NRCASS 2020
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/22377
Browse
2 results
Search Results
Item ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්ධනය වීම සහ ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Sewwandi, H.L.A.M.රටක වැදගත්ම සම්පත මානව සම්පතයි. ඕනෑම රටක හෝ සමාජයක වයස්ගත ජන සංඛ්‍යාව වර්ධනය වීම, එම රටේ සමාජ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත්තද එම වයස්ගත ජනගහනයේ වර්ධනය ඒ ඒ සමාජයට වාසිදායක මෙන්ම අවාසිදායක විය හැකිය. රටක ජනගහනය වියපත් වීම යනු ජන සංඛ්‍යාවෙහි වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජන සංඛ්‍යාවට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යාමයි. රටක ආර්ථික වර්ධනය රඳා පවතින්නේ සියලුම වයස් මට්ටම්වල ජනගහනයෙහි ප්‍රමාණය මතයි. නමුත් වර්තමානය වන විට රටේ වයස්ගතවූවන්ගේ ප්‍රතිශතය මුළු ජන සංඛ්‍යාවට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබේ. මෙම අධ්‍යයනයෙහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්ධනය වීම හා ආර්ථිකයට ඇති කරනු ලබන බලපෑම අධ්‍යයනය කිරීමයි. 1964 දී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 5.9% ක් විය. 1981-2011 කාල පරිච්ඡේදය තුළ වියපත් ජනගහනය දෙගුණයක් විය. එමෙන්ම 2041 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 27.8% ක් වන බව පුරෝකථනය කර ඇත සංවර්ධනය වෙමින් පවතින රටවල වියපත් ජනගහනයෙහි ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධක වන්නේ ප්‍රබල සෞඛ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ආයු අපේක්ෂාව වර්ධනය වීම නිසා මර්ත්‍යතාවය පහළ බැසීම, පවුල් සැලසුම් ක්‍රම වර්ධනය වීම හේතුවෙන් සඵලතාවය පහළ බැසීම හා සංක්‍රමණයි. මෙම අධ්‍යයනය ද්විතික දත්ත උපයෝගි කරගනිමින් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා මඟින් ලබා ගත් කාලශ්‍රේණි දත්ත මේ සඳහා උපයෝගී කොටගෙන ඇත. දත්ත විශ්ලේෂණයෙන් පසු එළඹිය හැකි නිගමනය වන්නේ ලංකාවේ වයස්ගත ජනගහන වර්ධනය දළ දේශීය නිශ්පාදනය කෙරෙහි ඝෘණාත්මකව බලපෑම් එල්ල කරන බවයි. එමෙන්ම ජනගහනය වියපත් වීම නිසා ශ්‍රම බලකා සහභාගිත්වය අඩු වීම, යැපුම් අනුපාතය වැඩි වීම, ඵලදායිතාවය අඩුවීම, ඉතුරුම් අනුපාතය අඩු වීම හා සමාජ සුබසාධනය සඳහා රජයේ වියදම වැඩි වීම වැනි බරපතල ආර්ථික ගැටලු රට තුළ වර්ධනය වේ. එමෙන්ම මෙම ආර්ථික බලපෑම අවම කිරීම සඳහා නිපුණතා වැඩි දියුණු කිරීම මඟින් වයස්ගත ජනගහනය ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදවීම, වයස්ගත වූවන් රැක බලා ගැනීමේ අංශයෙහි නිපුණතා වැඩි දිය ුණු කිරීම හා විශ්‍රාම සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග යෝජනා කළ හැකිය.Item Contribution of the major sectors of Sri Lankan Economy(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Sewwandi, H.L.A.M.The Economy of Sri Lanka mainly depends on three major sectors which are agriculture, industry and services that are highly contributing to the Gross Domestic Product (GDP). GDP is the market value of all officially recognized final goods and services produced within a country in a year, or over a given period of time. The main objective of this research is to study the contribution of major sectors such agriculture, industry and services to the economic growth of Sri Lanka. The data is secondary time series of all the variables and taken over the duration of 2005-2019. This data is approximately 15 years past. Main source of data is Central bank of Sri Lanka and Department of census and statistics. Moreover, for drawing useful inference from the available secondary data, the statistical tools and test like correlation analysis and multiple regression analysis have been used to analyze these data using SPSS and Excel. Finally, the study concludes that there is significant difference among the performance of the three sectors with regard to GDP contribution in the period 2005- 2019. There is higher positive degree of correlation between three major sectors and GDP growth rate of Sri Lanka. Each one-unit increase in Agriculture growth rate is associated with 0.847 unit increases in GDP growth rate, holding all other variables constant. Each one-unit increase in industry growth rate is associated with 0.189 unit increases in GDP growth rate, holding all other variables constant.