පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලාංකේය කිතුනු-ඉස්ලාම් අන්තර් ආගමික සංවාදය (මීගමු පුරවැසි එකමුතුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්)

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka

Abstract

ජුදා දහමින් පෝෂණය ලැබු කිතුනු-ඉස්ලාම් ආගම් අතර සමානතා මෙන්ම අසමානතා පවති- මෙම ආගම් දෙකෙහි ඉතිහාසය දෙස බලන විට ආගමික අන්තවාදි ප්‍රවනතා දක්නට ලැබේ- කිතුනු-ඉස්ලාම් ගැටුම් හුදෙක් ආගමික සංකල්පයන් මත පමණක් පදනම් නොවුවකි- මෙම ගැටුම් ප්‍රථමයෙන් ආරම්භ වූයේ සුළු ආසියාතික ප්‍රදේශයන්යන්හි ඉස්ලාම් බැතිමතුන් ක්‍රිස්තියානි ප්‍රදේශ ආක්‍රමණය කිරීමත් සමගය- එයින් සියවස් හතරකට දීර්ඝ කාලයක් පැවති කුරුස යුධ මාලාව ඇති විය- මෙම ආගමික අන්තවාදි ගැටුම් ක්‍රමයෙන් දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර කරා ද ව්‍යප්ත විය- ලංකාව තුළ කිතුනු-ඉස්ලාම් විරසකය ප්‍රථමයෙන් ආර්ථිකය මත පදනම් වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග එය ආගමික අන්තවාදි ස්වරූපයක් ගත්තේය- ඉස්ලාම් අන්තවාදි පිරිසක් විසින් 2019 අප්‍රියෙල් 21 වන පාස්කු ඉරු දින කොළඹ, මීගමුව හා මඩකලපුව යන ප්‍රදේශ ඉලක්ක කර සිදු කළ ප්‍රහාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද කිතුනු-ඉස්ලාම් සංහිදියාව බිඳ වැටීමට හේතුවන්නක් විය- විශේෂයෙන්ම පුංචි රෝමය ලෙස නම් කරන කිතුනුවන් බහුතරයක් ජීවත් වන, ඒ හා සමානවම ඉස්ලාම් බැතිමතුන් වෙසෙන මීගමුව ප්‍රදේශය මෙම ප්‍රහාරයෙන් ලක්වූ දැඩි පීඩිතභාවය මත එම ප්‍රදේශයෙන් ආරම්භ වන සාමය කඩවීමක් සමස්ත ලංකාවටම බලපාන්නට හැකියාවක් තිබිණි- ඒ අනුව කිතුනු-ඉස්ලාම්වරු බහුතරයක් වෙසෙන මීගමු ප්‍රදේශයේ පාස්කු ඉරුදින අන්තවාදි සිදුවීමෙන් පසු කිතුනු-ඉස්ලාම් සංහිදියාව පවත්වා ගත්තේ කෙසේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වෙයි- පර්යේෂණ ගැටලුව විසඳීමේදී මීගමු පුරවැසි එකමුතුව කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කලාව, අධ්‍යාපනය, උපදේශනය හා දයා සේවාවන් මගින් බිම් මට්ටමේ පිරිස් චින්තනමය මඟ පෙන්වීමක් ඔස්සේ ලාංකේය කිතුනු-ඉස්ලාම් සංහිදියාවට දායක කර ගැනීමට කටයුතු කර ඇති බව පැහැදිලි වෙයි- මෙම ආගමික කණ්ඩායම් දෙක අතර සංහිදියාව පවත්වාගෙන යාමට නිල කිතුනු සභාව දශක කීපයකට පෙර සිටම විශේෂ අවධානයක් යොමු කර ඇත- සභා සම්මේලන පවත්වමින් හා සභා ලේඛන නිකුත් කරමින් සභාවේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති අවස්ථාවක බිම් මට්ටමේදි එය යථාර්ථයක් කිරීමට මීගමු පුරවැසි එකමුතුව ප්‍රයත්න දරා ඇති බව පෙනි යයි- මෙම පර්යේෂණයට අදාළ දත්ත රැස් කිරීමේදී ලේඛන විමර්ශනය, ක්ෂේත්‍ර ගවේෂණය හා දත්ත විශ්ලේෂණය දැක්විය හැකිය-

Description

Citation

පෙරේරා ඒ. (2022), පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලාංකේය කිතුනු-ඉස්ලාම් අන්තර් ආගමික සංවාදය (මීගමු පුරවැසි එකමුතුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 78.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By