1977 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයක්

dc.contributor.authorKumari, K.D.M.N.
dc.date.accessioned2021-05-20T10:48:36Z
dc.date.available2021-05-20T10:48:36Z
dc.date.issued2020
dc.description.abstractආර්ථික ප්‍රතිපත්තියක් තුළින් අවධානය යොමු කෙරෙන්නේ රටක ආර්ථික ක්‍රියාවලියේ දිශානතිය, අරමුණු සහ ක්‍රියාවලිය පෙන්නුම් කරනු ලබන සුවිශේෂි ලේඛනයක් ලෙස ද හැඳින්විය හැකි ය. විශේෂයෙන් ආර්ථිකමය, ගෝලීය සංවර්ධන බලපෑම්, සම්පත් හිඟකම, ප්‍රාග්ධනය, තාක්ෂණය, වෙළදපොළ ප්‍රසාරණය වීම වැනි ප්‍රශ්න විසදාලීමේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව දශක ගණනාවක් පුරාවට ම අවධානය යොමු කරන ලදී. ඒ අනුව 1948 වර්ෂයේ සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිපත්තින් තුළ ම මෙරට සංවර්ධන ප්‍රතිපත්තිය සුවිශේෂි මඟකට යොමු කිරීමට හේතු පාදක විය. එම ප්‍රතිපත්ති තුළ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නැත්නම්, බාහිරාභිමුඛ ආර්ථික ප්‍රතිපත්තිය විදේශිය පෞද්ගලික අංශය දේශිය ආර්ථිකයට යොමු කරමින් ලෝක ආර්ථික ක්‍රමවේදය වෙත දිශානතිගත කිරීමක් සිදු කරන ලදී. එබැවින් මෙම පර්යේෂණයේ මුඛ්‍ය අභිමතාර්ථය බවට පත් වන්නේ 1977 වර්ෂයෙන් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සිදු කරන ලද බලපෑම පිළ ිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි. එහිදි අවධානය යොමු කරනු ලබන්නේ, 1977 සිට 88 දක්වා යුගය, 1989 සිට 1994 දක්වා යුගය, 1994- සිට 2004 දක්වා යුගය සහ 2004 සිට 2016 දක්වා ක්‍රියාත්මක වු මහින්ද චින්තන යුගයය ි. විශේෂයෙන් මෙම ආර්ථික ප්‍රතිපත්තිය සඳහා පාදක වු හේතූන්, ක්‍රමෝපායන් සහ ආර්ථික දර්ශනය කෙරෙහි වඩාත් අවධානය යොමු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. මෙම පර්යේෂණයේ ගැටලුව බවට පත් වන්නේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙකී සංවර්ධන ප්‍රතිපත්තිය කෙතරම් දුරට සාධනීය මෙන් ම නිශේෂධනීය ආකාරයෙන් බලපෑමක් සිදු කර ඇත්තේ ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. පර්යේෂණ ක්‍රමවේදය ලෙස විස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක ක්‍රමවේදයත්, අධ්‍යයනය සඳහා ද්විතියික දත්ත භාවිතයට ගෙන ඇත. පර්යෙ ්ෂණ නිගමනය බවට පත් වන්නේ මෙම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන අභියෝග, ප්‍රශ්න විසඳාලීමත්, ඒ තුළින් ඉලක්ක ඉදිරියට මෙහෙයවා සංවර්ධනය ඉදිරියට වේගවත් කර ගැනීමේ අවස්ථාව මේ තුළින් නිර්මාණය වී ඇති බවයි. එබැවින් විවිධ මුහුණ ුවරකින් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති යෝජනා වශයෙන්, ආර්ථික සංවර්ධනය තුළ පෞද්ගලික අංශයේ මැදිහත් වීම පුළුල් කිරිම, ජාතික මෙන් ම ජාත්‍යන්තර තාක්ෂණික සබඳතා පුළුල් කර ගැනීම, වෙළඳපොල ප්‍රසාරණ අවස්ථා පුළුල් කිරීම, රට තුළ භෞතික සම්පත් භාවිතයට ගැනීම මෙන් ම රට තුළ දේශපාලන ක්‍රමවේදයත්, රාජ්‍ය ප්‍රතිපත්තීන්හි ස්ථාවරත්වයත් ගොඩ නැංවීම, යනාදී කාරණා අත්‍යාවශ්‍ය වේ.en_US
dc.identifier.citationKumari, K.D.M.N. ( 2020). 1977 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයක්. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.32.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22390
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectශ්‍රී ලංකාව, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, ආර්ථික සංවර්ධනයen_US
dc.title1977 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
NRCASS 2020 Abstract Volume 12.pdf
Size:
150.64 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections