ගුණාත්මක අධ්‍යාපනය සහ තිරසර සංවර්ධනය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka

Abstract

ගෝලීය වශයෙන් 2030 වර්ෂය වන විට ඉටුකර ගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු 17 අතුරින් සිව්වන අරමුණ බවට පත්ව ඇත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. එහි පරමාර්ථය වී ඇත්තේ “සියල්ලන් ඇතුළත් කර ගත් හා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනය සහ සියල්ලන් උදෙසා ජීවිත කාලීන ඉගෙනුම් අවස්ථා ප්‍රවර්ධනය කිරීම” යන්නයි (www.undp.org) ලෝක බැංකුව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ළමයෙකු සාමාන්‍යයෙන් වසර 13ක පාසල් අධ්‍යාපනයක් සම්පූර්ණ කරන නමුත් එහි ගුණාත්මකභාවය සමඟ සැසඳූ විට ළමයෙකුට හිමිව ඇත්තේ වසර 8.3කට සමාන ඉගෙනුමක් පමණි. ඒ අනුව වසර 4.7 ක ඉගෙනුම් පරතරයක් නිර්මාණය වී තිබේ (ලෝක බැංකුව, 2018). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම අරමුණු කර ගත් එකක් වන අතර පසුගිය දශක කීපයේ දී 92.7% ක ප්‍රශංසනීය සාක්ෂරතාවයක් සාක්ෂාත් කර ගෙන ඇත ( මහ බැංකු වාර්ෂික වාර්තාව, 2019). නමුත් නාගරික හා ග්‍රාමීය වශයෙන් අධ්‍යාපනයේ පවත්නා අසමානතා සැලකීමේ දී උදාහරණ වශයෙන් පාසල් වර්ගය අතර පවත්නා වෙනස්කම් සහ ඒවායේ යෝග්‍යතාවය අනුව දරුවන්ගේ ඉගෙනුම් සහ අධ්‍යාපනයේ එල සීමා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වෙත පවත්නා අසමාන අවස්ථා මොනවාද යන්න හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ ගැටලුව වන අතර එමඟින් ඇති වන ප්‍රතිවිපාක පිළිබඳ විමසීම ද මෙහි අරමුණ විය. මේ සඳහා ද්විතීයික දත්ත යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා, අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, වෙනත් ආයතනික වාර්තා, පොත් පත් හා සඟරා ආදිය භාවිත කර ඇත. ඒ අනුව පාසල් වර්ගය, ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය හා සම්පත් යෙදවුම් හා පාසල් කළමනාකරණය තුළ අසමානතා තිබෙන බවත්, ඒවා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා බලපාන බවත් හඳුනා ගැනීමට හැකි විය. මෙම අසමාන ඉගෙනුම් අවස්ථා දරුවන්ගේ ඉගෙනුම් ඵලයන්හි අසමානකම් වලට තුඩු දෙන අතර එය ජාතික විභාග වල කාර්ය සාධන වාර්තා සහ අධ්‍යාපන පර්යේෂණ හා ඇගයිම් මධ්‍යස්ථාන වාර්තා මගින් විද්‍යාමාන වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සඳහා සියල්ලන්ම ඇතුළත් වීම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් අසමානතා පවතින බව මනාව පැහැදිලි වේ.

Description

Citation

Wickramanayaka, D.G.A.M. (2020). ගුණාත්මක අධ්‍යාපනය සහ තිරසර සංවර්ධනය. In : 6th National Research Conference on Applied Social Statistics, 2020. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, p.61.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By