Volume 06 - 2019

Permanent URI for this communityhttp://repository.kln.ac.lk/handle/123456789/20810

Browse

Search Results

Now showing 1 - 1 of 1
  • Item
    තේ වතු කම්කරු කුටුම්භවල ආර්ථික පසුබිම පිළිබඳ අධ්‍යයනයක්
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka., 2019) Bandara, B.G.T.D.
    ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ ම විදේශ විනිමයක් අඛණ්ඩව උපයන ක්ෂේත්‍රය ලෙසත් ඉහළ ම කාන්තා සේවා නියුක්තිය පවතින ක්ෂේත්‍රය ලෙසත් තේ කර්මාන්තය හඳුනාගත හැකි ය. නමුත් එම ක්ෂේත්‍රයේ ප්‍රධාන දායකත්වය දක්වන තේ වතු කම්කරු කුටුම්භ, ශ්‍රී ලංකාව තුළ ඉහළම දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම කුටුම්භවල ආර්ථික පසුබිම කුමන ආකාරයෙන් සමන්විත වන්නේ ද යන්න මෙම අධ්‍යයනයේ ගැටලුව වේ. මෙම අධ්‍යයනයේ අරමුණ, තේ වතු කම්කරු කුටුම්භවල ආර්ථික පසුබිම හඳුනාගැනීමයි. මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය දත්ත, බහුපිය පොකුරු නියැදීම තුලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රේග්ලී වතුයායේ කුටුම්භ 100 කින් යුත් නියැදියක් මගින් රැස් කරගන්නා ලදී. ඒ සඳහා මූලිකවම ප්‍රශ්නාවලි ක්‍රමය සහ සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිතා කර ඇත. දත්ත ඉදිරිපත් කිරීම සඳහා වගු සහ ප්‍රස්තාර සටහන් භාවිතා කර ඇති අතර දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය විශ්ලේෂණ ක්‍රමවේද යොදා ගන්නා ලදී. තේ වතු කම්කරු කුටුම්භවල සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 5 ක් ද ඒ අතුරෙන් ස්ථීර තේ වතු කම්කරුවන් ලෙස සාමාන්‍යයෙන් සාමාජිකයන් දෙදෙනෙකු සේවා නියුක්ත වන අතර කුටුම්භ මූලික ආර්ථිකය ඒ තුලින් නිර්මාණය වේ. කුටුම්භ ආර්ථිකය සඳහා මූලිකවම පදනම්වන්නාවූ දෙමාපිය අධ්‍යාපනය, ඉතා පහළ මට්ටමක පවතින අතර කුටුම්භ 13% ක දෙමාපියන් කිසිදාක පාසල් අධ්‍යාපනය ලබා නොමැති අතර 8 ශ්‍රේණිය තුළ දී 87%ක් පමණ පාසල තුලින් විතැන්ව ඇත. මෙම ආර්ථිකය තම කුටුම්භය සඳහා ප්‍රමාණවත් නැත යන සංකල්පය මත 89%ක් පමණ කුටුම්භ අමතර ආදායම් මාර්ග වෙත යොමු වී ඇත. වතු ක්ෂේත්‍රය තුළ දී දෛනික කටයුතු සඳහා අවශ්‍ය ණය ගනුදෙනු සිදු වේ. වතු ක්ෂේත්‍රයේ කුටුම්භ මාසික වියදම, කුටුම්භ අධ්‍යාපන වියදම මත එකිනෙකින් මූලිකවම වෙනස් වේ. ඒ අනුව වතු අංශයේ අඛණ්ඩ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සහ රජය මැදිහත්ව එම සමාජයේ ආකල්ප සංවර්ධනය කල හැකි ය. තේ වතුකරය තුළ පවතින අමතර ආදායම් ඉපයීමේ ක්‍රම සංවර්ධනය කල යුතු අතර ජීවන වියදමට සරිලන පරිදි වතු කම්කරු දෛනික වැටුප රු. 1000/= ක් දක්වා ඉහළ නැංවීම තුලින් වතු සමාජයේ ආර්ථික හා සමාජයීය පසුගාමීත්ව තත්ත්වය වෙනස් කල හැකි වේ.