නූතන ලෝකයට අස්පර්ශනීය වූ දැනුම සහිත මී ගස පිළිබඳව කෙරෙන පර්යේෂණාත්මක අධ්‍යයනයක් (ඌව පළාත ඇසුරෙන්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
විශ්වීය මානවයා නූතනයේ මුහුණ දුන් දැවැන්ත ගෝලීය වසංගතය වූ කොරෝනා ව්‍යයසනය තුළ මිල කළ නොහිණු ධනය වූයේ එක්රැස් කළ මිල මුදල් නොව පිරිසිදු ඔක්සිජන් වායුවයි. දුරාතීතයේ වායූගෝලීය ඔක්සිජන් සංයුතිය සමතුලිතව පවත්වා ගැනීමෙහිලාත් මානව ජීවය සුරක්ෂා කිරීමෙහිලාත් සොබාදහමෙන් ලද පිටුබලය මෙතකැයි කිව නොහේ. එහිලා විසිහතර පැයෙහිම පිරිසිදු ඔක්සිජන් වාතය ලබාදෙන මී ගසට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. මීගස වනාහි දේවානම්පිය රජ දවස ඉහළ වටිනාකමකින් විරාජමාන වූ වනස්පතියකි. එකල මීගස කැපීම මරණ දණ්ඩනය ලැබෙන වරදක් ලෙස දැක්වීමෙන්ම එය ප්‍රතීතය. මේ සා විසල් වටිනාකමක් මී ගස සතු වූයේ එහි පවත්නා සුවිශේෂ ගුණ ප්‍රවාහය හේතුවෙනි. සාමාන්‍ය ශාකමය සංසිද්ධීන් සේ මීගස රාත්‍රියේදී කාබන්ඩයොක්සයිඩ් පිට නොකිරීමද දිවා-රාත්‍රී ඔක්සිජන් මුදා හැරීමද සුවිශේෂත්වයකි. අතීතයේ වී ගොවිතැනට මී ගසෙන් ලද අනුප්‍රාණය ද සුළුපටු නොවේ. මී ගසේ සෑම කොටසකින්ම මානව සංහතියට හිමිවූයේ අමිලවූ සොබාදම් තිළිණයන්ය. කෘෂි කර්මාන්තයේදී සේම හෙළ වෙදකමටද මී ගසෙන් ලැබෙන සේවය ඉමහත්ය. මී තෙල් අතීතයේ සෑම නිවසකම පැවති සුවිශේෂ තෛලයකි. එය ආහාරවලට සේම සියලු සන්ධි වේදනා සුව කරන්නට සමත් විය. මීගසේ ගුණ ප්‍රවාහය සැකෙවින් මෙලෙස දැක්වුවද අධ්‍යයන කළ යුතු බොහෝ තැන් ශේෂව පවතී. ඒවා අධ්‍යයන කිරීම මෙම පර්යේෂණයෙහි මූලික අභිප්‍රායයි. ඉපැරැණි අස්පර්ශනීය දැනුම කේන්ද්‍රීයවූ සංස්කෘතික හර පද්ධතීන් නිසියාකාරව නූතන ලෝකයට සමීප නොවීම හේතුවෙන් දුරාතීතයේවූ මාහැඟි වත්කම් කාලයේ වැලිතලා අතරේ මියැදෙන බැවින් ඊට ජීවයේ හුස්මදී සුරක්ෂා කිරීම ජාතික මෙහෙවරකි. හුදෙක් මෙය එහිලා දරන පර්යේෂණමය ප්‍රයත්නයකි. එහිදී මී ගස පිළිබඳව නොදත් තතු විවරණය කර නව්‍යයතන ලෝකයේදී එය නැවත සුරක්ෂා කිරීමට ඇවැසි කටයුතු සම්පාදනය කිරීමට අපේක්ෂිතය. පර්යේෂණ ක්ෂේත්‍රය ලඝු කරගනු වස් ඌව පළාත කේන්ද්‍රීයව පර්යේෂණය සිදුකෙරේ. පර්යේෂණ ක්‍රමවේද ලෙස සම්මුඛ සාකච්ඡා සහ ජනශ්‍රැති අධ්‍යයනය සහ පොත්පත් පරිශීලනයද සිදුකිරීමට අපේක්ෂිතය.
Description
Citation
කළුබෝවිල අයේෂා කුමාරි (2021), නූතන ලෝකයට අස්පර්ශනීය වූ දැනුම සහිත මී ගස පිළිබඳව කෙරෙන පර්යේෂණාත්මක අධ්‍යයනයක් (ඌව පළාත ඇසුරෙන්), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 37p.