනිණි. ද්විතීයික සාහිත්‍යය මූලාශ්‍රය යටතේ පොත්පත් හා සඟරා මගින් දත්ත රැස් කර ගන්නා ලදි. එසේ රැ ස් කරගත් දත්ත විශ්ලේෂණයේදී භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රයේ අන්තර්ගත පූර්ව රංගනය, නාට්‍යධර්මී රංගන, ගීත විධි, ගායන වාදන වෘන්දය, නළු නිළි භූමිකා, ආහාර්ය අභින, නාට්‍යගෘහ නිර්මාණ පිළිබඳ නියම මෙම මඬුපුර පද්‍යාවලියෙන්ද ප්‍රකටවන බව දක්නට ලැබුණි. ඒ අනුව මෙම සාධක විශ්ලේෂණයේදී භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රය ගුරු කොට මහ මඬුපුර පද්‍යාවලිය රචනා වී ඇති බව තහවුරු විය.en_US
dc.identifier.citationචන්ද්‍රසේකර,සී. එම්. ආර්. පී. (2021) මහ මඬුපුර පද්‍යාවලියෙන් ප්‍රකට වන භරතමුනිගේ නාට්‍යශාස්ත්‍ර නියම පිළිබඳ අධ්‍යයනයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,33en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/23210
dc.publisherමානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවen_US
dc.subjectභරතමුනි, පත්තිනි දෙවියන්, පද්‍ය, මහ මඬුපුර, නාට්‍යශාස්ත්‍රයen_US
dc.titleමහ මඬුපුර පද්‍යාවලියෙන් ප්‍රකට වන භරතමුනිගේ නාට්‍යශාස්ත්‍ර නියම පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Abstract book_final 77.pdf
Size:
156.26 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections