ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු ශ්‍රි ලාංකික කාන්තාවන්ගේ සංකූටිත භාර්යා සහලක්ෂණය පිළිබද මනෝවිද්‍යාත්මක අධ්‍යනයක්

Thumbnail Image

Date

2021

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka

Abstract

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කාන්තාවට එරෙහිව සමස්ථ ලෝකය තුළම පොදුවේ සිදුවන බරපතල අපරාධයකි. ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සුලභව වාර්තාවන අපරාධයක් බවට පත්ව ඇති අතර එලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් කායික, මානසික සහ සාමාජීය වශයෙන් විශාල පීඩනයකට ලක් වීම අනිවාර්යය තත්ත්වයක් බවට පත්වී ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වන කාන්තාව එයට දක්වන කායික, මානසික හා චර්යාමය ප්‍රතිචාර සමුහයක් ලෙස සහභාර්යා (Battered women syndrome) සහලක්ෂණය හදුනාගත හැකිය. ඒ අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු ශ්‍රී ලංකික කාන්තාවන් තුළ සංකූටිත භාර්යා සහලක්ෂණය පවතී ද යන්න අධ්‍යනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ විය. තව ද සංකූටිත භාර්යා සහලක්ෂණය (Battered women syndrome) සමග වෙනත් මානසික රෝග ඇති වීම අතර සහසම්බන්ධතාවය හදුනාගැනීම, සංකූටිත භාර්යා සහලක්ෂණයේ (Battered women syndrome) බලපෑමෙහි වෙනස අධ්‍යනය කිරීම මෙම පර්යේෂණයෙහි සෙසු අරමුණ විය. ඒ අනුව පර්යේෂණය සදහා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු වයස අවුරුදු 18 ත් 45 ත් අතර කාන්තාවන් 15 දෙනකු නියැදිය ලෙස තෝරා ගනිමින් සංකූටිත භාර්යා සහලක්ෂණයේ (Battered women syndrome) ලක්ෂණ ඇතුළත් ප්‍රශ්නාවලියක් ලබා දෙමින් පර්යේෂණය සදහා අවශ්‍ය දත්ත රැස් කරන ලදී. රැස් කරන ලද දත්ත ප්‍රමාණාත්මකව විශ්ලේශණය කරන ලදී. පර්යේෂණ ප්‍රතිඵල අනුව සංකූටිත භාර්යා සහලක්ෂණයට (Battered women syndrome) අයත් කායික, මානසික හා චර්යාමය ලක්ෂණ අවම වශයෙන් එක් ලක්ෂණය බැගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු කාන්තාවන් තුළ දක්නට ලැබෙන බව මෙන්ම කායික ලක්ෂණ වලට සාපේක්ෂව මානසික හා චර්යාමය ලක්ෂණ සංඛ්‍යානමය වශයෙන් වැඩි අගයක් පෙන්වන බව සොයාගත හැකි විය. තවදල සංකූටිත භාර්යා සහලක්ෂණය (Battered women syndrome) තීව්‍ර මට්ටමින් පරීක්ෂාමාණීන් තුළ පවතින බවත්, සංකූටිත භාර්යා සහලක්ෂණය (Battered women syndrome) සහ වෙනත් මානසික රෝග ඇති වීම අතර ඉහළ ධනාත්මක සහසම්බන්ධයක් පවතිත බවත්ල සංකූටිත භාර්යා සහලක්ෂණයේ (Battered women syndrome) රෝග ලක්ෂණ අතර ඉහළ ධනාත්මක සහසම්බන්ධයක් පවතිත බව පර්යේෂණ ප්‍රතිඵල අනුව සොයා ගැණිනි. ඒ අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු ශ්‍රී ලංකික කාන්තාවන් තුළ සංකූටිත භාර්යා සහලක්ෂණය (Battered women syndrome) පවතීි යන්න සහ ඒ සමඟ වෙනත් මානසික රෝග ඇති වන බව පර්යේෂණයේ ප්‍රතිඵල අනුව නිගමනය කල හැකි විය. ඒ අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සදහා උපදේශන සහ මනෝ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඔවුන් ඒ සදහා යොමු කිරීම අවශ්‍ය සාධකයක් ලෙස පර්යේෂණයේ දී තහුවුරු වියග මීට අමතරව අනාගත පර්යේෂණයක් සදහා සමාජය තුල ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ලක් වු පුරුෂයින් තුල සංකූටිත පුද්ගල ව්‍යසන ලක්ෂණ පවතීි ද යන්න අධ්‍යනය කිරීම සහ සංකූටිත ව්‍යසන සහ ලක්ෂණයේ බලපෑම අතර සහසම්බන්ධතාය සෙවීම සුදුසු යැයි යෝජනා කල හැකිය.

Description

Keywords

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ශ්‍රී ලංකික කාන්තාවන්, සංකූටිත භාර්යා සහලක්ෂණය, මානසික රෝග, උපදේශන සහ මනෝ ප්‍රතිකාර ක්‍රම.

Citation

Maduwanthi Iresha S.A (2021), ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වු ශ්‍රි ලාංකික කාන්තාවන්ගේ සංකූටිත භාර්යා සහලක්ෂණය පිළිබද මනෝවිද්‍යාත්මක අධ්‍යනයක්, 21st Conference on Postgraduate Research International Postgraduate Research Conference 2021 (IPRC 2021), Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 37p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By