සිංහල භාෂික ජපන් භාෂාව හදාරන ශිෂ්‍යයන්ගේ “කොතො” සහ “මොනො” වචන භාවිතය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන ශිෂ්‍ය ප්‍රමාණයෙහි ක්‍රමික වර්ධනයක් පෙනේ. විදේශීය භාෂාවක් හෙයින් මොවුහු බොහෝ ගැටලුවලටද මුහුණපාති. මෙම ගැටලු අතර ජපන් භාෂාවේ ව්‍යාකරණානුකූල ගැටලු බොහෝ වේ. “කොතො” සහ “මොනො” යන වචන භාවිතයද එම ගැටලුවලින් එක් ගැටලුවකි. මෙය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරන ශිෂ්‍යයන්හට බොහෝ සෙයින් බලපානු ලබයි. ජපන් භාෂාවේ සමාන අර්ථයන් සහිත වචන අතරට මෙම වචනද අයත් වේ. ජපන් භාෂා ව්‍යාකරණයේදී ක්‍රියා පදයක් සහ ක්‍රියා විශේෂණ පදයක් නාම පදයක් බවට පත් කිරීමේදී මෙම “කොතො” සහ “මොනො” යන වචන භාවිත වේ. නමුත් එක් එක් අවස්ථාවට අනුව යොදා ගනු ලබන වචනය තෝරා ගැනීම ගැටලුවකි. එසේම මෙම වචන යොදා වාක්‍යයක් ව්‍යාකරණානුකූලව ලිවීමද තවත් ගැටලුවකි. මෙම පර්යේෂණය සඳහා නහොකො (2006) අනුපූරක “නො” “කොතො” “මොනො” යන වචනවල භාවිතයේ වෙනස, කහොරි (2015) නූතන ජපන් භාෂාවේ පැන නගින “කොතො” යන වචනය පිළිබඳ “නො” “කොතො” යන වචන මූලිකව සහ “නො” “කොතො” “දකරා” යන වචන සහිත වාක්‍ය ඛණ්ඩය කෙරෙහි අවධානය යොමු කිරීම සහ යුකරි (2005) වාචික ප්‍රවීණතා සම්මුඛ පරීක්ෂණවලදී චීන භාෂක ජපන් භාෂාව හදාරන්නන්ගේ “මොනො” “කොතො” යන වචන භාවිතය යන මූලාශ්‍රය මුලික ලෙස තෝරා ගැනිණ. මෙම පර්යේෂණ චීන භාෂක, කොරියන් භාෂක සහ ඉංග්‍රීසි භාෂක ශිෂ්‍යයන් අරමුණු කරගෙන පවත්වා ඇත. නමුත්, සිංහල භාෂක ශිෂ්‍යයන් අරමුණු කරගෙන කරන ලද පර්යේෂණ නොමැත. එබැවින් මෙම පර්යේෂණය මඟින් “කොතො” සහ “මොනො” යන වචනවල භාවිතය කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව හදාරන සිංහල භාෂක සිසුන් අරමුණු කර ගනිමින් පැවැත්වීම අරමුණු වේ. එසේම මෙය සිසුන් විසි පස් දෙනෙක් මූලික කර ගනිමින් පැවැත්වීමට බලාපොරොත්තු වේ. මේ සඳහා සිසුන්හට ප්‍රශ්නාවලියක් ලබාදී එමඟින් ඔවුන් “කොතො” සහ “මොනො” යන වචන කුමන අවස්ථාවකදී භාවිත කරන්නේද, මෙහි වැරදි භාවිතය සිදු වන්නේ කෙසේද යන කරුණු සොයා බැලීම මෙහි අරමුණයි. මෙම පර්යේෂණය අවසානයේදී සිංහල භාෂක ජපන් භාෂාව හදාරන ශිෂ්‍යයන්ගේ “කොතො” සහ “මොනො” යන වචන භාවිතය පිළිබඳ පැහැදිලි කරගැනීම ප්‍රධාන අරමුණයි.

Description

Citation

නුවන්තිකා ටී. එම්. සචිනි (2021), සිංහල භාෂික ජපන් භාෂාව හදාරන ශිෂ්‍යයන්ගේ “කොතො” සහ “මොනො” වචන භාවිතය, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 68p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By