ජන කවියෙන් නිරූපිත පැරණි සිංහල ගැමි සමාජානුගත ජනසන්නිවේදන ක්‍රම පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Humanities, University of Kelaniya
Abstract
කටහඬින් ගනුදෙනු කරන ආකාරය පිළිබඳ මිනිසා අනාදිමත් කාලයක සිට දැන සිටියේය. බිය පහකර ගැනීම, ආහාර ලබා ගැනීම හා තවත් කෙනෙක් තමන්ට අවනත කර ගැනීම ආදි ඒ ඒ අවස්ථා හා අවශ්‍යතා අනුව විවිධාකාරයෙන් හඬ භාවිතයට ගැනීමට මිනිසාට හැකි වූයේ අනාදිමත් කාලයක සිට ඔවුන් මෙම කටහඬෙහි පරාසය හඳුනාගෙන සිටි නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස භාෂාව නිර්මාණය වූ අතර කවිය යනු එහි වර්ධනීයම අවස්ථාවයි. යම් පණිවුඩයක් නැතහොත් කිසියම් කරුණක් ඍජුවම සන්නිවේදනය කරනවා වෙනුවට රසාලිප්තව සන්නිවේදනය කිරීමේ හැකියාවක් කවිය සතු වේ. එලෙස සන්නිවේදනාර්ථයෙන් වැදගත් වන කවි රාශියක් “ජන කවි” සාහිත්‍යයේ අන්තර්ගතය. එම නිසා අන්‍යොන්‍ය අවබෝධය විශ්වාසය
හා සුහදත්වය මත ගොඩනැගුණු පැරණි සිංහල ජන සමාජයේ සන්නිවේදන මෙවලමක් ලෙස ජන කවියේ කාර්යයභාරය සෙසු සාධක අබිබවා වඩාත් ඉස්මතු වනු පෙනේ. එබැවින් පැරණි සිංහල ගැමි සමාජානුගතව පැවති ජනසන්නිවේදන ක්‍රම, ඒවායේ භාවිතය සහ ජන කවියෙන් එය නිරූපණය වන ආකාරය පිළිබඳ විමසා බැලීම මෙම පර්යේෂණයේ අරමුණයි. විවෘතව නොකියා බුද්ධියට ආමන්ත්‍රණය කරන ජන කවි ගායනාවන්ගෙන් විද්‍යමාන සමාජීය, සංස්කෘතික, ඓතිහාසික හා මානුෂීය කාරණා අතර අතීත සිංහල ගැමියා සන්නිවේදන කාර්යය සඳහා භාවිතයට ගත් විවිධාකාර ක්‍රමෝපායන් හෙවත් ජනසන්නිවේදන ක්‍රම පිළිබඳ තොරතුරු වේ දැයි ගවේෂණය කිරීම මෙහි පර්යේෂණ ගැටලුවයි. ඒ සඳහා ප්‍රධාන මූලාශ්‍රය ලෙෂ ප්‍රාමාණික උගතුන්ගේ අදහස්, ශාස්ත්‍රීය ලේඛන සහ පර්යේෂණ නිබන්ධ ඇසුරු කෙරේ. ඊට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතුන් හමු වී සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි මඟින් තොරතුරු එක් රැස් කෙරේ. සාම්ප්‍රදායික සමාජයේ සන්නිවේදන කාර්යය සිදු කරනු ලබන සහ ගැමියන්ගේ පරිකල්පන ශක්ති මට්ටම අනුව නිර්මාණය වී ඇති ජන කවිය, පැරණි සිංහල ගැමි සමාජයේදී ගැමියන් විසින් සිය අවශ්‍යතා පූරණය කර ගැනීමට භාවිත කළ සන්නිවේදන ක්‍රම විධි පිළිබඳ තොරතුරු අනාවරණය කරන ප්‍රාමාණික මූලාශ්‍රයක් බව මෙමඟින් නිරීක්ෂණය වෙයි.
Description
Citation
ගොඩකන්ද පී. එස්. (2021), ජන කවියෙන් නිරූපිත පැරණි සිංහල ගැමි සමාජානුගත ජනසන්නිවේදන ක්‍රම පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 19p.