අපරදිග නාට්‍ය කෘතිවල මව සහ පුතු යන චරිත ද්විත්වයේ නිරූපිත අන්තර් පුද්ගල ගැටුම පිළිබඳ ව අධ්‍යයනයක් (තෝරාගත් නාට්‍ය කෘති ඇසුරිනි)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka
Abstract
නාට්‍ය බිහිවීමේ මූලික පදනම ගැටුමයි. ගැටුම චරිත මත පදනම්ව සිදු වන හෙයින් කිසියම් පරස්පරතාවක් හෝ ප්‍රතිවිරෝධතාවක් හෝ හේතු කොටගෙන නිර්මාණය වෙයි. නාට්‍යයක දී ගැටෙන්නේ චරිත බව පෙණෙන මුත් එම චරිත නියෝජනය කරන මතවාදයක් හෝ ගුණාංගයක් හෝ ගැටුමට මූලික වෙයි. පුද්ගලයකු තවත් පුද්ගලයකු සමඟ ගැටීම අන්තර් පුද්ගල ගැටුම (ෂබඑැරචැරිදබ්ක ක්‍දබකෙසජඑ) යනුවෙන් හැඳින්වෙයි. මෙකී අන්තර් පුද්ගල ගැටුම මව සහ පුතු චරිත පාදක කොටගෙන අපරදිග නාට්‍ය කෘතිවල වඩාත් ප්‍රකට ව නිරූපණය වී තිබේ. අපරදිග නාට්‍ය සාහිත්‍යයයේ එක් එක් යුගවල ජීවත් වූ නාට්‍ය රචකයින් විසින් රචනා කරන ලද නාට්‍ය කෘතිවල නිරූපිත මව සහ පුතුගේ අන්තර් පුද්ගල ගැටුමට බලපාන සාධක පිළිබඳ ව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අභිමතාර්ථයයි. මෙම අධ්‍යයනය සඳහා යොදාගනු ලබන ප්‍රාථමික ලිඛිත මූලාශ්‍රයයන් වන්නේ විලියම් ශේක්ෂ්පියර්ගේ ්‍ය්පකැඑ (කේ. සී. ලියනගේ පරිවර්තනය- හැම්ලට් ඩෙන්මාර්කයේ කුමාරයා), හෙන්රික් ඉබ්සන්ගේ ඨයදිඑ (සුනිල් විජේසිරිවර්ධන පරිවර්තනය- පුනරාගමන), ඇන්ටන් චෙකොෆ්ගේ ඔයැ ීැ්ටමකක (ආරියරත්න විතාන පරිවර්තනය- මුහුදු ලිහිණියා), ටෙනිසි විලියම්ස්ගේ ඔයැ ඨක්ි ඵැබ්ටැරසැ (හෙන්රි ජයසේන පරිවර්තනය - පුංචි පළිඟු රෑන), යන නාට්‍ය කෘතිවල සිංහල පරිවර්තනයි. මෙම අධ්‍යයනයේ මූලික ගැටලුව නම් මව්, පුතු අන්තර්පුද්ගල ගැටුම කෙරෙහි බලපාන සාධක කුමක්දැයි හඳුනා ගැනීමයි. යථෝක්ත ගැටලුව කෙරෙහි බලපාන සාධක දෙකක් පවතින බව එහිදී ගම්‍යමාන විය. ඉන් පළමු වැන්න මනෝවිද්‍යාත්මක සාධකය ලෙසත්, දෙවැන්න ආර්ථික හා සමාජ-දේශපාලනික සාධක වශයෙනුත් හැඳින්විය හැකිය.
Description
Citation
කෝදාගොඩ කේ. ඒ. ඒ. අයි. (2022), අපරදිග නාට්‍ය කෘතිවල මව සහ පුතු යන චරිත ද්විත්වයේ නිරූපිත අන්තර් පුද්ගල ගැටුම පිළිබඳ ව අධ්‍යයනයක් (තෝරාගත් නාට්‍ය කෘති ඇසුරිනි), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 63.