විගාමික චීන සාහිත්‍යය නිර්මාණකරණයෙහිලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්

No Thumbnail Available

Date

2022

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka

Abstract

චීන-ටිබෙට් භාෂා පවුලට අයත් චීන භාෂාව අද වන විට චීනයෙන් පිට වෙනත් රටවලට ද ව්‍යාප්ත වී ඇත. ‘විගාමික චීන සාහිත්‍ය නිර්මාණ’ යනු විදේශ ගත චීන ජාතිකයින් සහ පරම්පරාවෙන් චීන සම්භවයකට උරුමකම් කියන හෝ චීන භාෂාවෙන් ලියන විදේශ ජාතිකයින් විසින් චීන බසින් රචනා කරන ලද චීන සාහිත්‍යමය නිර්මාණයි. ශ්‍රී ලංකාවේ ද විදේශ භාෂාවක් ලෙස චීන භාෂාව භාවිත වන අතර අද වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියට ද චීන භාෂාව ඇතුළත් වී ඇත. චීන භාෂාව ඉගෙනීම සහ ඉගැන්වීම පමණක් නොව ඒ ආශ්‍රිත නිර්මාණකරණයෙහි ලා මෙම විශ්වවිද්‍යාල මහඟු දායකත්වයක් දක්වයි. ඒ අතුරෙන් කැලණිය විශ්වවිද්‍යාලය විදේශීය චීන සාහිත්‍ය නිර්මාණකරණය සඳහා ලබා දී ඇති දායකත්වය පිළිබඳ ව සොයා බැලීමත් එවන් නිර්මාණ සඳහා නාමාවලියක් සකස් කිරීමත් මෙම පර්යේෂණයේ අරමුණ යි. කැලණිය විශ්වවිද්‍යාලය තුළ චීන බසින් සාහිත්‍යයකරණයේ දී වැඩි නැඹුරුතාවක් දක්වන්නේ කුමන අංශවලට ද, එමෙන් ම තව දුරත් වැඩි දියුණු විය යුත්තේ කුමන අංශ ද යන්න මෙහි දී ඇතිවන පර්යේෂණ ගැටලු වේ. මෙහි පර්යේෂණ සීමාව වශයෙන් තෝරා ගෙන ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මෙන් ම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි අවසන් වසර විද්‍යාර්ථීන්ගේ චීන බසින් රචනා වී ඇති සාහිත්‍යමය නිර්මාණ යි. මෙහි දී සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලි මඟින් දත්ත ලබා ගන්නා අතර මෙම පර්යේෂණය මඟින් චීන භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට මෙන් ම පර්යේෂණ කාර්යයේ නියැළෙන්නන්ට නිවැරදි මුලාශ්‍ර සොයා ගැනීම පහසු කරලීමටත්, චීන බසින් සිදු වන නිර්මාණකරණය තවදුරත් ප්‍රවර්ධනය කරලීමටත් අවස්ථාව සැලසේ.

Description

Keywords

කැලණිය විශ්වවිද්‍යාලය, නාමාවලිය, චීන භාෂාව, විදේශ චීන සාහිත්‍යය, විදේශ චීන සාහිත්‍යය නිර්මාණ

Citation

රණසිංහ ආර්. එම්. ටී. බී. (2022), විගාමික චීන සාහිත්‍යය නිර්මාණකරණයෙහිලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 66.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By