සිංහල මව් භාෂිකයන් දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ දී මුහුණ දෙන ශබ්ද විද්‍යාත්මක හා ව්‍යාකරණමය ගැටලු පිළිබඳ ව තුලනාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka
Abstract
මිනිසාගේ ජීවිතය හා බැඳුන විවිධ අවශ්‍යතා සපුරා ගැනීමේ දී අවශ්‍ය වන අදහස් ප්‍රකාශ කරමින් එකිනෙකා අතර සන්නිවේදනයේ යෙදීමට අවශ්‍ය වන ප්‍රධානත ම මාධ්‍ය භාෂාවයි. එනිසාම ලෝකයේ විවිධ භාෂා නිර්මාණය වී තිබේ. ඇතැම් භාෂා භාවිත නොකරම මියගොස් ඇති අතර ඇතැම් භාෂා ක්‍රමිකව වර්ධනය වී ඇත. ඒ අතරින් ඉංග්‍රීසි සුවිශේෂී වන අතරම ලෝක සන්නිවේදන භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව යොදාගැනීමත් සමග දෙවන බස ලෙස ඉංග්‍රීසි ඉගෙනගැනීම හා ඉගැන්වීම ලෝකයේ බොහෝ රටවල සිදුකරනු ලබයි. මේ නිසාම ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත. මෙම පර්යේෂණය මගින් අධ්‍යනය කරනු ලබන්නේ දෙවන බස ලෙස ඉංග්‍රීසි බස ඉගෙනගන්නා සිංහල බසිකයන් මුහුණ දෙන ශබ්ද විද්‍යාත්මක හා ව්‍යාකරණමය ගැටළු පිළිබඳවය. සිංහල පිරිස් ඉංග්‍රීසි ඉගෙනගැනීමේදී අක්ෂර, වචන, වාක්‍ය, හා ශබ්ද ආශ්‍රිතව ගැටළු තිබේද, එම ගැටළු මොනවාද, යන්න මෙහිදී අධ්‍යයනය කරයි. ඒ අනුව වයඹ පළාතේ දුෂ්කර පාසල්වල සිංහල දරුවන්ට උගන්වන ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් සියදෙනකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් මෙම ගැටළු හඳුනාගැනින. එම ගැටළු සිංහල භාෂාවේ ලක්ෂණයන් සමග තූලනාත්මකව අධ්‍යයනය කරන ලදී. මෙය ගුණාත්මක පර්යේෂණයකි. මෙ මගින් ඉංග්‍රීසි ඉගැනීමේදී සිංහල මව් බසිකයන් සඳහා බලපාන ශබ්ද විද්‍යාත්මක හා ව්‍යාකරණමය ගැටළු හඳුනාගත් අතර ඒ සඳහා බලපා ඇති කරුණු අධ්‍යයනය කර ඇත. මෙම අධ්‍යයනයට අනුව ඉංග්‍රීසි භාෂාවට අනන්‍යවූ යම් යම් ව්‍යාකරණමය ව්‍යාකූලතා, තත්සම හා තත්බව වචන බහුලවීම, අක්ෂර වින්‍යසයේ පවතින සීමිතකම් ඉංග්‍රීසි ඉගෙනගැනීමට බාධාවන් ඇතිකරයි.
Description
Citation
බණ්ඩාර ටී. එම්. බී. (2022), සිංහල මව් භාෂිකයන් දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ දී මුහුණ දෙන ශබ්ද විද්‍යාත්මක හා ව්‍යාකරණමය ගැටලු පිළිබඳ ව තුලනාත්මක අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 61.