කෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙෂ වෙස්මුහුණුවල බලපෑම සහ එහි සුවිශේෂතා

dc.contributor.authorදිල්රුක්ෂි, ඩී. පී. එස්. කේ.
dc.date.accessioned2022-06-01T10:13:05Z
dc.date.available2022-06-01T10:13:05Z
dc.date.issued2021
dc.description.abstractශ්‍රී ලංකාවේ ප්‍රචලිත ජන නාටක අතරින් කෝලම් ජන නාටකය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි බෙන්තර, අම්බලන්ගොඩ, මිරිස්ස හා බස්නාහිර පළාත්හි හොරණ, හෝමාගම ආදි ප්‍රදේශවල ඉතා ජනප්‍රියව පවතී. අනෙකුත් සිංහල ජන නාටක අතරින් කෝලම් නාටකයෙහි සුවිශේෂතා වන්නේ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරෙන මූලික කතා වස්තුවකට අයත් නොවන හුදකලා චරිත රැසක් දැකීමට හැකි වීමත්, එහිදී පොදු මිනිස් චරිත හා සත්ත්ව චරිත මෙන්ම අතිමානුෂ චරිත හා විවිධ කාල්පනික නිර්මාණවලින් හෙබි පූර්ව සූදානමකින් යුක්තව සකසන ලද විචිත්‍රවත් කැටයම් සහිත වෙස්මුහුණු පැළඳ රංගනයෙහි යෙදීමත්යග එකී චරිත සභාගත කිරීමේදී හා චරිත රඟ දැක්වීමේදී විවිධ රංග උපක්‍රම යොදා ගැනීම මෙහිදී බහුලව සිදුවේග සාම්ප්‍රදායික ජනකතා, ජාතක කථා, පවත්නා සමාජ සිද්ධි ආදී වශයෙන් විවිධ තේමා මුල් කොටගෙන කෝලම් නාටකයෙහි ආකෘතිය පූර්ව රංගය සහ අපර රංගය ලෙෂ කොටස් දෙකකින් යුක්තව සකස් වී ඇත. කෝලම් ඉදිරිපත් කිරීමේදී එහි සංවාද සහිතව කිසියම් කථා පුවතක් ගෙනහැර දැක්වීමද මෙහි සිදුවේ. දිවයිනේ අනෙකුත් ජන නාටකවල දක්නට නොලැබෙන සුවිශේෂ ලක්ෂණ මෙම නාටකය තුළ ගැබ්ව ඇති අතර ඊට හේතුවී ඇත්තේ විවිධත්වයෙන් යුතු වෙස්මුහුණු භාවිතයද යන්න සොයා බැලීම මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ කෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙස වෙස්මුහුණු භාවිතය මඟින් ලැබී ඇති දායකත්වය කෙසේද යන්න විමසා බැලීමයිග දැනට ලියැවී ඇති මූලාශ්‍රය සාධක, සම්මුඛ සාකච්ඡා, ක්ෂේත්‍ර අධ්‍යයනය, ප්‍රශ්නාවලි, සහභාගීත්ව නිරීක්ෂණ මෙන්ම වීඩියෝපට මඟින් ලබා ගත් දත්ත ඉහත අරමුණු විශ්ලේෂණය කිරීම සඳහා සාදක වශයෙන් උපයෝගී කර ගැනුණිග පර්යේෂණයේදී හඳුනා ගන්නා ලද දත්ත අනුව පූර්වෝක්තව සඳහන් කළ ප්‍රධාන රංග උපක්‍රමයක් ලෙස වෙස්මුහුණුවල භාවිතයත්, වෙස්මුහුණු යොදා ගැනීම තුළින් එකී සුවිශේෂ ලක්ෂණ කෙරෙහි ඉමහත් පිටුබලයක් ලැබී ඇති බවත් නිගමනය වේ.en_US
dc.identifier.citationදිල්රුක්ෂි ඩී. පී. එස්. කේ. (2021), කෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙෂ වෙස්මුහුණුවල බලපෑම සහ එහි සුවිශේෂතා, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 15p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24602
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකෝලම්, ජන නාටක, රංග උපක්‍රම, වෙස්මුහුණු, සුවිශේෂ ලක්ෂණen_US
dc.titleකෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙෂ වෙස්මුහුණුවල බලපෑම සහ එහි සුවිශේෂතාen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 15.pdf
Size:
108.15 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections