Journals
http://repository.kln.ac.lk/handle/123456789/5519
2024-03-29T15:28:12Z
2024-03-29T15:28:12Z
ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්
ධර්මශ්‍රී, සි.පී.
http://repository.kln.ac.lk/handle/123456789/26159
2023-05-03T08:23:22Z
2022-01-01T00:00:00Z
ගාලූ මෝදර අවකාශයන්හි ස්ථාපිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ආලේඛ්‍ය ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යනයක්
ධර්මශ්‍රී, සි.පී.
ශ්‍රී ලාංකේය කලාව ගොඩනැගිමේදී දේශපාලනික මැදිහත් විම අතීතයේ සිට ප්රබලව දක්නට ඇත. ලාංකේය දෘශ්‍ය කලාව බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගෙන රාජ්‍ය අනුග්‍රහය මත බිහිවිය. අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වා බෞද්ධ ආරාම කේන්ද්‍ර කොට ගොඩනැගුණු දේශපාලනික ආලේඛ්‍ය මුර්ති කලාව වර්ෂ 1818 දී යටත්විජීතයක් බවට පත්විමෙන් පසුව එම මුර්ති කලාව කැපී පෙනෙන විචල්යයතාවයක් දක්නට ලැබේ. එම දේශපාලන ආලේඛ්‍ය මූර්ති අතර වඩාත් කැපීපෙන, සමාජ හා දේශපාලන අරමුණ සහිත මෙන්ම පුරාවිද්‍යාත්මක උරුම වටිනාකමක් සහිත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මූර්තිය, අධ්‍යයන විෂය පථය ලෙස හැඳින්විය හැක. මෙම පර්යේෂණ පත්‍රිකාවේ දී එම ස්මාරක මූර්තිය බිහි වූ අවධියේ දේශපාලන විචල්‍යතාවයන් සහ බලපෑ සමාජ දේශපාලන උත්ප්රේරණයන්ගේ මැදිහත්වීම කොතෙක් දුරට මූර්තිය ගොඩනැගීමට බලපෑම කළ ආකාරය සොයා බැලීම සිදු කෙරේ. එම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දේශපාලන ආලේඛ්‍ය මූර්තිය වර්තමානයේදී නාගරික අවකාශය ප්‍රසාරණය වීම, නව ඉදිකිරීම් සහ මූර්තිය ස්ථාපිත භූමි දර්ශනය සමඟ මූර්තියේ අර්ථකථනය ප්‍රති අර්ථ කථනය බිහිවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙයිග
2022-01-01T00:00:00Z
පාඬිග්ගම වන්නි වැදි ගම්මානය ආශ්‍රිතව පවතින අස්පර්ශිත සංස්කෘතික උරුමයන් සහ ඒවායෙහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ විමර්ශනයක්
පුෂ්පකුමාර, ආර්.ඩී.ඩී.
http://repository.kln.ac.lk/handle/123456789/26158
2023-05-03T08:22:06Z
2022-01-01T00:00:00Z
පාඬිග්ගම වන්නි වැදි ගම්මානය ආශ්‍රිතව පවතින අස්පර්ශිත සංස්කෘතික උරුමයන් සහ ඒවායෙහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ විමර්ශනයක්
පුෂ්පකුමාර, ආර්.ඩී.ඩී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 54 හිරල්ලුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි පාඬිග්ගම ගම්මානය අංශ කිහිපයකින් වැදගත්කම් උසුලන ගම්මානයකිග දිවයිනේ වාසය කරන වැදි ජන ප්‍රභේද අතරින් වන්නි වැදි ලෙස ව්‍යවහාර කරන පිරිස මෙම ගම්මානයේ වාසය කරතිග ස්පර්ෂිත උරුමයන් මෙන්ම අස්පර්ෂිත උරුමයන්ගෙන් ද සමන්විත පාඬිග්ගම ගම්මානයේ සංස්කෘතික වටිනාකම් නිවැරදිව අර්ථකථනය කර ගැනීම වැදගත් වේග ඒ අනුව මෙම පර්යේෂණයේ අරමුණ වන්නේල පාඬිග්ගම ගම්මානයේ පවතින අස්පර්ෂිත සංස්කෘතික උරුමය අධ්‍යයනය කිරීම සහ එහි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ සාකච්ඡා කිරීමයිග වර්තමානයේ පවතින අභියෝගවලින් අස්පර්ෂිත උරුමය ආරක්ෂා කොට ඒවා අනාගතය සඳහා සුරක්ෂිත කිරීම පර්යේෂණයේ අවශේෂ අරමුණකිග වන්නි වැදි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය අර්ථකථනය කරගැනීමේ දී පාඬිග්ගම අස්පර්ෂිත උරුමය කොතෙක් දුරට ඉවහල් වන්නේ දරෑ යන්න පර්යේෂණයේ ගැටලුවයිග පර්යේෂණ ක්‍රමවේදයේ දී ප්‍රථමයෙන් වන්නි වැදි ජනතාව පිළිබඳ ලියැවී ඇති ප්‍රාථමික සහ ද්වීතියික සාහිත්‍ය මූලාශ්‍රය හැදෑරීම සිදු වියග අනතුරුව අස්පර්ෂිත උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්ති සහ මූලාශ්‍රය පරිශීලනය කෙරිණිග සාහිත්‍ය විමර්ශනයෙන් පසුව ක්ෂේත්‍ර ගවේෂණය සිදු වූ අතර එහිදී පාඬිග්ගම ගම්මානයේ ක්ෂේත්‍ර ගවේෂණය කරන ලදීග ක්ෂේත්‍ර ගවේෂණයේ දී ඡායාරූපකරණයල දර්ශන පටිගත කිරීමල සම්මුඛ සාකච්ඡා සහ සහභාගීත්ව නිරීක්ෂණය :ඡ්රඑසජසච්බඑ ධඉිැරඩ්එසදබ* ආදී ක්‍රම කිහිපයක් යොදා ගැනීමට සිදු වියග මේ අතරින් ප්‍රාථමික ජන කොට්ඨාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී සහභාගීත්ව නිරීක්ෂණයට සුවිශේෂී ස්ථානයක් හිමි වේග ඇදහිලි විශ්වාසල ශාන්තිකර්මල භාෂාව සහ ජනශ්රැති වැනි ක්ෂේත්‍ර ආශ්රිත ව පවතින අස්පර්ෂිත උරුමය අධ්‍යයනය කිරීමේ දී සහභාගීත්ව නිරීක්ෂණය වැදගත් වේග පාඬිග්ගම ඇදහිලි විශ්වාසවලල දිවයිනේ මහා වැදි සම්ප්රදායේ ලක්ෂණල වන්නි වැදි ජනතාවගේ ලක්ෂණ සහ නුවර කලාවියේ ලක්ෂණ ද අන්තර්ගත වී ඇතග දෙවියන් මායම් වීමල පිදේනි ශාන්තියල වැද්දා කන්දට දානය දීම වැනි ඇදහිලි විශ්වාස සහ ජනශ්රැතිල භාෂාව වැනි අස්පර්ෂිත උරුමයන් විශාල ප්‍රමාණයක් පාඬිග්ගම ගම්මානයේ පවතීග මෙම අස්පර්ෂිත උරුමයන්හි වර්තමාන සහ අනාගත පැවැත්ම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේග එබැවින් පාඬිග්ගම අස්පර්ෂිත උරුමය විධිමත්ව අර්ථකථනය කොට එහි වර්තමාන සහ අනාගත පැවැත්ම තහවුරු කිරීම වැදගත් වේග
2022-01-01T00:00:00Z
ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුම කළමනාකරණය තුළ වනාන්තර සංරක්ෂණය කිරීමේ වත්මන් නෛතික යාන්ත්‍රණයේ කාර්යභාරය
රෝසා, එස්. ආර්. එල්.
http://repository.kln.ac.lk/handle/123456789/26157
2023-05-03T08:21:09Z
2022-01-01T00:00:00Z
ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුම කළමනාකරණය තුළ වනාන්තර සංරක්ෂණය කිරීමේ වත්මන් නෛතික යාන්ත්‍රණයේ කාර්යභාරය
රෝසා, එස්. ආර්. එල්.
ඉන්දියානු සාගරයේ පිහිටි භූමි ප්‍රමාණය අතින් කුඩා දිවයිනක් වුවද විවිධ දේශගුණික, කාලගුණික, භූවිද්‍යාත්මක සාධකයන් පදනම්ව ස්වභාවිකව නිර්මාණය වී ඇති වනාන්තර පද්ධති රැසක් ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් අතර හඳුනාගත හැක. වර්තමානයේ ස්වභාවික උරුමයන්ගේ විනාශයට මානව ක්‍රියාකාරකම් ප්‍රධානත ම හේතුවක් වන බැවින් ස්වභාවික උරුමයන්ට තර්ජනයක් වන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට ශක්තිමත් නීතියක පැවැත්ම අත්‍යවශ්‍ය සාධකයකි. මෙරට නීතිය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වන අතර ඒ ඔස්සේ වනාන්තර ආරක්ෂා කිරීමේ දී මෙරට නීතියේ පවතින දුර්වලතාවයන් හඳුනාගනිමින් අනාගත නීති සංශෝධනයන් සිදු කිරීමේ දී අවධානය යොමු කළ යුතු තත්වයන් පිබඳව නිර්ණායකයන් හඳුනාගැනීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙහිදී නීතිය පිළිබඳ මූලාශ්‍ර වශයෙන් ව්‍යවස්ථා, නඩු තීන්දු, අන්තර්ජාතික සම්මුතීන් ආදිය අධ්‍යයනය කරමින් සමාජ විද්‍යා පර්යේෂණයන් හි දී යොදාගනු ලබන දත්ත රැස් කිරීමේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කර ඇත. බි්රතාන්ය පාලන සමයේ සම්පාදනය කරන ලද 1907 අංක 16 දරණ කැළෑ ආඥා පනත ප්රමුඛව 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත, 1988 අංක 03 දරණ ජාතික උරුම වන භූමි පනත, ආදී වශයෙන් වන සංරක්ෂණය සඳහා ඍජු හා වක්‍ර වශයෙන් දායක කර ගත හැකි ව්‍යවස්ථා ගණනාවක් මෙරට නීති පද්ධතිය තුළ හඳුනාගත හැක. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනගහණ වර්ධනය, ජනාවාසකරණය, නාගරීකරණය, වගා කටයුතු හේතුවෙන් වනභූමි විනාශ වීම දිනෙන් දින ඉහළ යන අතර එහි අනාගත අවධානම පිළිබඳ සැළකිය යුතු අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. පවත්නා නීතිය වුවද ක්‍රියාත්මකවීමේ දී අක්‍රමිකතා හඳුනාගත හැක. එබැවින් වන සංරක්ෂණ නීති ව්‍යවස්ථා සඳහා වරින් වර සංශෝධනයන් සිදු වුවද වර්තමාන තරඟකාරී ලෝකය තුළ සීඝ්‍ර සංවර්ධන ඉලක්කයන් කරා ගමන් කිරීමේදී තිරසර සංවර්ධනය පෙරදැරිව ස්වභාවික වනභූමි සඳහා වන හානිය අවම කිරීමට නව නීති සම්පාදනය කිරීමත්, ජාත්‍යන්තර නීති තත්වයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ප්‍රබල නීතියක හා ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාවන් ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට නෛතික යාන්ත්‍රණය සවිබල ගැන්විය යුතුය.
2022-01-01T00:00:00Z
මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව ආශ්‍රිතව කාර්මික පුරාවිද්‍යා උරුමය විමසීම
අමරසිංහ, ඒ.එල්.බී.එම්.
http://repository.kln.ac.lk/handle/123456789/26156
2023-05-03T08:20:08Z
2022-01-01T00:00:00Z
මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව ආශ්‍රිතව කාර්මික පුරාවිද්‍යා උරුමය විමසීම
අමරසිංහ, ඒ.එල්.බී.එම්.
කාර්මික පුරාවිද්‍යාව විෂයක් වශයෙන් පුරාවිද්‍යාවට සම්බන්ධ වන්නේ ක්‍රි.ව 1950න් පසුව ය. කෙසේ නමුත් නූතන තාක්ෂණික ප්‍රවර්ධනයන්ගේ මුල් කාලීන කාර්මික අවශේෂ අධ්‍යයනය කරනු ලබන විෂයක් වන මෙහිදී වසර 50ක් තරම් පමණ පැරණිවන වස්තූන් කාර්මික පුරාවස්තුවක් ලෙස නම් කර ඇත. ප්‍රවාහන පුරාවිද්‍යාව, සන්නිවේදන පුරාවිද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික පුරාවිද්‍යාව, වාස්තු විද්‍යාව ආදී ක්ෂේත්‍ර ඔස්සේ කාර්මික පුරාවිද්‍යා විෂය පථය විහිදී ඇත. ඒ අනුව ඔරලෝසු කණු ද කාර්මික උරුමයක් ලෙස වැදගත් වේ. මෙහිදී වසර 160ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේ කාර්මික උරුමය වන ඔරලෝසු කණුව වෙත අවධානය යොමු කොට ඇත. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ ඔරලෝසු කණුවේ කාර්මික අගය හඳුනාගැනීමයි. ඒ අනුව එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුවෙහි කාර්මික අගයක් ඇත්ද? යන්න මූලික ගැටලුව බවට පත් විය. මෙම පර්යේෂණය සඳහා මූලික වශයෙන් පුස්තකාල ගවේෂණය, ක්ෂේත්‍ර ගවේෂණය, සම්මුඛ සාකච්ඡා යන ක්‍රමවේදයන් භාවිතයට ගැනුණි. ස්වංක්‍රීයව නාදවන සීනූ 03ක් හා අතින් ඇද නාද කරන සීනුවකින් සමන්විත මෙම ඔරලෝසුව බි්රතාන්ය සමාගමක අගනා නිමයුමකි. පල්ලියේ ම කොටසක්ව පවතින මෙම ඔරලෝසු කණුව නිතර ම නඩත්තු කිරීමට ලක්වන අතර ඉතා හොඳ තත්ත්වයකින් යුක්තව වර්තමානය දක්වා පැවත එන අතර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස එම්මානුවෙල් පල්ලියේ ඔරලෝසු කණුව අගනා කාර්මික උරුමයක් බව හඳුනාගැනීමට හැකි විය.
2022-01-01T00:00:00Z