HUG 2021
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/24587
Browse
Item සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලාගේ’ කාව්‍ය නිර්මාණයන්හි නිරූපිත සමාජ යථාර්ථය පිළිබඳ විමසුමක්(Faculty of Humanities, University of Kelaniya, 2021) නවගමුව, ගයානි තක්ෂිලාහින්දී සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගය ලෙසින් හඳුන්වනු ලබන ඡායාවාදී යුගයෙහි බහුජන ප්‍රසාදයට පාත්‍ර ප්රබුද්ධ කවියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වශයෙන් සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’ හැඳින්විය හැකිය. නිරාලා යනු එතුමාගේ අන්වර්ථ නාමය වේ. එතුමාගේ කාව්‍ය නිර්මාණ අධ්‍යයනය කිරීමේදී ‘යථාර්ථවාදය’ ප්රමුඛ ලක්ෂණයක් ලෙස දැකගත හැකි විය. නිරාලා විසින් රචිත කාව්‍ය නිර්මාණ මානව සහ සමාජ ජීවන යථාර්ථය පිළිබඳ ගැඹුරුවූත් අර්ථවත්වූත් දෘෂ්ටියක් සහිත කලාත්මක නිර්මාණ වේ. නිරාලාගේ කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය නිරූපණය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙම පර්යේෂණ සඳහා එතුමාගේ ‘ජාගෝ ෆිර් ඒක් බාර්, ‘රානී ඕර් කානී’ සහ ‘භික්ෂුක්’ යන කාව්‍ය නිර්මාණ ත්‍රිත්වය පාදක කර ගැනුණි. එවකට ඉංග්‍රීසි ජාතිකයන්ගේ අයුක්ති සහගත පාලනය නිසා පීඩිත භාරතීය සමාජයෙහි ස්වභාවය, මනුෂ්‍යයාගේ බාහිර රූපයෙහි සුන්දර-අසුන්දර භේදය සහ දුප්පත්-පොහොසත් භේදය පාදක කොටගෙන නිරාලා තම කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය පිළිබිඹු කර ඇති ආකාරය දැකගත හැකි විය. මෙම පර්යේෂණයෙහි වැදගත්කම වනුයේ හින්දී විෂය හදාරන ඕනෑම විද්යාර්ථියෙකුහට නිරාලාගේ කාව්‍ය නිර්මාණ හරහා භාරතීය සමාජයෙහි එවකට පැවති යථාර්ථවාදී ස්වාභාවය අධ්‍යයනය කිරීමට හැකි වීමයි. නිරාලාගේ කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය කුමන ආකාරයට නිරූපණය කර තිබේද යන්න පර්යේෂණ ගැටලුව විය. මෙම පර්යේෂණයේ ප්‍රාථමික මූලාශ්‍රය ලෙස තත් කාව්‍ය ත්‍රිත්වයත්, ද්විතීයික මූලාශ්‍රය ලෙස සමාජ යථාර්ථය පිළිබඳව ලියැවුණු ලිපි, ග්රන්ථාදියත් භාවිත කෙරිණි. මෙම පර්යේෂණයෙහි ප්‍රතිඵලය ලෙස නිරාලාගේ කාව්‍ය සමාජයෙහි පවතින කටුක යථාර්ථය බිඳකුදු උත්ප්රේක්ෂාලංකාරයක් නොමැතිව මානව හදවතට ආමන්ත්‍රණය කරමින් රචනා කොට ඇති අයුරු දැකගත හැකි විය. එයින් සමාජශෝධනය කෙරෙහිද අනුබලයක් ලැබෙන බව අවබෝධ කර ගත හැකි විය. පීඩිත පන්තියෙහි යථා ස්වභාවය, විරූපී බව ඉදිරියේ සමාජයෙහි ගැහැණු දරුවෙකුගේ සැබෑ තත්වය සහ ඉංග්‍රීසීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතුවෙන් අගාධයට පත් භාරතීය සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අයුරින් නිරාලාගේ කාව්‍ය නිර්මාණ සමාජ යථාර්ථය පිළිබිඹු කරන බව නිගමනය කළ හැකි විය.Item Acceptance and Use of Emergency Online Learning Post Covid-19 Pandemic: A Study Based on ESL teachers and Students in Sri Lanka(Faculty of Humanities, University of Kelaniya, 2021) Dilhara, S. R.; Herath, H. M. D. N.; Kavindi, M. K. R.The Covid-19 pandemic has impacted tremendously on daily functions, and the education sector has undergone major changes. Notably, the shift to emergency online learning has led to a myriad of positive and negative perceptions from both teachers and students. Though e-learning has been prevalent since Education 4.0 emerged as an aftermath of the Industrial Revolution, it came into the spotlight during the Covid-19 pandemic. As a post study to the two preliminary studies the researchers have done on the attitudes of ESL teachers and students towards online learning, this study was developed with the objective of investigating if both the teachers and the students would prefer online learning in a post Covid-19 world. For the purpose of achieving the objective, the researchers conducted survey research with online questionnaires and interviews as a part of the mixed-method approach employed. The same sample of sixty teachers from primary, secondary, and tertiary levels and a hundred tertiary level students from major state universities were selected. As the data disclose, the majority of the teachers have mentioned that their computer literacy is low level and connection issues are a major barrier. If e-learning is to be continued post pandemic, teacher-training programs and projects related to enhancing the facilities of e-learning are essential. The student responses reveal that they are deprived of social interaction that might lead to increased stress, frustration, anxiety, avoidance of lessons, and notable behavioural changes. Therefore, both the teachers and the students prefer on-sight classrooms post pandemic. Observing the results of the previous research studies and upon the comparison of the results of the two preliminary studies, the researchers came to the conclusion that the ESL teachers and tertiary level students in Sri Lanka highly believe on-sight classes should be conducted in the post Covid-19 world.Item Student Perceptions and Effectiveness of Integrated Intensive-Extensive Reading Strategy (IERS) to Improve Reading Skills of Grade Eleven Learners within a Virtual ESL Classroom in Galle District(Faculty of Humanities, University of Kelaniya, 2021) Dahanayake, R. P.; Wijethunga, S. H.; Basnayake, L. P.Reading is a complex, multi-faceted activity, which involves a combination of both lexical and text processing skills. Two major approaches have been used among many, in developing reading skills; Extensive Reading (ER) and Intensive Reading (IR). Numerous research studies have proven the effectiveness of combining ER and IR, yet the application of these two approaches to Sri Lankan English as a Second Language (ESL) virtual classrooms, has not received adequate attention from the researchers. Thereby, this study investigates the effectiveness of integrated intensive- extensive reading strategy (IERS) in improving learners’ reading skills and their perceptions towards IERS within Sri Lankan virtual ESL classrooms in Galle district. A sample group of thirty grade 11 ESL learners were divided into two groups as control and experimental groups where IR and IERS were applied respectively. These learners were selected as they could be easily accessed and reading for comprehension is an essential requirement in the Ordinary Level Examination. The data for the research was collected through a mixed- method. The quantitative data were collected through the marks of pre-post tests, where grammar, vocabulary and comprehension were tested, while qualitative data were collected through an interview which scrutinize learner perceptions towards IR and IERS. The findings of the study revealed that the mean scores of the post-test of the experimental group were higher than the control group, depicting, IERS is more effective than solely intensive reading in the aforementioned setting. The learners’ perceptions manifest that IERS is effective in enhancing learner interest, interaction and motivation, allowing more opportunities for outside reading, than in IR. Therefore, Sri Lankan ESL teachers can use IERS to improve ESL learners’ reading ability. The influence of IERS on other language skills can be an intriguing area for further research.Item ටිබෙට් රාජ්‍යයෙහි ස්වාධීනත්ත්වය විෂයෙහි වත්මන් දලයි ලාමාතුමා කළ කාර්යභාරය පිළිබඳ විමසීමක්(Faculty of Humanities, University of Kelaniya, 2021) මීදෙණියේ, ධම්මවංස හිමිවත්මන් දාහතර වන දලයි ලාමාතුමා (ටෙස්නිං ගයට්සෝ) ටිබෙටය පාලනය කරනසමයෙහි චීනය ටිබෙටය ආක්‍රමණය කළ අතර එතුමා තම පිරිසද කැටුව ඉන්දියාවට පලා ගියේය. මෙතුමා අවිහිංසාවාදී නායකයෙකු බැවින් කිසිවිටෙකත් දෙපාශවයෙහිම රුධිරය වැගිරෙන යුද්ධයක් අපේක්ෂා නොකළේය. 1987 දී වොෂිංටනයේ පැවති මානව හිමිකම් සමුළුවේදී පස් වැදෑරුම් සාම සැලසුමක් (Five Point Peace Plan) ද ඉදිරිපත් කළේය. තවද ටිබෙටය ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් කිරීමට අවැසි ව්‍යවස්ථාවක් (Character Of Tibetans In Exile) සකස් කළ අතර එහි කමා කිරීමේ නිදහස, විශ්වාසයෙන් රැස්වීමේ හා සංවිධානයන් පැවැත්වීමේ නිදහස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇති අතර තම ටිබෙට් සරණාගත ජනතාවට උපදෙස් මාලාවක්ද එහි විය. දලයි ලාමාතුමා ටිබෙට් හා චීන ජාතිකයන් මගින් ස්වයං පාලනයක් සහිත ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ස්වභාවයක් ටිබෙටයට හිමිවිය යුතු බව 1988 ජූනි 15 වෙනිදා ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග්හි පැවති යුරෝපීය පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කළේය. ඔහු යුරෝපයේ සංචාරය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ටිබෙට් ළමුන් 220ක් පමණ ස්විස් රටේ වැසියෝ දරුවන් ලෙස හදාවඩා ගනු ලැබූහ. එමෙන්ම අවස්ථාව ලද සෑම මොහොතකම තම වැසියාගේ ස්වාධීනත්වය පිළිබඳව කථිකා කළ අතර ඒ වෙනුවෙන් කෘති බොහෝමයක්ද රචනා කළේය. මෙබඳු අවිහිංසාවාදී හා වීර්ය, අධිෂ්ඨානය පිරි ක්‍රියාකලාපයන් නිසා සම්මාන එකසිය පනහකට (150) අධික සංඛ්‍යාවකින් මෙතුමා සම්භාවනාවට පත්ව ඇති අතර 1989 දී නොබෙල් ත්‍යාගයද හිමිකර ගත්තේය. එම අවස්ථාවේදීද ඔහු ප්‍රකාශ කළේ තම ටිබෙට් ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙනි. ටිබෙට්හි ස්වාධීනත්වය විෂයෙහි දලයි ලාමාතුමාගේ කාර්යභාරය කෙබඳුද? යන්න මෙහි පර්යේෂණ ගැටලුවත් එය අධ්‍යයනය කිරීම අරමුණත් වන අතර මේ පිළිබඳ කැමැත්තක් දක්වන්නවුන් කෙරෙහි මෙය වැදගත් වනු ඇත. මෙය සිදුකරනු වස් මේ හා සබැඳි කෘති හා අන්තර්ජාලය භාවිතයට ගැනේ.Item සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණ ආචාර ධර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් සතු අවබෝධය සහ දැනුවත්බව පිළිබඳ අධ්‍යයනයක්(Faculty of Humanities, University of Kelaniya, 2021) සෙනරත්, එච්. එම්. අමා උදානිසොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය සුවිශේෂ විෂය ක්ෂේත්රයක් වන අතරම වර්තමානයේ පිළිගත් වෘත්තියක් සහ සමස්ත ලෝකය පුරා ප්‍රචලිත විනෝදාංශයක් බවට පිළිගැනේ. සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය වූ කලී ස්වාභාවික පරිසරය, එහි වන සතුන්, ඡායාරූප ශිල්පය, කලාව, තාක්ෂණය වැනි කරුණු ගණනාවක එකතුවකි. එහිදී ඡායාරූප ශිල්පියා මනා සංයමයකින්, දැඩි කැපවීමකින් විවිධ වූ පරිසර තත්වයන් යටතේ ඡායාරූපකරණයේ නියැලිය යුතු අතර, අනෙක් ඡායාරූප ක්ෂේත්රවලට වඩා සැලකිලිමත් විය යුතුය. සදාචාර විරෝධී උපක්‍රම, සතුන්ට බාධාකිරීම්, ඔවුන්ව කැළඹීමට පත්කර ඡායාරූප ගැනීම ආදියෙන් වැළැකීමටත්, සොබාදහම් සහ වනජීවීන් සංරක්ෂණයටත් ආචාර ධර්ම අනුගමනය කළ යුතුය. ක්ෂේත්රයේදී වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් සදාචාරාත්මක නොවන ලෙස ඡායාරූපකරණයේ නියැලෙනු හඳුනාගත හැකිය. මෙම තත්වය වනජීවී ඡායාරූපකරණයේ චිරස්ථිතියට දැඩි බලපෑමක් එල්ල කරයි. මේ නිසා ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන ඡායාරූප ශිල්පීන් මෙරට පවතින වනජීවී ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ දැනුවත්ද යන ගැටලුව පැනනැගෙන මෙම පරීක්ෂණය එම ගැටලුව අරබයා කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයකි. මෙම පරීක්ෂණයේදී ප්‍රාථමික දත්ත ලෙස ප්‍රශ්නාවලියක් එනම්, තෝරාගත් ශ්‍රී ලාංකේය වනජීවී ඡායාරූප ශිල්පීන් කීපදෙනෙක් ආශ්රයෙන් සහ ද්විතීයික දත්ත ලෙස පොත්, සඟරා ආශ්රයෙන් ලබා ගත් තොරතුරු භාවිත කරන ලදී. මෙම විමර්ශනාත්මක අධ්‍යයනයෙන් ලබාගත් තොරතුරු අනුව ප්රත්යක්ෂ වූයේ ශ්‍රී ලංකාවේ සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බවත්, 2016 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන්නන් සඳහා ආචාර ධර්ම පද්ධතින් ප්රකාශනය වී ඇති බවත් පෙනීයයි. එනමුත් මේ වන තෙක් ශ්‍රී ලාංකික වනජීවී ඡායාරූප ශිල්පීන් අතර ඒ පිළිබඳ ඇති අවබෝධය ඉතා අල්ප බව පරීක්ෂණයෙන් හෙළිදරව් කරගැනිණ. මේ අනුව ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ ආචාර ධර්ම පිළිබඳ වනජීවී ඡායාරූප ශිල්පීන්ව තවදුරටත් දැනුවත් කිරීම සිදු කළ යුතු බව මෙම අධ්‍යයනයෙන් යෝජනා කරනු ලැබේ.Item An Error Analysis on the Use of Chinese Structural Particles 的,地,得(Faculty of Humanities, University of Kelaniya, 2021) Thanaweera, T. A. D. N. NadeeshaWhen learning Chinese language, the use of structural particles “的,地,得” is confusing, as they are one of the hardest components of Chinese grammar. Nevertheless, they are commonly used function words in Chinese grammar. These three particles are all pronounced “de” with the neutral tone when used as a particle, which is why people can easily confuse them with one another. The structural particles “的,地,得” have no specific meanings and cannot be used alone. Lot of studies have already done on these three particles by many domestic and foreign scholars, but the purpose of this study is to explore the biased errors on the use of Structural particles“的,地,得”among the Chinese major 2nd year and 3rd year undergraduates at the University of Kelaniya, Sri Lanka, through a study of the difference and relation of the three ‘de ’. The researcher will include a questionnaire survey to the selected sample of 115 Chinese major undergraduates and will incorporate a statistical analysis. Finally the researcher will forecast the possible biased error for which the researcher speculate the reasons and will explore the undergraduates’ suggestions on an appropriate way to teach the undergraduates the use of these three particles. This research is mainly based on the difficulties of the undergraduates encounter when using these three structural particles and the solutions to get rid of those difficulties. Furthermore, this study will comprise of an overview of particles and structural particles in Chinese language and an analysis on the usage of these three structural particles in “New Practical Chinese Reader Textbook-1” and “New Practical Chinese Reader Textbook-2”. Finally, there will be an error analysis on the use of the structural particles “的,地,得”among the undergraduates.Item සූවිසි විවරණ නෘත්‍ය පූජාව පිළිබඳ අධ්‍යයනයක්(Faculty of Humanities, University of Kelaniya, 2021) ලක්ෂාන්, එල්. බී. කේ.සූවිසි විවරණ නෘත්‍ය පූජාව හා බැඳි සමාජ සංස්කෘතික පසුබිම හඳුනාගැනීමත් එහි වර්තමාන තත්වය හඳුනාගැනීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ. මානවවංශ පර්යේෂණ යටතට ගැනෙන මෙම පර්යේෂණයේදී පුස්තකාල අධ්‍යයනය හා ක්ෂේත්‍ර අධ්‍යයනය යටතේ නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා ක්‍රමය භාවිත කරන ලදි. අප මහා ගෞතම බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුදුවරුන් විසිහතර නමකගෙන් බුදුවීම සඳහා නියත විවරණ ලබාගත් ආකාරය සිහිපත් කරමින් එම සූවිස්සක් වූ බුදුවරයන් වහන්සේලා උදෙසා මල්, පහන්, දැහැත්, ගිලන්පස, බෙහෙත් ද්‍රව්‍ය, පිරිකර, සුවඳ හඳුන් වර්ග ආදිය පූජා කරමින් නෘත්‍ය ගීත වාදන සහිතව කරනු ලබන භක්ති ගීතමය පූජා කර්මයක් ලෙස සූවිසි විවරණය හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ තෙරුවන් විෂයෙහි ශ්‍රද්ධාව භක්තිය වැඩමවීමයි. බුදුරජාණන් පිළිවෙළින් නිවන ලබා ගත් ආකාරය ගද්‍ය පාඨයන්ගෙන් පැහැදිලි කරමින් භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාවෙහි යෙදෙන අතර නර්තන ශිල්පීහු පන්තේරු ගෙන අත් සරඹ දක්වමින් විවරණ විස්තරයෙන් කියැවෙන කවි ගායනා කරත්. විවිධ තිත් මාත්‍රා යොදාගනිමින් විවරණ 24ටම අදාළව කවි ගායනා කරමින් නර්තනය කරනු ලබත්. බෞද්ධාගමත්, සිංහල ගැමි සමාජයත් ඍජුවම සම්බන්ධ වන නර්තන පූජා ක්‍රමය වන්නේ සූවිසි විවරණයයි. මහනුවර යුගයේදී ආරම්භ වී ක්‍රමයෙන් විකාසනය වී ඇති බව ඒ පිළිබඳව කරුණු විමසීමේදී අනාවරණය වේ. දිනක්, දින තුනක්, දින හතක් වශයෙන් රැය පහන් වනතුරු සුවිසි විවරණ පූජා කර්මය සිදු කරනු ලබයි. ලැබී ඇති කාලය අනුව විවරණය ඉදිරිපත් කිරීම අඩු වැඩි වශයෙන් සිදු කරයි. දෙහිමඬුව සහ හලාගිරිය යන පරම්පරාවන් 19වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට සූවිසි විවරණ ක්‍රමය ලක්දිව පුරාම සුලභව පැවැත්වූ කාලයක් විය. පූජාර්ථය පදනම් කර ගනිමින් පැවති සූවිසි විවරණය වර්තමානය තුළත් ඒ අයුරින්ම සිදු වනවාද යන්න අධ්‍යයන ගැටලුවෙහි පිහිටා සිදු කරන ලද පර්යේෂණයකි. වර්තමානය වන විට සූවිසි විවරණ නෘත්‍ය පූජාව දැකගත නොහැකි තරම්ය. ඒ කෙරෙහි වූ ශිල්පීන්ගේ හිඟත්වය මෙන්ම සමාජ වෙනස්වීම්ද මූලික වී ඇත. එය ඉදිරියටත් රැකගැනීමට ප්රයත්න දරන්නේ නම් ඉතා වටිනා සංස්කෘතිකාංගයක් අපට හිමිව තිබෙන බව මෙම අධ්‍යයනයේ නිගමනයයි.Item වේවැල්කැටිය පුවරු ලිපියෙන් හෙළිවන අපරාධ මර්දන ක්‍රම පිළිබඳ අධ්‍යයනයක්(Faculty of Humanities, University of Kelaniya, 2021) කුමාර, පී. කේ. ටී.අතීත ලංකාවේ තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන තොරතුරු අධ්‍යයනයේදී සෙල්ලිපිවලින් ලබා ගත හැකි දායකත්වය සුළු පටු නොවේ. ක්‍රි. ව. දසවන සියවස තරම් ඈත අවධියක ලක්දිව පැවති අපරාධ මර්දන ක්‍රම පිළිබඳව වේවැල්කැටිය පුවරු ලිපිය ඇසුරෙන් සාකච්ඡා කිරීම මින් අපේක්ෂිතය. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ඈත අවධියක පැවති අපරාධ මර්දන ක්‍රම වර්තමාන අපරාධ මර්දන ක්රමයන්ට කෙතරම් උචිත දැයි විමර්ශනය කිරීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැන්දෑකෝරලයේ පහළ කැන්ද තුළානට අයත් වේවැල්කැටිය ග්‍රාමයෙහි පිහිටුවා ඇති මෙම ලිපිය පැතලි ගලක් මතුපිට දික් අතට රූල් ගසා පේළි හතලිස් හයකට කොටා ඇත. හතරවන මිහිඳු රජුගේ රාජ්‍ය කාලයෙහි පිහිටුවා ඇතැයි සැලකෙන මෙම පුවරු ලිපිය ඓතිහාසික වශයෙන් වැදගත් වනුයේ එවකට ලක්දිව පැවති අපරාධ නීතිය අරබයා අපට ලබාදෙන අවබෝධය හේතුවෙනි. මෙම අධ්‍යයනය සඳහා ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් යොදාගනු ලබන්නේ සෙනරත් පරණවිතාන මහතාගේ සංස්කරණයක් වන Epigraphiya Zelanica volume - 01හි එන වේවැල්කැටිය පුවරු ලිපියෙහි පෙළයි. අපරාධ සම්බන්ධයෙන් විශ්ව සාධාරණ නිර්වචනයක් ඉදිරිපත් වී නොතිබුණද නීතියට හෝ සදාචාරයට පටහැනි ක්‍රියාවන් අපරාධ ලෙසින් පිළිගැනෙන අතර ඇතැම් අවස්ථාවන්හිදී තවත් අයෙකුගේ අයිතිවාසිකම් නිශේධනය කිරීමද අපරාධ වේ. අපරාධය මුළුමහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදකි. එම නිසා අපරාධ සිදුකරනු ලැබුවේ යැයි සැලකෙන පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ පුද්ගලයන් විසින් දඬුවම් පමුණුවා එවැනි අපරාධ නැවත ඇති නොවීමට කටයුතු කිරීම අපරාධ මර්දනයයි. වේවැල්කැටිය පුවරු ලිපියට අනුව දසගම නම් පාලන ඒකකයෙහි අපරාධ මර්දනයට බලය පැවරී තිබුණේ දසගම් පාලක සභාවටයි. මනුෂ්‍ය ඝාතනය, ශාරීරික වධහිංසා, සොරකම, මී ගවයන්, එළ ගවයන්, එළුවන් ආදි සත්වයන් ඝාතනය සහ සොරකම මෙම පුවරු ලිපියෙන් හෙළිවන දඬුවම් ලැබිය යුතු ප්‍රධාන අපරාධයන්ය. මෙම අපරාධ මර්දනය සඳහා පනවා තිබූ අපරාධ මර්දන ක්‍රම වනුයේ මරණ දණ්ඩනය, ශාරීරික වධ, හණ ගැසීම, දඩගැසීම හා රාජ සන්තක කිරීම්ය. මෙම දඬුවම් ක්රමයන්හි විශේෂ ලක්ෂණයක් වූයේ අපරාධකරුවන්ට පමණක් නොව පාලන නිලධාරීන් ද ස්වකීය රාජකාරිය නිසි පරිදි ඉටුනොකළහොත් දඬුවම්වලට යටත්වීමට සිදුවීමයි. මෙම එක් එක් අපරාධ මර්දනය කිරීමට ක්‍රියාත්මක කර ඇති දඬුවම් ක්‍රම මඟින් සාධු සම්මත සමාජයක් බිහිකරගැනීමට උත්සුක වී ඇති බව නිගමනය කළ හැකිය.Item An analysis of the Violation of Fundamental Right of Tamils in the Northern Province to Enjoy Film and Television Art during the Post-War Period (2020 - 2021)(Faculty of Humanities, University of Kelaniya, 2021) Weddagala, N. S. I.After 30 years of ethnic conflict in Sri Lanka, most industries have resurged with tremendous changes. In the meantime, most Sri Lankan people have returned to their everyday social and cultural lives, while enjoying cinema and television shows. This is a result of the entertainment facilities made available to society in addition to the endeavors of TV stations and Film Producers to generate a wide range of new artistic productions targeting these viewers. Yet, it can be argued that both the public and private sectors (including film and television Producers) have neglected the entertainment interests of the Tamil-only speaking minority groups that reside in the Northern Province. As a community, they have not been provided with the necessary facilities to watch TV shows or films as they wish by the above-mentioned parties. Furthermore, it is noteworthy that Sri Lankan productions have often disregarded the viewing interests of these communities when producing TV shows or films. As human beings, these individuals possess the fundamental right to enjoy their preference of films and TV shows. The discounting of the viewing rights of these Tamil speaking communities have resulted in their feelings of marginalization within the larger Sri Lankan society. Thus, this study seeks to examine the nature of the violation of the fundamental rights of the Northern province’s Tamil population, to seek enjoyment from film and television art during the post-war period. The methodology of this research was developed primarily upon the use of questionnaires and conducting of interviews. In addition, data obtained from Sri Lankan TV and broadcast stations as well as films that were screened during the period of 2020 – 2021 were studied. The findings of this study explore the extent to which the viewing rights of the Tamil-speaking minorities residing in the North, have been violated during the post-war period.Item යාවත්කාලීන ධන කළමනාකරණයේ පුද්ගල දියුණුව හා පරිහානිය (බෞද්ධ ඉගැන්වීම් ඇසුරින්)(Faculty of Humanities, University of Kelaniya, 2021) පත්මසේන, එච්. එම්. හියුෂානි එස්.ධනය යනු මානව සංහතියේ දුප්පත් පොහොසත් බව තීරණය කරනු ලබන මිනුම් දණ්ඩකි. බලයේ සංකේතයකි. එවන් වූ ආකාරයකට සමාජ තත්වය මනින ධනය මනා ලෙස නිසි අයුරින් කළමනාකරණය කිරීම පුද්ගල දියුණුවෙහි රහසක් වන අතර නිසි අයුරින් ධනය කළමනාකරණය කර නොගැනීම පුද්ගල පරිහානියේ මූල බීජයයි. ඈත අතීතයේ ධනය පිළිබඳ එතරම් තැකීමක් නොකළද වර්තමාන තත්වය උඩු යටිකුරු ස්වරූපයක් ගන්නා බව ඉතා ප්‍රබල කරුණකි. බුදුරජාණන් වහන්සේ එදාටත් අදටත් අනාගතයටත් ගැළපෙන අයුරින් ධන කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම් සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ, පරාභව, අණන, මංගල ආදි සූත්‍රවලින් පෙන්වාදී ඇත. මා විසින් මෙම පර්යේෂණය සිදු කිරීමට මූලාශ්‍රය කරගනු ලබන්නේ මෙම බෞද්ධ සූත්‍රයන්ය. එදිනෙදා ජීවිතයේදී පුද්ගලයාට මුහුණ දීමට ලැබෙන ආර්ථික, ආගමික, සමාජීය, දේශපාලනික ගැටලු බොහෝමයකට හේතුව ලෙස ධනය නිසි අයුරින් කළමනාකරණය කර නොගැනීම පෙන්වා දිය හැකිය. බඹරෙකු මලට හානි නොකර රොන් ගන්නා සේ දැහැමිව උපයන ධනය එදිනෙදා පරිභෝජනයටත්, ආයෝජනයටත්, ඉතිරි කිරීමටත්, හුරුවිය යුතු බව පෙන්වා දෙන බුදු දහම නිකරුණේ මුදල් වැය නොකළ යුතු බවත් එසේ සිදු කරයි නම් එම පුද්ගලයාගේ ධනය විනාශ වී පරිහානියට පත් වන්නේ ඇස් ඉදිරිපිට පෙනෙන මානයේදී බව බුදුන් වහන්සේ පෙන්වාදී ඇත. අද සමාජයේ බොහෝ පිරිසක් ධනය තුළින් මානසික තෘප්තියක් ලබන්නේ නැත. කොතරම් විශාල ධනස්කන්ධයක් ගොඩ ගසා ගත්තද එම ධනය පරිභෝජනය නොකර රැස් කිරීම පමණක් කිරීම තුළින් තද බල ආශා හිර කරගනිමින් තණ්හාව පොදි බඳින “අදින්නපුබ්බක” වැනි පිරිස් මෙලොව පරලොව දෙලොවම පිරිහෙන පිරිසක් ලෙස පෙන්වා දිය හැකිය. මේ අනුව යාවත්කාලීන ආර්ථික ගැටලුවලට හොඳම විසඳුම නිසි ධන කළමනාකරණය බවත් නිවැරදිව ධනය කළමනාකරණය කර ගැනීමට බෞද්ධ ඉගැන්වීම් ඇසුරු කරගත හැකි බව මෙම ලිපිය අනුව පැහැදිලි වන කරුණු කීපයකි.Item A Study of Online Chinese Language Learning Anxiety among Undergraduate Students(Faculty of Humanities, University of Kelaniya, 2021) Silva, S. O. H.; Madhusanka, N. G. D.E-learning has been adopted globally as the alternative learning strategy during the COVID-19 pandemic to fill the academic gap that has been created by the existing reality of the pandemic due to nationwide closures. Learning a foreign language is one of the most challenging tasks. The transition from a face-to-face to an online learning environment makes it even more challenging. This paper intends to examine the anxiety in the Chinese language online learning experienced by Sri Lankan students at the University of Kelaniya. For this study, 50 Chinese majoring undergraduates from level-1 and level-2 were purposely chosen as the targeted group who were forced to stay at home and fully adhere to online learning. This seems unusual and unexpected for most of them, especially for those who are lacking experience of online learning and its required facilities. Using a socio-demographic questionnaire and focus-group discussion technique, this study aimed to investigate the factors behind language anxiety among the students in the online classroom. The Statistical Package for Social Sciences (SPSS) was used to analyze samples. The students experienced different sources of online language learning anxiety such as hesitation of communication, the anxiety of online lessons, fear of negative evaluation, and anticipatory anxiety. The findings suggested that language anxiety can originate from learners’ self-related cognition, Chinese language learning difficulties, the personality of learners, Chinese language culture, and the fear of losing self-identity. These pertinent findings may guide online learners to achieve academic success through online learning and cope with online learning by mitigating sources of anxiety.Item සිංහල බෞද්ධයා සැමරිය යුත්තේ සූර්ය මංගල්‍යයද? වෙසක් මංගල්‍යයද?(Faculty of Humanities, University of Kelaniya, 2021) ටෂිකා, කේ. ඒ. එන්. එන්.ගැසීමෙහිලා ප්රමුඛ බලපෑමක් සිදු කර ඇත. බුදුසමයේ සම්ප්රාප්තියත් සමඟ සිංහලයාගේ බොහෝ සංස්කෘතාංග පරිවර්තනයකට ලක් විය. ඒ අනුව ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන්ද පරිවර්තනයකට ලක් විය. මෙම වෙනස දෙයාකාරයකින් සිදුවී තිබේ. ඇතැම් ඇදහිලි විශ්වාස සම්පූර්ණයෙන්ම ඔවුන් වෙතින් ඈත්ව ගොස් ඇති අතර ඇතැම් ඒවා බෞද්ධ මුහුණුවරක් ගෙන තවදුරටත් පවත්වා ගෙන ගොස් තිබේ. පර්වත වන්දනාව ස්තූප වන්දනාව බවට පත්වීම, වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාව බවට පත්වීම, මළවුන්ඇදහීම වෙනුවට මළවුන්ට පිංදීම යනාදිය නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ලක්වැසි බෞද්ධයන් වර්තමානයේද මහත් උත්සවශ්‍රීයෙන් සංස්කෘතික මංගල්‍යය පවත්වනු ලැබේ. ඒවා අතරින් සූර්ය මංගල්‍යයට ප්රමුඛ තැනක් හිමි වේ. එය කිසි ලෙසකින්වත් බෞද්ධ උත්සවයක් නොවේ. එය හින්දු ආගමික ආභාසයෙන් වර්ණවත් වූ දේශීය උත්සවයකි. ප්රාග් බෞද්ධ යුගයේ ලක්දිව පැවති සූර්ය වන්දනය මත පදනම්ව මෙම මංගල්‍යය පැවත ගෙන එන බව කිව හැකිය. ලක්වැසි බෞද්ධයන් සූර්ය මංගල්‍ය සහ වෙසක් මංගල්‍යය යන උත්සව දෙකම අඛණ්ඩව පවත්වා ගෙන යන අයුරු පෙනේ. මෙම මංගල්‍යයන් දෙකම සිංහල බෞද්ධයාගේ සංස්කෘතික ජීවිතය හැඩ ගස්වා ඇති ආකාරය මෙම මංගල්‍යය දෙකම අදටද ඔවුන් අතර පැවතීමෙන් පෙනේ. සූර්ය මංගල්‍යය සමරනු ලබන්නේ නක්ෂත්රයට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. බෞද්ධාගමට වැඩි නැඹුරුවක් දක්වමින් සූර්ය මංගල්‍යය සැමරිය හැකි නම් වඩා අගනේ යැයි සිතේ. බෞද්ධ සංස්කෘතියට අනුව සිය ජීවිතය හැඩ ගස්වා ගත් සිංහල බෞද්ධයා සූර්ය මංගල්‍යයට වඩා වැඩි අවධානයක් වෙසක් මංගල්‍යයට ලබා දෙන්නේ නම් එය මැනවි. මෙම පර්යේෂණයේ පර්යේෂණ ගැටලුව වන්නේ සූර්ය මංගල්‍යයට කාලීන වෙනස්කම් කළ හැකිද? වෙසක් මංගල්‍යය සිංහල බෞද්ධයාගේ ප්‍රධාන මංගල්‍යය බවට පත් කළ හැකිද? යන්නයි. මෙම පර්යේෂණයේ අරමුණ සිංහල බෞද්ධයා ආධ්‍යාත්මික ශික්ෂණයට වැඩි වශයෙන් නැඹුරු විය යුතු බව පෙන්වා දීමය. සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ජනශ්රැති අධ්‍යයනය මෙහි පර්යේෂණ ක්‍රමවේදය වේ.Item ලංකාවේ සිනමා සංගීතයට කේමදාසයන්ගේ බටහිර සංගීත භාවිතාව (තෝරාගත් චිත්‍රපට කිහිපයක් ඇසුරින් කරන ලද පර්යේෂණයකි)(Faculty of Humanities, University of Kelaniya, 2021) jSrසිංහ, එච්. ඊ. පියුමි දිල්ශානිශ්රී ලාංකේය සිනමා සංගීතය අනුකාරක රැල්ලකට යොමු වූ යුගයක එයින් සිනමා කලාව මුදවා ගැනීමට කටයුතු කරනු ලැබූ සුවිශේෂ සංගීතඥයෙකු ලෙස කේමදාස හඳුන්වාදිය හැකිය. තමන්ගේම දේශීය අනන්‍යතාවක් සංගීත කර්මාන්තය තුළ ඇති කිරීමට කටයුතු කළ ආචාර්ය කේමදාසයන් සුවිශේෂ නිර්මාණ රාශියක් ලාංකේය සිනමාවට දායාද කරනු ලැබීය. ඔහුගේ ලාංකේය සිනමා සංගීතයේ පෙරළියක් ඇති කිරීමට සමත් වූ නිර්මාණ කිහිපයක් පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලැබූ අතර, එහිදී කේමදාසයන්ගේ බටහිර සංගීතය භාවිතය ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතය නව මානයකට ගෙන යාමට යොදාගෙන ඇත්තේ කෙසේදැයි විමසා බැලීම පර්යේෂණයේ අරමුණ වේ. එහිදී තෝරාගනු ලැබු ගොළු හදවත, බඹරු ඇවිත්, නිධානය, සිරි මැදුර, හංස විලක් යන චිත්‍රපට පහ ඔස්සේ පමණක් කේමදාසගේ බටහිර සංගීත භාවිතාව පිළිබඳ විමසා බලන ලදි. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව වූයේ කේමදාසයන් බටහිර සංගීතය යොදා ගනිමින් ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ විප්ලවීය වෙනසක් සිදු කළේද යන්නයි. මෙම අධ්‍යයනය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කරනු ලැබූ අතර, එහිදී පොත්පත් අධ්‍යයනය, විෂය ප්‍රවීණයන් සමඟ සම්මුඛ සාකච්ඡා සිදුකිරීම, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටිගත කිරීම් ඇතුළත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යයනය සිදුකරන ලදි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ සිනමා සංගීතය සඳහා කේමදාසගේ බටහිර සංගීත භාවිතය හේතුවෙන් අනුකාරක ගීත රැල්ලෙන් චිත්‍රපට සංගීතය මුදවා ගැනීමට හැකිවූ බවත්, ශ්‍රී ලාංකේය සංගීතයට අනන්‍ය වූ සංගීත ශෛලියක් ඇතුළත් කළ සංගීතඥයන් අතරට ආචාර්ය කේමදාසයන්ද එක් වන බවත්ය. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ එක් අංශයක් වන සිනමා සංගීතයට ආචාර්ය කේමදාසගෙන් වූ සේවය අපමණය. ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතය අනුකාරක ගීත රැල්ලෙන් මුදවා ගනිමින් සිනමා සංගීතයට වටිනාකමක් ලබා දීමට ආචාර්ය කේමදාසගේ බටහිර සංගීත භාවිතයට හැකිවූ බව මෙම පර්යේෂණයේ නිගමනය වේ.Item Comparative Study of Modern Asian and European Cinemas about Female Homosexuality(Faculty of Humanities, University of Kelaniya, 2021) Wimaladasa, Ashini RandiniSexual orientation is a concept that takes on a completely different face from sexual identity. When somebody is sexually attracted to their own gender it is called homosexuality. The name itself has caused a great deal of controversy in society. Mostly, homosexuals hide from society and face various mental and physical problems like depression. The cinema industry nowadays manages to entertain as well as inform, exploring the lesser-known aspects including female homosexuality. The purpose of my study is to examine separately the features of modern Asian and European cinema and how it portrays female homosexuality. This field of study was chosen to provide a clear understanding of how a deeply controversial subject, such as this is embedded in two different cultures. For this purpose, as primary source of the research I would like to make a comparative study by watching two films, one Bollywood and one French (Margarita with a straw – Bollywood, Blue is the warmest color – French). The Bollywood film was created by studying Indian culture which considered the female homosexuality a taboo subject to talk in public. Even though the film is somewhat modern it still shows some of the traditional characteristics. European culture too has its own interpretation of this topic, which the movie I selected brings forward. The research examines the cultures, inherent cinematic norms, traditions, and cinematic traits that the two films portray separately as the secondary source and explores how equality and inequality are built and portrayed in its elements regarding female homosexuality.Item Perceptions of Students’ Motivation, and Teaching Strategies for English Speaking in the Technology Integrated Young Learners’ Classroom(Faculty of Humanities, University of Kelaniya, 2021) Welgama, N. N.Teaching English to Young Learners (TEYL) is crucial as it helps students to recognize and learn the language at an early stage. The common problems encountered by teachers in TEYL are related to low motivation, negative attitudes, and lack of interest in learning the English language. As speaking is one of the most crucial skills to be developed in second language learners, the teacher must focus more on teaching strategies that would retain students’ motivation for active participation in language classrooms. The objective of this study is to investigate students’ perceptions on the teaching strategies implemented in their language classrooms, to determine to what extent the strategies have influenced their motivation on speaking English. The study population will comprise samples taken from two schools in Gampaha District. The study will primarily consist of three data collection tools: a questionnaire, classroom observations, and semi-structured interviews. Initially, the questionnaire will be given to all primary school English teachers. Thereafter, the researcher will conduct classroom observations for about 45-50 Grade 05 students from each school. Finally, ten students from each classroom will be chosen for the semi-structured interviews through the random sampling method. A mixed approach will be used to analyze the data. The questionnaires will be analyzed through SPSS. A qualitative data analysis approach will be executed by using content analysis to analyze the data, which will be gathered through semi structured interviews and classroom observation. The results of the study will reveal the opinions of the young learners as to what extent they are motivated to speak in the target language about the variety of teaching strategies implemented in the classroom. It will be useful for the teachers to get an understanding about the perceptions of the young students regarding the teaching strategies used to develop English speaking.Item කෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙෂ වෙස්මුහුණුවල බලපෑම සහ එහි සුවිශේෂතා(Faculty of Humanities, University of Kelaniya, 2021) දිල්රුක්ෂි, ඩී. පී. එස්. කේ.ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ජන නාටක අතරින් කෝලම් ජන නාටකය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි බෙන්තර, අම්බලන්ගොඩ, මිරිස්ස හා බස්නාහිර පළාත්හි හොරණ, හෝමාගම ආදි ප්‍රදේශවල ඉතා ජනප්‍රියව පවතී. අනෙකුත් සිංහල ජන නාටක අතරින් කෝලම් නාටකයෙහි සුවිශේෂතා වන්නේ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරෙන මූලික කතා වස්තුවකට අයත් නොවන හුදකලා චරිත රැසක් දැකීමට හැකි වීමත්, එහිදී පොදු මිනිස් චරිත හා සත්ත්ව චරිත මෙන්ම අතිමානුෂ චරිත හා විවිධ කාල්පනික නිර්මාණවලින් හෙබි පූර්ව සූදානමකින් යුක්තව සකසන ලද විචිත්‍රවත් කැටයම් සහිත වෙස්මුහුණු පැළඳ රංගනයෙහි යෙදීමත්යග එකී චරිත සභාගත කිරීමේදී හා චරිත රඟ දැක්වීමේදී විවිධ රංග උපක්‍රම යොදා ගැනීම මෙහිදී බහුලව සිදුවේග සාම්ප්‍රදායික ජනකතා, ජාතක කථා, පවත්නා සමාජ සිද්ධි ආදී වශයෙන් විවිධ තේමා මුල් කොටගෙන කෝලම් නාටකයෙහි ආකෘතිය පූර්ව රංගය සහ අපර රංගය ලෙෂ කොටස් දෙකකින් යුක්තව සකස් වී ඇත. කෝලම් ඉදිරිපත් කිරීමේදී එහි සංවාද සහිතව කිසියම් කථා පුවතක් ගෙනහැර දැක්වීමද මෙහි සිදුවේ. දිවයිනේ අනෙකුත් ජන නාටකවල දක්නට නොලැබෙන සුවිශේෂ ලක්ෂණ මෙම නාටකය තුළ ගැබ්ව ඇති අතර ඊට හේතුවී ඇත්තේ විවිධත්වයෙන් යුතු වෙස්මුහුණු භාවිතයද යන්න සොයා බැලීම මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ කෝලම් නාටකයෙහි රංග උපක්‍රමයක් ලෙස වෙස්මුහුණු භාවිතය මඟින් ලැබී ඇති දායකත්වය කෙසේද යන්න විමසා බැලීමයිග දැනට ලියැවී ඇති මූලාශ්‍රය සාධක, සම්මුඛ සාකච්ඡා, ක්ෂේත්‍ර අධ්‍යයනය, ප්‍රශ්නාවලි, සහභාගීත්ව නිරීක්ෂණ මෙන්ම වීඩියෝපට මඟින් ලබා ගත් දත්ත ඉහත අරමුණු විශ්ලේෂණය කිරීම සඳහා සාදක වශයෙන් උපයෝගී කර ගැනුණිග පර්යේෂණයේදී හඳුනා ගන්නා ලද දත්ත අනුව පූර්වෝක්තව සඳහන් කළ ප්‍රධාන රංග උපක්‍රමයක් ලෙස වෙස්මුහුණුවල භාවිතයත්, වෙස්මුහුණු යොදා ගැනීම තුළින් එකී සුවිශේෂ ලක්ෂණ කෙරෙහි ඉමහත් පිටුබලයක් ලැබී ඇති බවත් නිගමනය වේ.Item Towards a Universal Design: A Needs Analysis for an English Curriculum for the Visually Impaired Learners in the Faculty of Humanities, University of Kelaniya(Faculty of Humanities, University of Kelaniya, 2021) Amunugama, A. M. W. D. G. K.Inclusive Education was introduced to Sri Lanka in 2003 and enables the inclusion of visually impaired learners in mainstream classes. Thus, it is essential to address the needs of learners with disabilities of all levels to allow them study alongside the learners without disabilities, in language learning classrooms. The Universal Design for Learning is a set of principles that helps design curriculums in which every individual learner involved can benefit. This study aims to provide visually impaired learners of University of Kelaniya with an opportunity to voice their needs when making adjustments to the English for Humanities course curriculum. The study will follow an exploratory research design to identify, explain, and analyse the data. The needs of the tertiary level visually impaired learners will be gathered through needs analysis, which will be conducted as interviews. Seven visually impaired learners, two English as a Second Language teachers of the visually impaired learners, two course coordinators, an expert in the field of education for visually impaired learners will be interviewed. The thematic analysis method will be used to analyse the data of the study. The collected data will be used to explore the needs of the visually impaired learners. Additionally, the findings of the study will propose changes to the learning materials and their alternatives, assignments and other learning facilities related to the English for Humanities curriculum of University of Kelaniya, by following the curriculum designing principles of the Universal Design for Learning framework. The study intends to increase awareness among curriculum designers regarding the needs of the tertiary level visually impaired learners and how they could incorporate the needs of the visually impaired learners when developing an English curriculum.Item පුද්ගල සන්තානගත ශෝක කළමනාකරණ විෂයෙහි බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව: සොකසල්ලහරණ හා විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින්(Faculty of Humanities, University of Kelaniya, 2021) ලේඬියංගල, සුමිත්තානන්ද හිමිශෝකය දැඩි චිත්ත පීඩා ගෙන දෙන්නකි. පුද්ගලයා දවන, දුකට පත් කරන, එදිනෙදා ජීවිතයට බාධා ගෙන දෙන, පුද්ගල සන්තානගත ශෝකය නිසි අයුරින් කළමනාකරණය කරගත නොහැකිව අද්‍යතන සමාජය මුහුණ පා ඇති ගැටලු විසඳා ගැනීම පිණිස බෞද්ධ මනෝවිද්‍යාත්මක ශෝක කළමනාකරණ ක්‍රම පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ මුණ්ඩරාජ වග්ගයේ සෝකසල්ලහරණ හා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ විතක්කසණ්ඨාන යන සූත්‍ර ද්වයට අදාළව පුද්ගල සන්තානගත ශෝකය කළමනාකරණය සඳහා බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව කෙබඳුද යන්න මෙහි පර්යේෂණ ගැටලුවයි. ඒ අනුව එම සූත්රද්වයෙහි පැනෙන බෞද්ධ මනෝවිද්‍යාත්මක ශෝක කළමනාකරණ ක්‍රම විශ්ලේෂණාත්මකව මෙහිදී අධ්‍යයනය කර ඇත. සෝකසල්ලහරණ සූත්‍රයට අනුව මුණ්ඩරාජ රජතුමා සිය භද්‍රා දේවියගේ මරණය නිසා ඇතිවෙන ශෝකය නිසාවෙන් සිය කෑම-බීම-නෑම යනාදී දෛනික පුරුදුද අමතක කරමින් රාජ්‍ය පරිපාලන කටයුතුද අක්‍රමවත්ව පවත්වා ඇත. එම සිදුවීම විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ මුණ්ඩරාජ රජු ව්‍යාධි වියෝ දුකින් පෙළුණු බවයි. අවසන නාරද මහරහතුන් වහන්සේ විසින් රජු තුළ ප්රජානනාත්මක සංස්කරණයක් සිදු කොට ඇති බව අනාවරණය වේ. එසේම විතක්කසණ්ඨාන සූත්රාධ්යයනය තුළින් පෙනී යන්නේ මෙබඳු මනෝ ව්‍යාධීන්වලින් පෙළෙන්නවුන් සුවපත් කිරීම සඳහා භාවිත කළ හැකි මනෝ චිකිත්සක ප්‍රතිකර්ම ප්‍රවේශ පහකි. වෙනත් කුසල සහගත අරමුණකට සිත යෙදවීම, එම සිතිවිල්ලෙහි ආදීනව මෙනෙහි කිරීම, එම සිතිවිල්ලට අවධානය යොමු නොකර සිටීම, එම සිතිවිල්ල ඇති වූයේ ඇයිදැයි ආපස්සට සිතීම, කායික ශක්තිය ගෙන එම සිතිවිල්ල දතින් දත ඝටා දිවින් තල්ල පෙළා දැඩි වීර්යයෙන් පහ කිරීම යනු ඒ පඤ්ච ප්රවේශයෝය. විරහ වේදනාවෙන් මිදීමට ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිතය, අසාමාන්‍ය චර්යා, සිය දිවි නසා ගැනීම ආදියට පෙලඹෙන බවක් දැක ගත හැකිය. වියෝ දුකින් මිදීමට නිසි ක්‍රමවේද නොදත් තරුණ, මහලු ජීවිත අසාමාන්‍ය චර්යා නිසා තම වටිනා ජීවිත පවා අහිමිකරගත් බවට සමාජයෙහි සාක්ෂ්‍ය සුලභය. මානසික පීඩනය, විසාදය, වියෝ දුක වැනි මනෝරෝග සඳහා ඉහත දැක්වූ බෞද්ධ මනෝප්රතිකර්ම භාවිත කරමින් මානසික සහනය හා සුවතාවය ළඟාකර ගත හැකි බව මෙම අධ්‍යයනයෙන් පෙනී යයි.Item කුරසෝවා අකිරා හා යසුජිරෝ ඕෂු යන ජපන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ තාක්ෂණික සිනමා භාවිතය හා සිනමා රීතීන් පිළිබඳ විමසුමක් - චිත්‍රපට කිහිපයක් ඇසුරෙන්(Faculty of Humanities, University of Kelaniya, 2021) සඳරුවන්, එල්. ජී. එස්. යූ.; පමෝදා, කේ. වී. ධනේශි; දිසානායක, ඩී. එම්. දනුෂි නවෝදාශිෂ්ටාචාරයේ සමාරම්භයේ සිටම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම කලාවන්ගෙන් උකහාගත් ලක්ෂණයන් කැටි කරගත් ලෝකයේ පවත්නා ප්‍රබලම කලා මාධ්‍යය බවට පත්ව ඇති සිනමාපට ලොවට දායාද වී මේ වන විට සියවසකට වඩා කාලසීමාවක් ගතවී ඇත. සිනමාපට එයටම සුවිශේෂ වූ අනන්‍යතා ඇති කර ගනිමින් 1890 දශකයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වීම සිදු විය. සෙන් බුදු දහමින් හා ෂින්තෝ ආගම මඟින් හික්ම වූ ආසියාවේ ප්‍රබලම රාජ්‍යයක් සේ සැලකෙන ජපානයට චිත්‍රපට කලාව අත්විඳීමේ භාග්‍ය හිමිවන්නේද සිනමාවේ මුල් අවධියේදීමය. කබුකි නාට්‍යයන්වල ඇතැම් කොටස් රූගත කිරීමෙන් ජපානයේ පළමු චිත්‍රපටය බිහි වූ අතර එය ජපන් සිනමාවේ ඓතිහාසික සන්ධිස්ථානයකි. ඒ අයුරින් බිහි වූ ජපන් සිනමාවේ මහා සිනමාවේදීන් වන කුරසෝවා අකිරා, යසුජිරෝ ඕෂු නිර්මාණකරුවන්ගේ සුවිශේෂ දායකත්වය මෙන්ම ඔවුන්ගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණයි. මෙහිදී කුරසෝවා අකිරා ඔහුගේ නිර්මාණ මුවහත් කර ගැනීම සඳහා බටහිර සිනමාව යොදාගත් අතර යසුජිරෝ ඕෂු බටහිර සිනමා සිත්තම් මඟින් ගත් ආභාසය දේශීය ජපන් සිනමාවේ පිළිබිඹු කිරීමට උත්සාහ කරන ලදී. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත මෙන්ම තෘතීය දත්තද භාවිත කරයි. ප්‍රාථමික දත්ත සපයාගැනීමේදී අදාළ සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා කෘති පරිශීලනයෙන් හා සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් තොරතුරු සපයාගත් අතර, ද්විතීයික දත්ත ලබාගැනීමේදී දේශීය මෙන්ම විදේශීය ග්රන්ථ, වාර සඟරා පරිශීලනය කරන ලදී. තෘතීයික දත්ත සපයා ගැනීමේදී මූලික වශයෙන්ම අන්තර්ජාලය හා පුවත්පත් ඒ සඳහා භාවිත කෙරිණ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේද වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ශාස්ත්‍රවේදී විශේෂ උපාධියේ තෙවන වසර සහ සිව්වන වසර සිසුන් 100ක නියැඳියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මඟින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. තෝරාගත් සිනමා කෘති කිහිපයක් ඇසුරෙන් අදාළ සිනමාකරුවන් දෙදෙනාගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් තුලනාත්මකව සංසන්දනය කිරීම මෙහි අරමුණ වේ.Item 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාව පිළිබඳ විමසුමක්(Faculty of Humanities, University of Kelaniya, 2021) සඳරුවන්, එල්. ජී. එස්. යූ.සාහිත්‍යය, සංගීතය, නර්තනය, චිත්‍ර යනාදි සියලුම කලා මාධ්‍යන්ට වඩා සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස කලා විචාරකයෝ හඳුන්වති. එය කර්මාන්තයක් වන අතරම සමාජයේ විවිධ ක්ෂේත්‍ර විදහාපාන කැඩපතකි. ලෝකයේ සිනමාව නම් කලා මාධ්‍යයට ඇත්තේ වසර 100ක තරම් කෙටි ඉතිහාසයකි. ලෝකයේ අනෙකුත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව විමසීමේදී එය සතුව ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයක් බව පැහැදිලිය. එම සිනමා ව්‍යාපාරය තුළ මතු වූ ප්රබලතම සහ පුරෝගාමී මැදිහත් වීමක් සේ ඩොග්මේ සිනමාව හඳුන්වාදිය හැකිවන්නේ එම සිනමාව තුළ වූ මතවාදී හා ප්‍රායෝගිකත්වය හැඩය සුවිශේෂ වන බැවිනි. පෙරටුගාමී සිනමා ව්‍යාපාරයක් ලෙස සැලකෙන මෙම සිනමා ශෛලිය ඉංග්‍රීසි භාෂාවේදී Dogm f,i;a" ලෙසත්, ඩෙන්මාර්ක් භාෂාවෙන් Dogme ලෙසත් සම අරුත් ගන්වයි. මෙම ඩොග්මේ සිනමාව එවකට සමස්ත සිනමාවම මුහුණ දෙන නිශ්චිත ප්රවණතාවන් හා අභියෝගයන් හඳුනාගනිමින් ඒ කෙරෙහි මුහුණ දිය යුතු ස්වභාවය හඳුනාගනිමින් හා එය විග්‍රහකරමින් ප්‍රායෝගිකව භාවිත වන්නට විය. මෙම 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාවේ සංවර්ධනය, අරමුණු, නීති, නිර්මාණකරුවන් මෙන්ම එම සිනමා ශෛලියේ අවසානයද කලා කෘති කිහිපයක් ඇසුරෙන් මෙම පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීම මෙහි අරමුණයි. ඩොග්මේ සිනමාවේ ඉහත දැක්වූ කරුණු සාකච්ඡා කිරීමට The Celebration, The Idiots, Lovers, Julien Donkey Boy චිත්‍රපට උපයෝගී කරගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික මූලාශ්‍රය ලෙෂ ඩොග්මේ 95 ප්රකාශනය සහ කන්‍යාභාවයේ දිවුරුම (Vow of Chastity) නම් සුප්‍රකට ලියවිලි යොදා ගන්නා අතර ද්විතීක මූලාශ්‍රය ලෙස විෂය ක්ෂේත්රයට අදාළ ග්රන්ථ, තෘතීය මූලාශ්‍රය වශයෙන් පුවත්පත් හා අන්තර්ජාලය භාවිත කෙරේ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේදයන් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී විශේෂවේදී උපාධියේ පළමු වසර මෙන්ම දෙවන වසර සිසුන් 100 නියැදියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මගින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. කලාව යනු විශ්වීය භාෂාවක් වේ. ඩොග්මේ සිනමාව මගින් මිනිසාගේ හුදු රසාස්වාදයට වූ බලපෑම තුලනාත්මකව තක්සේරු කරලීම මෙහි ප්‍රධාන අරමුණයි.