රූපවාහිනි මාධ්‍යයේ භාෂා භාවිතය සහ සිංහල භාෂාවේ හෙට දවස

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

වර්තමානයේ රූපවාහිනි මාධ්‍ය භාෂාව හැසිරවීමේදී විධිමත් බවකින් තොරව මෙන්ම වැරදි වාග් මාලාවක් භාවිත කරමින් සිටියි. පෞද්ගලික නාලිකා අතික්‍රමණය කරමින් රාජ්‍ය නාලිකා තුළත් මෙම තත්වය දැක ගත හැකිය. මෙහි ගැටලු සහගත තත්වය වන්නේ විද්‍යුත් මාධ්‍ය පරිහරණය කරන බාල ප්‍රජාව නිවැරදි බස් වහර ලෙස එය තෝරා ගැනීමයි. එනම් සිංහල භාෂාව නිවැරැදි ලෙස අනාගතය වෙත ගමන් නොකිරීමයි. එම තත්වය මඟ හරවා ගැනීමට විසඳුම් ඉදිරිපත් කළ යුතු සුදුසුම කාලය මෙය බැවින් මෙම පරීක්ෂණය මීට සමගාමීව සිදු කිරීමට අපේක්ෂා කෙරේ. සිංහල භාෂා ව්‍යවහාරයේදී ලිඛිත හා කථන ලෙස පවත්නා ආකාර ද්විත්වය පිළිබඳව මනා අවබෝධයක් මාධ්‍ය හසුරවන්නන් සතු විය යුතුය. කථනයේදී මෙය විවිධ ස්වරූප ගනී. එනම් ඒ ඒ පුද්ගලයාගේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ සැකැස්ම, කුඩා කල සිට ප්‍රගුණ කර ඇති ආකාරය අනුව උච්චාරණය වෙනස් විය හැක. නමුත් සන්නිවේදනයේදී නිවැරදි බස හැසිරවීම කළ යුතුයි. ප්‍රදේශීය බස හෝ උපභාෂාවන්ගෙන් විද්‍යුත් මාධ්‍යයන්හි ගනුදෙනු කිරීම ග්‍රාහකයන් අපහසුතාවට පත් කරන්නකි. එනිසා සම්මත පොදු භාෂා රීතියකට යටත්ව බස හැසිරවිය යුතුය. රූපවාහිනිය බොහෝ සාවද්‍ය යෙදුම් ජනගත කරමින් පවතී. නිදසුන් ලෙස පාසැල, නමය, දෙදාසැ, කෙනෙක්ට, නිසා, අද දවස, ආලින්දය, කතිකාව, ආදිය ඉදිරිපත් කළ හැකිය. එසේම, අත්‍යවශ්‍ය යන්න අත්‍යාවශ්‍ය ලෙසත්, අමත්‍යංශය යන්න අමාත්‍යාංශය ලෙසත්, සන්ධි විධි සාවද්‍ය ලෙස උච්චාරණය කරයි. එසේම අල්පප්‍රාණ, මහප්‍රාණ උච්චාරණයේ මෙන්ම දෘශ්‍ය තලයේ නිරූපණය කිරීමේදීද සැලකිලිමත් නොවන බවක් පෙනෙයි. බොහෝ අවස්ථාවල අනවශ්‍ය පරිදි උච්චාරණය සිදු කරනු ලබයි. මෙම සාවද්‍ය භාෂා භාවිතය ජනගත වීම තුළින් සිංහල භාෂාවට සිදුවන්නේ බලවත් හානියක් බැවින් එය සමාජයට පෙන්වා දීමත්, මාධ්‍ය ආයතනයන්ට තම සමාජ වගකීම් මතක් කරදීමත් මෙම පර්යේෂණ පත්‍රයේ අරමුණයි. මෙහිදී අධ්‍යයන ක්‍රමවේද ලෙස ඇතුගල, ආරියරත්න රූපවාහිනිය සහ සන්නිවේදනය කර්තෘ ප්‍රකාශන, කොළඹ, 1993 ආදි ග්‍රන්ථ මෙන්ම සම්පත්දායකයන් ආශ්‍රයෙන් තොරතුරු ලබාගැනීමත් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

Description

Citation

කලුබෝවිල අෂිනි ප්‍රමෝද්‍යා (2021), රූපවාහිනි මාධ්‍යයේ භාෂා භාවිතය සහ සිංහල භාෂාවේ හෙට දවස, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 53p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By