දෙවොල් මඩුවේ උපයුක්ත ශාකයන්ගෙන් ආතුරයාට ලැබෙන ඖෂධීය ගුණය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන සෑම ශාන්තිකර්මයකම අභිප්‍රාය වනුයේ ලෞකික දිවියේ විවිධ පරමාර්ථ අරමුණු ඉටුකර ගැනීමයි. යකුන් දෙවියන් ආදි අධිමානුෂික බලවේගවලින් ඇති වෙතැයි සැලකෙන විවිධ රෝග උපද්‍රව දුරුකරවා සැපත ශාන්තිය ළඟාකර ගැනීමේ අපේක්ෂාව මෙයට පදනම විය. එකී යාග පැවැත්වීමේදී ඒ හා සම්බන්ධ පූජා රටාවේ සෑම පූජා අංගයක් සඳහා ශාක හා ශාක කොටස් භාවිතයට ගනු ලැබේ. මේ ආකාර වූ පරිද්දෙන් ආතුරයාට ලැබෙන ඖෂධීය ගුණය සඳහා ශාක කොතරම් දුරට උපයෝගීතාවට ලක් කරගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. මෙකී පර්යේෂණය විමර්ශනය සඳහා මූලාශ්‍රය සාධක, සම්මුඛ සාකච්ඡා, සහභාගිත්ව නිරීක්ෂණ මගින් ලබාගත් දත්ත උපයෝගී කරගෙන ඇත. ශාක සම්පත සහ දේශීය කලාවන් අතර අන්‍යොන්‍ය සබඳතාවක් ඇත. එයිනුත් සුවිශේෂ ස්ථානයක් පහතරට ශාන්තිකර්මයන් හට හිමි වේ. ශාන්තිකර්මයෙහි මූලික අවශ්‍යතාවන් පූරණය කර ගැනීම සඳහා ශාක අංග ප්‍රත්‍යාංග යොදාගනු ලැබේ. මෙහිදී ශාක බහුලව යොදා ගන්නා පහතරට ප්‍රධාන ශාන්තිකර්ම අතුරින් දෙවොල්මඬුව ශාන්තිකර්මය සඳහා මාගේ අවධානය යොමු විය. දේශීය වෙදකමේදී ප්‍රතිකර්ම සඳහා භාවිත කරනුයේ ස්වභාව ධර්මයෙහි දායාදයක් වූ ශාක සම්පතය. එනම් විවිධ ශාකයන් විවිධ අයුරින් භාවිත කරමින් ආතුරයාට ශාන්තියක් ලබා දේ. මෙසේ ශාන්තිකර්මයන්හිදී පරිහරණය කරනු ලබන ශාක ඍජුවම ඖෂධ ලෙස භාවිත කරන අතර තවත් සමහරක් ඍජුවම ඖෂධ ලෙෂ ක්‍රියාත්මක නොවන නමුදු මන්ත්‍ර ගැබ්කිරීම පිණිසද භාවිත කරනු ලැබේ. ශාක භාවිතයෙහි වර්තමාන තත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ. දෙවොල්මඬුව ශාන්තිකර්මය කිරීමට මූලික වූ තැන් සිට එහි සමාප්තිය දක්වා ශාකයන්ගේ භාවිතය මඟින් ආතුරයාට ලැබෙන කායික, මානසික සහ ආධ්‍යාත්මික සුවය මෙහිදී නිගමනය කෙරේ. එමෙන්ම පැරණි යුගයේ මෙකී පූජා විධි රටාවන් සඳහා උපයෝගී කරගත් ශාක වර්තමානයේදී අභාවයට යෑම නිසා ඒ සඳහා ඔවුන් විසින් වෙනත් ක්‍රියා ක්‍රියාමාර්ග ගෙන ඇති ආකාරයද මෙම විවිධ ක්‍රියාමාර්ග ණිසා ශාන්තිකර්මයෙන් අපේක්ෂා කරනු ලැබූ ගුණාත්මකභාවයද අභාවයට ගොස් ඇති ආකාරය යන්න අධ්‍යයන ගැටලුවෙහි පිහිටා සිදුකරනු ලැබූ පර්යේෂණයකි.

Description

Citation

මොරේමඩ එම්. එම්. අයි. එන් (2021), දෙවොල් මඩුවේ උපයුක්ත ශාකයන්ගෙන් ආතුරයාට ලැබෙන ඖෂධීය ගුණය, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 32p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By