Department of Film Production and the Arts
dc.contributor.author | Madhusanka, H. A. Gayan | |
dc.date.accessioned | 2020-12-30T11:37:38Z | |
dc.date.available | 2020-12-30T11:37:38Z | |
dc.date.issued | 2020 | |
dc.description.abstract | චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී කලා දෙපාර්තමේන්තුව නිර්මාණාත්මක ක්‍රියාවලියේ මුලික කාර්යයක් සිදුකරයි. විදේශීය චිත්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනය කිරීමේදී කලා දෙපාර්තමේන්තුවේ දේශීය ශිල්පීන් සහය ලබාදෙයි. විදේශීය නිශ්පාදන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේදී කලා දෙපාර්තමේන්තුව මුහුණදෙන ගැටලු මොනවාද? යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. කලා දෙපර්තමේන්තුව මුහුණදෙන ගැටලු අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. කලා දෙපාර්තමේන්තුව මුහුණදෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීම චිත්‍රපට කර්මාන්තයේ දියුණුව කෙරෙහි හේතුවේ. මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවේ රූගත කළ දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ ෆනී බෝයි චිත්‍රපටයට විශේෂිත සිදුකර ඇත. පර්යේෂණ ක්‍රමවේද ලෙස සහභාගීත්ව නිරීක්ෂණය සහ සම්මුඛ සාකච්ඡා සිදුකර ඇත. පරමාර්තගත සහ විනිශ්චයමය නියැදියට අනුව චිත්‍රපටයේ අධ්‍යක්ෂ දීපා මෙහෙතා, නිශ්පාදක ඬේවිඞ් හැමිල්ටන්, පිටපත් රචක ශ්‍යාම් සෙල්වදොරේ, නිශ්පාදන නිර්මාණකරු එරල් කෙලී, රංග භාණ්ඩ අංශ ප්‍රධාන සුජීව පරණහේවා, දර්ශනතල නිර්මාණකරු ලාල් හරින්ද්‍රනාත් සම්මුඛ සාකච්ඡාවට භාජනය කර ඇත. රැස් කරගත් ගුණාත්මක දත්ත සවිස්තරාත්මකව විශ්ලේෂණය කර ඇත. දර්ශනතලය සකස් කිරීම සඳහා අවශ්‍ය රංග භාණ්ඩ සපයා ගැනීම සඳහා නිසි ප්‍රමිතියකට අනුව සකස් වුණු රංග භාණ්ඩ නිවස්න ලංකාවේ නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස නිරීක්ෂණය විය. මේ හේතුවෙන් කලා දෙපාර්තමේන්තුව සඳහා ඇස්තමේන්තුකර තිබෙන වියදම් අපේක්ෂිත සීමාව ඉක්මවා ඉහළ ගිය අතර අධ්‍යක්ෂවරිය වෙත තෝරාගැනීම් සඳහා අවස්ථා අවම විය. පිටපතේ නොමැති නමුත් අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටින රංග භාණ්ඩ සොයාගැනීමේ දුෂ්කරතා ඇතිවීම හේතුවෙන් ඉංදියාවෙන් ගෙන්වාගැනීමට තීරණය කළ අවස්ථාද ඇත. කලා දෙපාර්තමේන්තුවේ මුද්‍රිත රංග භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍ය ප්‍රකාශන අයිතීන් ලබාගැනීමේදී විධිමත් භාවිතයක් නොමැති බව නිරීක්ෂණය විය. කලා දෙපාර්තමේන්තුව මුහුණදෙන ගැටලු අවම කර ගැනීම සඳහා විධිමත්ව සකස් කරන ලද රංග භාණ්ඩ නිවස්නයක අවශ්‍යතවක් ඇත. | en_US |
dc.identifier.citation | Madhusanka, H. A. Gayan (2020). Department of Film Production and the Arts, Junior Academic Staff Symposium-2019, Staff Development Unit, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. p.65-66 | en_US |
dc.identifier.issn | 978-624-5507-01-6 | |
dc.identifier.uri | http://repository.kln.ac.lk/handle/123456789/21760 | |
dc.publisher | Staff Development Unit, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. | en_US |
dc.subject | කලා දෙපාර්තමේන්තුව, විත්‍රපට, රංග භාණ්ඩ, විත්‍රපට දර්ශන තල, රංග භාණ්ඩ නිවස්න, චිත්‍රපට කර්මාන්තය | en_US |
dc.title | Department of Film Production and the Arts | en_US |
dc.title.alternative | චිත්‍රපට නිෂ්පාදනය සහ කලා දෙපාර්තමේන්තුව | en_US |
Files
Original bundle
1 - 1 of 1
- Name:
- 33. චිත්‍රපට නිෂ්පාදනය සහ කලා දෙපාර්තමේන්තුව .pdf
- Size:
- 95.12 KB
- Format:
- Adobe Portable Document Format
- Description:
License bundle
1 - 1 of 1
No Thumbnail Available
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description: