තොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනය

dc.contributor.authorChandrasekara, C.M. Ramith Preshal
dc.date.accessioned2021-05-20T11:04:32Z
dc.date.available2021-05-20T11:04:32Z
dc.date.issued2020
dc.description.abstractතොටයක් සමයම ශාන්තිකර්මය ඌව පළාත හා ඊට තදාශ්‍රිත මහඔය, පදියතලාව, නාමල්ඔය, අරන්තලාව, සේරන්කඩ යන ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තව පවතී. මෙය හුදෙක් කාන්තා පාර්ශවය උදෙසා පවත්වනු ලබන ශාන්තිකර්මයක් වේ. තොට යක්ෂයාගේ ඇල්ම බැල්ම හේතුවෙන් කාන්තාවන් හට ඇතිවන උපද්‍රව දුරු කිරීමෙහිලා මෙම ශාන්තිකර්මය පැවැත්වේ. නමුත් මෙම ශාන්තිකර්මයේ අන්තර්ගත පද්‍ය සාහිත්‍යය හා චාරිත්‍ර විමර්ශනයේ දී ප්‍රකට වන්නේ මෙම ශාන්තිකර්මය මගින් උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව ය. තොටයක් සමයම ශාන්තිකර්මය මගින් සමාජයට උපදේශනයක් සන්නිවේදනයක් වන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙස ඌව හා ඊට තදාසන්න ප්‍රදේශයන්හි තොටයක් සමයම පවත්වනු ලබන පාරම්පරික ශිල්පීන්ට අයත් ප්‍රාථමික, ද්විතීක මූලාශ්‍රය අධ්‍යයනය කරන ලදි. තව ද ක්ෂේත්‍ර අධ්‍යයනය මගින් මෙම ශාන්තිකර්ම ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන ලද අතර පාරම්පරික ශිල්පීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා මගින් ද පර්යේෂණයට අවශ්‍ය දත්ත රැස් කරගන්නා ලදි. එසේ රැස්කරගත් දත්ත විශ්ලේෂණයේ දී මෙම කරුණු අනාවරණය විය. අතීතයේ සමාජ ඇසුරක් නොමැතිව සාමාන්‍ය දැනුමකින් තොර ස්ත්‍රීන්, පුරුෂයන් පිටිසරබද පළාත ආශ්‍රිතව ජීවත් විය. ඔවුන්ට ලිංගික ජීවිතය පිළිබඳ උපදෙස් දීමට දෙමාපිය වැඩිහිටියෝ ඉදිරිපත් නොවිණි. තොටයක් සමයම මගින් නව යොවුන් තරුණියන්ටත්, අඹු සැමියන් හටත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන වක්‍රව සන්නිවේදනය කරනු දැකගත හැකි වේ. යෞවනියන් හැසිරිය යුතු ආකාරය, ගමන් බිමන් යා යුතු ආකාරය, ආහාර ගත යුතු ආකාරය පිළිබඳව උපදේශ තොටයක් ශාන්තිකර්මයේ ඇතුළත් මගින් බලි පදය ප්‍රකට වනු දක්නට ඇත. විවාහ ජීවිතයට ඇතුළත් වන කාන්තාවන් හට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන උපදේශන තොටයක් සමයම මගින් සමාජයට සන්නිවේදනය කරනු දක්නට ලැබේ. මෙම ශාන්තිකර්මයේ ඇතුළත් නානුමුරය මගින් කාන්තාවක් පිරිසිදු විය යුතු ආකාරය, කපු කැටීම මගින් තම පුරුෂයා සමඟ සබඳතා පැවැත්විය යුතු ආකාරය, දරු වැදීමේ දී දරුවකු බිහි කරන අයුරු හා වින්නඹු මවගේ කාර්ය පිළිබදවත්, දරු නැළවීම මගින් කුඩා දරුවකු නළවන ආකාරයත්, ගිරි යකිනි කවි මගින් ළඳරුවෙකුට ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ පූර්ණ උපදේශනයක් සෞන්දර්යාත්මකව සමාජයට සන්නිවේදනයක් කෙරෙනු දක්නට ඇත. මෙම පර්යේෂණයන්ට අනුව තොටයක් සමයම මගින් සෞන්දර්යාත්මකව සමාජයට උපදේශන මාලාවක් සන්නිවේදනය වන බව නිගමනය කළ හැකි වේ.en_US
dc.identifier.citationChandrasekara, C.M. Ramith Preshal (2020). තොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනය. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.48.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/22405
dc.publisherDepartment of Social Statisctics, University of Kelaniya, Sri Lankaen_US
dc.subjectඋපදේශනය, ඌව පළාත, තොට යකා, තොටයක් සමයම, පද්‍යen_US
dc.titleතොටයක් සමයම මගින් සමාජයට ලැබෙන්නාවූ සන්නිවේදනය හා උපදේශනයen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
NRCASS 2020 Abstract Volume 27.pdf
Size:
151.79 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections