මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගෙනීමේ දී මතු වන ශබ්ද විද්‍යාත්මක දෝෂ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorප්‍රේමතිලක, එච්. අයි
dc.date.accessioned2022-06-23T08:25:09Z
dc.date.available2022-06-23T08:25:09Z
dc.date.issued2021
dc.description.abstractභාෂාව යනු, සජීවී මාධ්‍යය කි. භාෂාවෙහි ප්‍රමුඛ වන්නේ භාෂණය යි. භාෂණය මත ලේඛනය රඳා පවතී. විදේශ භාෂා අධ්‍යයනය අතින් බැලූ කල විදේශ භාෂාවක් ඉගෙනීම සාර්ථක වන්නේ ගුරුවරයා සහ සිසුවා මුහුණට මුහුණලා සිදු කරනු ලබන සිදු කරනු ලබන ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ය. විශේෂයෙන් අදාළ භාෂාවේ මූලික උච්චාරණ පිළිබඳ පැහැදිලි අවබෝධකින් තොරාව භාෂාව නිවැරදිව ග්‍රහණය කර ගැනීම අපහසු ය. ශ්‍රී ලංකාවේ අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමින් විදේශ භාෂාවක් ලෙස හින්දී භාෂාව ඉගෙන ගන්නා සිසුන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර කොවිඩ් වසංගතය හමුවේ දැනට වසර දෙකක පමණ සිට ඔවුන් හින්දී භාෂාව ඉගෙන ගනු ලබන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ය. මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගැන්වීමේ දී සිසුන් අතින් සිදුවන කෙටිකාලීන සහ දිගුකාලීන උච්චාරණ දෝෂ කවරේ ද යන්න හඳුනාගැනීම මෙම පර්යේෂයේ අරමුණ විය. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ හින්දී භාෂාවේ මූලික ශබ්ද හඳුනාගැනීම කෙතරම් දුරට සාර්ථක ද යන්නයි. මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සඳහා 2023 වසරේ අ.පො.ස උසස් පෙළ ලිවීමට නියමිත සිසුන් 30 දෙනකුගෙන් යුතු නියැදියක් තෝරා ගනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන් සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්ණාවලි සහ සහතික මූලාශ්‍රය වශයෙන් පොත්පත් ආශ්‍රයෙන් ද තොරතුරු රැස් කර ගන්නා ලදී. තොරතුරු විශ්ලේෂණය ශබ්ද විද්‍යාත්මක මූලධර්ම ඔස්සේ සිදු කරන ලදී. මෙම පර්යේෂණය මගින් හඳුනාගත් ගැටලු අතරින් උච්චාරණ ස්ථානය සහ කාරණය ගුරුවරයාට භෞතිකව පෙන්වීමට අපහසු බැවින් අර්ධ සංවෘත මධ්‍ය ආකුචිත දීර්ඝ ශබ්දය උච්චාරණය අපහසු වීම, අර්ධ විවෘත පූර්ව විකුචිත දීර්ඝ ශබ්දය උච්චාරණය අපහසු වීම නිසා සිංහල භාෂාවේ ‘ඒ‘ ශබ්දයට සමාන ව උච්චාරණය කිරීමෙන් ලේඛන දෝෂ හට ගැනීම, අනුනාසිකය කිසිලෙසක උච්චාරණය නොකිරීම, හින්දී වාක්‍ය අවසානයට ‘හෑ˚‘ පාදය යෙදීමේදී “‘හෑ‘ වලට තිතක් එනවා” යි විස්තර කර පැවසීම ආදිය ප්‍රමුඛ වේ. ඒ අනුව, මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගෙන ගැනීමේදී හින්දී භාෂාවේ මූලික උච්චාරණ ක්‍රම රාශියක් සිසුන්ට ග්‍රහණය කර ගැනීමට අපහසු බව නිගමනය කළ හැකි ය.en_US
dc.identifier.citationප්‍රේමතිලක, එච්. අයි. (2021), මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගෙනීමේ දී මතු වන ශබ්ද විද්‍යාත්මක දෝෂ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්, 21st Conference on Postgraduate Research International Postgraduate Research Conference 2021 (IPRC 2021), Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 12p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24899
dc.publisherFaculty of Graduate Studies - University of Kelaniya, Sri Lankaen_US
dc.subjectඋච්චාරණ දෝෂ; භාෂා අධ්‍යයනය; මාර්ගගත අධ්‍යාපනය; ශබ්ද විද්‍යාව; හින්දී භාෂාවen_US
dc.titleමාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගෙනීමේ දී මතු වන ශබ්ද විද්‍යාත්මක දෝෂ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2021 12.pdf
Size:
329.07 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections